IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


එක්තැන් වූ රෝගියකුව බලාගන්නේ මෙහෙමයි

පුද්ගලයෝ වයස්ගත වීමත් සමඟ විවිධ රෝගාබාධවලට ගොදුරු වෙති. ඉන් ඇතමකු විවිධ සංකූලතා නිසාවෙන් ඇඳටම සීමා වෙති. එක්තැන්වූ එවන් රෝගියකුට ප්‍රතිකාර කරන අතරතුරදී ඔවුන්ව රැක බලා ගැනීම නිවැසියන් වෙත පැවරේ. එබඳු විටෙකදී ඔවුන්ව රැක බලා ගන්නේ කොහොමද කියන කාරණය ලිපියේ නිමිත්තයි.

එක්තැන්වූ රෝගියකුව රැක බලා ගැනීම සංකීර්ණ නොවන නමුත් එය සිදු කළ යුත්තේ රෝගියාට පීඩාවක් සේම නිවැසියන්ටද අනවශ්‍ය පිඩනයක් නොවනාකාරයටයි. රෝගියාගේ ආවතේවකරුට මූලිකව තිබිය යුත්තේ ඉවසීමයි. ඇඳටම සීමා වූ රෝගියකුට වෙලාවට බේත් හේත් සේම රෝගියාව පිරිසුදුව තිබීමත් අත්‍යවශ්‍යය.

එක් ඉරියව්වකින් දිගු කලක් හිඳීම නිසා අධික උෂ්ණත්වය, දහදිය හමුවේ රෝගියාට දැඩි අපහසුතාවක් ඇතිවිය හැකිය. මෙවන් අවස්ථාවලදී ‘ඇඳ වණ‘ වැනි තුවාලවලට රෝගියා පහසුවෙන් ගොදුරු විය හැකි බැවින් ඉන් මුදවා තැබීමට අවශ්‍ය පියවර ගත යුතුය. ඒ සඳහා පැය 02න් 02ට රෝගියාව මාරුවෙන් මාරුවට දකුණු ඇළයටත් වම් ඇළයටත් හරවා තැබීම සුදුසුය.

රෝගියාගේ කාමරයේ නිරන්තර පවිත්‍රතාව සේම මනාව හිරු එළිය,වාතාශ්‍රය ලැබිය යුතු වේ. තවද රෝගියාගේ ඇඳුම් පවා දිනපතාම පිරිසුදු ඒවා විය යුතුය. මේ සියලුම දෑ රෝගියාගේ පහසුව සහ සනීපාරක්ෂාව වෙනුවෙන් විය යුතුය. රෝගී පුද්ගලයා භාවිත කරන ඇඳ ඇතිරිලි, තුවා සේම පොරෝනාද දිනපතාම පිරිසුදු කිරීමට වග බලා ගන්න.

එක්තැන්වූ පුද්ගලයකුගේ මානසික සෞඛ්‍යය නඟා සිටුවීමද අවශ්‍ය කෙරේ. ඇඳටම සීමා වූ පුද්ගලයකුගේ ලෝකය කාමරයේ බිත්ති 4ට සීමා නොවිය යුතු වේ. ඒවගේම රෝගී පුද්ගලයා සමඟ දවසින් සුළු වේලාවක් හෝ කතා බහ කිරීමට කාලයක් වෙන්ව තිබීම, ඔහු කතා කරන විට ඇහුම්කන් දීම වැනි පියවර අනුගමනය කළ හැකිය. වෙදකමේ සේම හෙදකමේ අගයද දැණෙනුයේ එවිටය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

එක්තැන් වූ රෝගියකුව බලාගන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1450 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site