IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කොවිඩ් වසංගතයේ නවතම හෙළිදරව්ව

වසර කිහිපයක් මුළුල්ලේ සිටම කොවිඩ් -19 වසංගතය හා අපි ඔට්ටු වීමු. ආසාදිතයන් සේම පුද්ගල මරණ අනුපාතයද ඉහළ දමමින් වරින් වර වසංගතය අඩු වැඩි වෙමින් පැවැතිණි. කොවිඩ් වසංගතයේ පාලනය උදෙසා  සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍ය පුරුදු හඳුන්වා දුන් අතර මර්දනයේ එක් පියවරක් ලෙස වරින් වර රට අගුලු ලැවිණි. කෙසේ වුවද සෞඛ්‍ය පුරුදුවලට අනුගත වීමත් ,ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමත් මත කොවිඩ් -19 මර්දනය පහසු විය. 

එහෙත් පසුගිය කාලයේදී නැවතත් ජපානය, චීනය, ඇමරිකාව ඇතුළුව රටවල් කිහිපයකින් කෝවිඩ් 19 වැළඳුණු පුද්ගලයින් හමු වීමේ  යම් වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය. ඒ සමඟම අපේ රටේද  ඒගැන යම් කතිකාවක් මතු විණි. 

විද්‍යාත්මක පදනමින් එපිටට ගිය සැබෑ දත්ත පදනම් කර නොගත් මිත්‍යා පුවත්වලට අත්තටු ලැබුණහොත් අසුරු සැණින්  ඒවා සමාජගත වීමටත් ඉන් විශාල හානියක් සිදු වීමටත් පුළුවන. සමාජයේ කොවිඩ් -19 ගැන අනිසි බියක් පැතිර යාමටත් එමගින් රටේ දැනට පවත්නා ආර්ථික සහ සමාජයීය ගැටලුකාරී තත්ත්වය තවත් උග්‍ර වීමටත් හැකිය.  එවන් පසුබිමක, ලෝකයේ කෝවිඩ් 19 පැතිරීමේ ප්‍රවනතාව කෙබඳුද?, ලංකාව තුළ යළිත් වරක් කෝවිඩ් 19 වසංගතයක් ලෙස පැතිරී යාමේ අවදානමක් තියෙනවද? ,ඉන් වැළකී සිටීම සඳහා අප කළ යුත්තේ කුමක්ද, යන්න පහත ලිපියෙන් අනාවරණය කෙරේ. 

2022 දෙසැම්බර් මාසයේ ලෝක මට්ටමේ දත්ත දෙස බැලීමේ දී  සමස්ත කොවිඩ් -19 රෝගීන්ගේ සුළු වැඩි වීමක් ඇතත්, බටහිර පැසිෆික් සහ ඇමරිකානු කලාප හැර අනෙකුත් සියලූම ප්‍ර දේශවල රෝගීන්  වාර් තා  වීමේ    පහළ යෑමක් දකින්නට ලැබේ. වසංගත රෝග විද්‍යා අංශයට අනුව ලංකාවේ කොවිඩ් රෝගීන් ො දෙසැම්බර් මාසයේ සිට  ඊට පෙර මාසවලට වඩා අඩුවෙන් හමු වූ බව නිවේදනවල දැක්වේ.

වයිරස ප්‍ර භේද ගැන කතා කළහොත්  තවමත් ලොවපුරාම ප්‍රධාන ලෙස පැතිරෙමින් පවතින්නේ ඔමික්‍රෝන් ප්‍ර භේදයමයි.  එහි අනු ප්‍රෙභ්දයක් වන B.F.7 , චීනය හා ජපානය ආශ්‍රිතව මෑතක දී වැඩි වශයෙන් පැතිර යාම ජනමාධ්‍යවල දැඩි අවධානයට ලක් විණි.. මෙය පෙර පැවති ඒවාට වඩා කාර්‍යක්ෂමව පැතිරෙන බවට සාධක ඇතත්, එය පෙර පැවති කොවිඩ් -19 වයිරස් ප්‍ර භේදවලට  සාපේක්ෂව වැඩි වශයෙන් බරපතළ තත්ත්ව හෝ මරණ ඇති කිරීමට හේතුවනවාද , නැතිද , යන්න නිශ්චිතව පැවසීමට තරම් දැනට ඇති දත්ත ප්‍රමාණවත් නොවේ.. එක්සත් ජනපදය ආශ්‍රිතව  පැතිරෙමින් පවතින XBB.1.5 උප විශේෂය පිළිබඳව ඇති තොරතුරුත් මෙයට සමානයි.

