IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මී උණ පැතිරීමෙත් අවදානමක්

මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් ‘leptospirosis ‘ රෝගය මීයන්,ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයකි.

මෙම රෝගයම ‘ වෙල් උණ , පතල් උණ‘ යනුවෙන්ද හඳුන්වනු ලැබේ. ලෝකයේ නිවර්තන සහ අර්ධ නිවර්තන රටවලින් මී උණ රෝගීහු බහුලව වාර්තා වෙති. මෙය ‘ leptospirainterrogans ‘ නම් බැක්ටීරියාව ආසාදනය වීමෙන් හට ගැනේ.

මීයන් හෝ වෙනත් සතකුගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍ර මගින් ජලයට එකතු වේ. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග ,කානු, පතල්වල ජලයට මෙම බැක්ටීරියාව එකතු වී රැඳී තිබිය හැකියි.

බැක්ටීරියාව ශරීරගත වීම

ඉහතින් සඳහන් කළ ජලය රැඳෙන ස්ථානවලට එකතු වන මෙම බැක්ටීරියාව ශරීරයේ කැපීම්, සීරීම්, තුවාල හෝ ශරීර පටල ( ඇස් හෝ මුඛයේ) හරහා ද මිනිසාගේ සිරුරට ඇතුළු වේ.

රෝග ව්‍යාප්තියේ සුලබ කාලය

අපේ රටේ මුළු වසර පුරාම මී උණ රෝගීන් වාර්තා වුවද මාර්තු සිට මැයි දක්වාත් , ඔක්තෝබර් සිට දෙසැම්බර් මාස දක්වාත් රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කෙරේ. මෝසම් වැසි කාලය මෙන්ම යල – මහා කන්න ගොයම් වැඩ කටයුතුවල නිරතවන කාල වකවානුද මී උණ රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කෙරේ.

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීර ගතවී දින 02ත් 14ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවිය හැකියි. ඒ අනුව මතුවන සංකූලතා පහත දැක්වේ.

උණ

මස් පිඩු වේදනාව

ඇස් රතු වීම

හිසරදය

මුත්‍රා කහ පැහැ වීම

මුත්‍රා යාම අඩු වීම

වමනය

සිරුරේ අප්‍රාණිකත්වය

මී උණ රෝගය වැළඳුණ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ නොවේ.

මී උණ මාරාන්තිකද?

නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි. මෙම රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රිය පද්ධතිවලට හානි කිරීමට හැකියි. විශේෂයෙන් වකුගඩු, අක්මාව, පෙනහළු සහ හෘදය අකර්මණ්‍ය කරයි.

මී උණෙන් වැලකීම

♦ කුඹුරු, වගුරු බිම්, ඇළවල්, කානු සහ පතල් ආශ්‍රිත රැකියාවල නියැළෙන පුද්ගලයන්, ගං වතුර වැනි තත්ත්වයන්ට මුහුණ දෙන අයටත් රෝගය වැළඳීමේ අවදානම ඉතා ඉහළයි. එවැනි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැලකීම පිළිබඳව දැනුම්වත් වී සිටිය යුතු වේ.

♦ මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

♦ තුවාල ,සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වලකින්න. නොඑසේනම් එම තුවාල මනාව ආවරණය කර ගැනීමට උනන්දු වන්න.

♦ කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැලැක්වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයෙන් ලබා ගන්න.

♦ ප්‍රතිජීවක ඖෂධ නිසි කලට සේම නිසි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.

♦ ගං වතුර වැනි ආපදා තත්ත්ව පවතින කාල වකවානුවලදීද රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න.

♦ විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමේදී හෝ දිය නෑමෙන් පසු වුවද රෝග ලක්ෂණ මතු වේනම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මී උණ පැතිරීමෙත් අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site