අපේ රටේ දැනට පවතින ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ, දරුවන්ගේ පෝෂණය ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීමට සිදුව ඇත. විශේෂයෙන්ම වර්ධනය වේගවත් කුඩා දරුවන්ට, වයසට සරිලන නිසි පෝෂණයක් නොලැබුණහොත් ඔවුන් උරුම කරගත් උපරිම වර්ධන සීමාවන්ට ළඟා වීමට නොහැකි වීමට ඉඩ තිබේ.
ඒවාගේම පෝෂණ ඌනතා නිසා හටගන්නා රෝගාබාධවලට ලක්වීමේ අවදානමකුත් පවතී. මේ කරුණු සැලකිල්ලට ගනිමින් මේ එළැඹ ඇති ඔක්තෝබර් මාසය "පෝෂණ මාසය" ලෙස නම් කොට ඇත. මෙහිදී විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කොට තිබේ.
දරුවකුගේ පෝෂණ මට්ටම ප්‍රශස්ත තත්ත්වයේ පවත්නා බවට තහවුරු කර ගැනීමට යොදා ගන්නා මූලිකම මිනුම් වන්නේ දරුවාගේ උස සහ බරයි. මෙම ඔක්තෝබර් මාසය තුළ දී වයස අවුරුදු පහට අඩු සියලුම දරුවන්ගේ බර සහ උස/දිග මැන සටහන් කිරීමටත්, වයසට අදාළව වර්ධන තත්ත්වය ප්‍රමාණවත් දැයි තක්සේරු කිරීමටත් මේ වනවිට සැලසුම් කර තිබේ. කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත හදිසි පෝෂණ වැඩසටහ සඳහා මෙම දත්ත ඉතා වැදගත් වනු ඇති.
මෙම සමීක්ෂණ ක්‍රියාවලිය මෙවරද වෙනත් වසරවල පෝෂණ මාසවල මෙන් වයස අවුරුදු පහට අඩු මිලියන 1.5 ක් වූ සමස්ත දරු පිරිසම සම්බන්ධ කරගැනීම මගින් ඇරැඹේ. එමෙන්ම, මෙම සමීක්ෂණය සිදුවන්නේ වසර පුරාවටම ක්ෂේත්‍රයේදී සිදු කෙරෙන උස/ බර මැනීමේ කාර්යයට අමතරවයි.
ඔබ දරුවාගේ වර්ධනය (උස /බර) මැන බලන්නේ පුද්ගලික සෞඛ්‍ය ආයතනයකින් වුවත් හැකි නම් මේ මාසයේ ඒ සඳහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය වෙත යොමු වන්න. දැනටමත් එසේ උස හා බර මැනගෙන අවසන් නම් එම තොරතුරු ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වෙත ලබා දෙන ලෙසට සෞඛ්‍ය අංශ දන්වා සිටී.
දරුවාට වයස අවුරුදු පහට අඩු නම් , මේ මාසය ඇතුළත දී ඔබ අදාල ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් පවත්වන පෝෂණ මට්ටම ඇගැයීමේ වැඩසටහනට යොමු වන්න.
ඔබේ දරුවාගේ පෝෂණ මට්ටම සතුටුදායක නම් ඒ බව තහවුරු කිරීම හෝ එසේ නොවේනම්, ගැටලුවේ තීව්‍රතාව අනුව අදාළ උපකාර ලබාදීම සහ විශේෂ සායන වෙත යොමුකිරීම් සිදු කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතයි. වර්ධනය අඩු බවට හඳුනා ගන්නා දරුවන් යළි සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නා අතරතුරු දිගින් දිගටම ඔවුන්ගේ පෝෂණ මට්ටම පරීක්ෂා කරමින් අවශ්‍ය සේවාවන් ලබා දීමට ද අපේක්ෂිතයි.
වයස අවුරුදු පහට අඩු දරුවාට නිසි පෝෂණයක් ලැබේදැයි තක්සේරු කරගැනීමට ඔබට මේ මහඟු අවස්ථාව උපයෝගී වනු ඇත.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් විස්තර ඇසුරිණි)
-සටහන- මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවුරුදු 5ට අඩු දරුවන් සිටින ඔබට මේ පෝෂණ මාසයේදී පණිවුඩයක්