කොවිඩ් - 19 වසංගත ව්‍යාප්තිය  ඉතා හොඳින් පාලනය කරගැනීමට අපේ රට ඇතුළුව ලොව බොහෝ රටවල් සමත් වී ඇත. ඒ වුවද තවත් වසර ගණනාවක් යනතෙක් කොවිඩ් අවධානම මුළුමනින්ම පාහේ නැති වෙතැයි කිව නොහැකිය. ලෝකයේ ඕනෑම තැනකින් නව කොවිඩ් - 19 වයිරස ප්‍ර භේදයක්  හෝ දැනට ඇති ප්‍ර භේදයකම  අනු ප භේදයක් හෝ මතු වීමට පුළුවන. එවැන්නක් ඇති වුවහොත් අප රටේ එය පැතිරීමේ අවදානම  වලක්වා ගැනීම ප්‍රායෝගිකව අපහසු කටයුත්තක් බව දෙස් විදෙස් අත්දැකීම් අනුව ඉතා පැහැදිලිය.  මෙවැනි අලුතෙන් ඇතිවන විකෘති ප්‍රෙභ්ද හානිකර බවෙන් වැඩි වීමට මෙන්ම ඇතැම්විට හානිය අවමවීමටත් හැකියාව ලැබේ. 

මේ අවදානමට මුහුණදීමට රටේ සමස්ත ජනතාව තුළ ඉහළ ප්‍රතිශක්තිකරණ   මට්ටමක් පැවතිය යුතුය. ඔමික්‍රෝන්  අපේ රටේ පැතිර යාම ඇරැඹූ විට ඊට ඉතා හොඳින් මුහුණ දීමට අපට හැකියාව ලැබුණේ ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිශක්තියක්  අප සතු වූ නිසාය. එය ජනතාව විසින් එන්නත්කරණය මගින් කඩිනමින්  ළඟා කරගෙන තිබීණි. ඒ අනුව මේ මොහොතේදීත්   ඔබගේ එන්නත්කරණ තත්ත්වය යාවත්කාලීන කරගැනීමට ඔබ අදාල ප්‍රෙද්ශයේ  සෞඛ්‍ය ෙවෙද්‍ය  නිලධාරී කාර්‍යාලය මඟින් පහසුකම් සලසා ඇත.

එයට අමතරව ඔබ හොඳින්ම දන්නා සෞඛ්‍ය  පුරුදු ව පුද්ගල දුරස්ථභාවය රැක ගැනීම, නිතර දෑත් පිරිසුදු කරගැනීම සහ ඇස් / නාසය/ කට ස්පර්ශ කිරීමෙන් වැළකීම, කැස්ස සහ කිවිසුම් පිට කිරීමේ දී වැළමිටෙහි ඇතුලු පැත්ත හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම සහ මිනිසුන් ගැවසෙන ස්ථානයකට යනවිට (විශේෂයෙන්ම ශ්වසන රෝග ලක්ෂණ ඇති අය) මුහුණු ආවරණයක් භාවිත කිරීම පිළිපැදීම තව දුරටත් අවශ්‍ය කෙරේ. 

කොවිඩ් - 19 පමණක් නොව ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු නොයෙකුත් බෝවන ශ්වසන රෝවලින් අප ආරක්ෂා කිරීමට ඉහත කී සෞඛ්‍ය  පුරුදුවලට හැකියාව ඇත. 

එමෙන්ම    නිධන්ගත රෝගවලින් පෙළෙන, වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයින් සහ ගර්භණී මවුවරුන් ශ්වසනාබාධ තත්ත්ව ආදියේදී  කඩිනමින් වෛද්‍ය  උපදෙස් ලබාගැනීම සුදුසුයි. 

පවත්නා තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටීම යහපත් වුවත් ,අනවශ්‍ය ලෙස බියට පත් වීම අවශ්‍ය නොවන අතර තව දුරටත් සෞඛ්‍ය පුරුදුවලට අනුගත වීම උචිතය.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු අනුව සැකසිණි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කොවිඩ් වසංගතයේ නවතම හෙළිදරව්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1450 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site