IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


වසංගත කාලේ පැතිරෙන වයිරස් උණෙන් රැකෙමු

වසංගත කාලයකදී වරින්මේ වර ලෙඩ රෝග හිස එසවීමට හැකියි.එබැවින් මේ දිනවල කොවිඩ් සහ ඩෙංගු නොවන වෙනත් උණ රෝගී තත්ත්වයක් පැතිර යමින් පවතී. රුධිර පරීක්ෂාවලදී කොවිඩ් සහ ඩෙංගු නෙගටිවු වුවද මෙය ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් විය හැකියි. එසේත් නැත්නම් වයිරස් උණක් වීමට පිළිවන. උණ යනු රෝග ලක්ෂණයක් වන බැවින් දින 03කට වඩා උණ ගතිය පවතී නම් හැකි ඉක්මනින් සම්පූර්ණ රුධිර පරීක්ෂාවකට භාජන විය යුතුයි.

වර්තමානයේදී යළිත් වතාවක් කොවිඩ් සේම ඩෙංගු රෝගයද උත්සන්න වී යමින් පවතින මොහොතකදී වරින් වර වයිරස් රෝග මතුවීම සාමාන්‍ය දෙයකි.

පුද්ගලයකුට උණ ගැණුනු විගසින්ම එය කොවිඩ් හෝ ඩෙංගු රෝගය යැයි නිශ්චිතවම පූර්ව නිගමනවලට එළැඹීමටද නුපුළුවන. එසේ නොවේයැයි පැවසීමට හැකියාවක්ද නැත.මන්ද ඩෙංගු රෝගීන් වුවද ඇන්ටිජන් පරීක්ෂාවේදී කොවිඩ් පොසිටිව් වීමට පුළුවන. එසේම කොවිඩ් රෝගීන්ට වුවද ඩෙංගු වැළඳීමේ ප්‍රවනතාවක් පවතී.

රටේ පැවැති අධි වසංගත තත්ත්වය කැපී පෙනෙන ලෙස මර්දනය වී පැවැති අවස්ථාවකම යළිඳු වතාවක් කොවිඩ් තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කිරීම කනගාටුවට කරුණකි. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ ළමා රෝහලේ ස්ථාපිත කොවිඩ් ළමා වාට්ටු 03න්ම රෝගීන් 51 දෙනකු පමණ පසුගිය බදාදා වනවිට වාර්තා විණි. තවද බ්‍රහස්පතින්දා වනවිට සුව අතට හැරුණු රෝගීන් 18 දෙනකු පමණ නියමිත ප්‍රතිකාර අවසන් කොට රෝහල් නේවාසික ප්‍රතිකාර ලැයිස්තුවෙන් ඉවත් විණි.

දින 03කට වඩා පවතින උණ තත්ත්වය හේතුවෙන් රුධිර පරීක්ෂාවලට යොමු වූ රෝගීන්ගේ වාර්තා සමීක්ෂණයේදී කොවිඩ් නොවුණද බොහොමයක්ම ඩෙංගු තත්ත්වය බවට සනාථ වී ඇත. මේ අනුව කොවිඩ් සේම අප ඉදිරියේ ඇති ඩෙංගු අවදානමද දැඩි බවද මතක තබා ගත යුතුයි.

සාමාන්‍ය වයිරස් උණ තත්ත්වයක් නම් එය දින 03කට අඩු කාලයකදී පහව යන අතර කල් අල්ලා උණ ගතිය නොපවතී. කොවිඩ්, ඩෙංගු සේම වයිරස් උණකදී වුව වෛද්‍ය උපදෙස්වලට අනුගතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ භාවිතය, ස්ව අභිමතය පරිදි ඖෂධ වර්ග මාරු කිරීම සේම මාත්‍රාව වෙනස් කිරීමද නොකළ යුතුවේ.

වයිරස් උණ තත්ත්වයකදී වුව ලබා ගත හැකි එකම ඖෂධය වනුයේ පැරසිටමෝල් පමණි. එයද පැය 6න් 6ට නියමිත මාත්‍රාව නිසි පරිදි විය යුතුයි. වෛද්‍ය නිර්දේශය මත නියමිත මාත්‍රාවම පමණක් වීම අවධාරණය කෙරෙන අතර කුඩා දරුවකු නම් වයස සහ බර අනුව නියමිත මාත්‍රාව ලබා දිය හැකියි.

උණ රෝගියාට මූලිකවම අවැසි වනුයේ හොඳ විවේකයකි. ඝන ආහාර වෙනුවට දිරවීමට පහසු ආහාර, දියර ආහාර ලබා දීමට පුළුවන. එසේම මේ කාලය ඇතුළත පිරිසුදු ජලයද පානය කිරීමට ලබා දෙන්න. උණ රෝගියා වැඩිහිටි පුද්ගලයකු නම් රෝගී තත්ත්වය පවතින කාලය තුළ නිවසින් බැහැරට නොගොස් නිවසේම රැඳී හිඳීමට වගබලා ගන්න. කුඩා දරුවකු උණ තත්ත්වයෙන් පෙළේ නම් පාසල් , පෙර පාසල් නොයවා නිවසේ රඳවා ඇඳ විවේකය ලබා දෙන්න.

සුවපහසු පරිසරය, වෛද්‍ය උපදෙස් සේම මනා විවේකය රෝගියාට ලබා දීමෙන් රෝගී තත්ත්වය ඉතා ඉක්මනින්ම දුරුවී සුවපත් වීමට හේතුවක් වනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

වසංගත කාලේ පැතිරෙන වයිරස් උණෙන් රැකෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site