IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


සිරුරේ ඔක්සිජන් අඩු බව අඟවන ඉඟි

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලදාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා

ජීවිතය ජීවත් කරවන්නේ හුස්ම පොදයි. මේ හුස්ම අපි ලබා ගන්නේ ප්‍රධාන වශයෙන් නාසයෙන් වන අතර එය සමහරවිට මුඛයෙන්ද ලබා ගනී. අප බාහිරයෙන් ගන්නා හුස්ම ,ස්වසන මාර්ගය ඔස්සේ පෙනහලු කරා ගමන් ගනී.ඒවායේ ඉතා කුඩා කොටස් වන ගර්ථ දක්වා ගොස් අදාල රුධිර වාහිනියේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ අප හුස්ම මගින් ලබා ගත් ඔක්සිජන් වායු හුවමාරු වීමක් සිදු වේ. එහෙත් ශ්වසන රෝගවලදී පෙනහලුවලට ඇති වන බලපෑම නිසා ඔක්සිජන් හුවමාරුවට රෝග බාධාවකි.

කොව්ඩ් රෝගයේ බලපෑමත් පෙනහලුවලට නිසා ඔක්සිජන් හුවමාරුවට මෙය ඝෘජුව බලපෑමක් ඇති කරයි. එවිට ශරිරය තුළ ඔක්සිජන් ප්‍රතිශතය අවම වීම හෝ නොමැති වීමේ ලක්ෂණ මතු වීමට පටන් ගැනේ.

රුධිරයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීම ලක්ෂණ කිහිපයක් ඔස්සේ හඳුනා ගත හැකියි.එහෙත් මේ ලක්ෂණ වෙනත් රෝග අවධානමකදීත් දකින්නට පුලුවන්.

1. කෙටි කාලයක් තුළදී වැඩි වාර ගණනක් හුස්ම ගැනීම (ඉක්මනින් හුස්ම ගැනීම) - Shortness of Breath

2. ශරීරයේ ශක්තිය අවම වීම Lack of Energy- තමා හොදින් ආහාර පාන අරගෙන තිබුණත් ඇඟට පණ නැති කම

3.  නිතර ඈනුම් යාම - මෙයට වෙනත් කරුණූද බලපෑ හැකියි

4. රුධිර පීඩනය වැඩිවීම- ශරීරයේ විවිධ කොටස්වලට ඔක්සිජන් අඩු වන විට හදවත ඉක්මනින් රුධිරය පොම්ප කර එම ස්ථානය කරා යැවීමෙන් මෙම තත්ත්වය හට ගනී.

5. කරකැවිල්ල, ක්ලාන්තය -රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වන විට දැකිය හැකියි

6. මානසික ව්‍යාකූලත්වය

මේ දිනවල කොවිඩ් රෝගයත් සමඟම‘ Pulse Oxymeter ‘මීටරය ගැනත් බොහෝ දෙනා කතා කරනු ලැබේ. Pulse Oxymeter (පල්ස් ඔක්සිමීටර් ) යනු ඔබේ සිරුරේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම සඳහා වන ආක්‍රමණශීලී නොවන සහ වේදනා රහිත පරීක්ෂනණයකි.

කොවිඩ් ආසාදිත වැඩිහිටි පුද්ගලයන්ට සේම දරුවන්ටද මෙය එකසේ වැදගත් වනු ඇති.

එවන් උපකරණ නොමැති අය සහ එය මිලදී ගැනීමට නොහැකි අය එය අත්‍යවශ්‍ය ලෙස නෙසිතන්න.

එය මිලදී ගත් අය ඇත්නම් ඔබේ දැණුමට මෙය ඉදිරිපත් කරමි.

එය හදවතේ සිට පාදාන්තය දක්වා ගලා යන රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය වේගයෙන් හඳුනාගත හැකි උපකරණයකි.

එය භාවිත කරන ආකාරය...

පියවර 1: නිය ආලේපන හෝ ව්‍යාජ නියපොතු ඉවත් කර ඔබේ අත උණුසුම් කර ගන්න.

පියවර 2: ඔබේ මිනුම ගැනීමට පෙර අවම වශයෙන් විනාඩි 5 ක්වත් විවේක ගන්න.

පියවර 3: හෘද මට්ටමින් ඔබේ පපුව මත අත තබා නිශ්චලව තබා ගන්න

පියවර 4: පල්ස් ඔක්සිමීටරය ක්‍රියාත්මක කර ඔබේ මැද හෝ දබර ඇඟිල්ල ඒමත තබන්න.

පියවර 5: කියවීම ස්ථාවර වීමට කාලයක් ගත වේ, කියවීම ස්ථාවර නොවේ නම් අවම වශයෙන් මිනිත්තුවක් හෝ ඊට වැඩි කාලයක් ඔක්සිමීටරයේ ඇඟිල්ල තබා ගන්න.

පියවර 6: තත්පර 5 ක් වෙනස් නොවූ පසු ඉහළම ප්‍රතිඵලය වාර්තා කරන්න.

පියවර 7: සෑම කියවීමක්ම හොඳින් හඳුනා ගන්න

එය අවම මට්ටමක්නම් පවුලේ වෙනත් අයකුගේද පරීක්ෂා කර බලා නිවැරැදිතාව තහවුරු කර ගන්න. මේ වනවිට වෙළෙඳපොළේ ව්‍යාජ උපකරණද භාවිත වන බැවින් නිවැරැදිම උපකරණය තෝරා ගැනීම වැදගත් වේ.

පියවර 8: මූලික අවස්ථාවේ සිට පරීක්ෂා කිරීම ආරම්භ කර දිනකට තුන් වරක් හෝ පරීක්ෂා කරන්න. කොවිඩ් ආසාදිත දරුවන්ටද පසු රෝගී තත්ත්ව ආදියට අවදානමක් ඇති වන බැවින් දරුවන්ගේ වුවද දිනකට දෙතුන් වතාවක් ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලීමේ වරදක් නොමැත.

ඔබේ සෞඛ්‍යයේ වෙනසක් දැනෙනවා නම් ඔක්සිජන් ප්‍රතිශතය 95% ට වඩා අඩුනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

මෙවැනි උපකරණයක් නොමැති වුවද රෝගියා අවදානම් මට්ටමක පසුවන බවට පළවන ඉඟි කිහිපයකි. එනම් ඉක්මනින් සහ වේගයෙන් හුස්ම ගැනීම, සුළු වැඩක් කළද දැනෙන හතිය ගතිය උදාහරණ ලෙස දැක්විය හැකියි. මෙවන් සංඥා අවතක්සේරු නොකර වෛද්‍ය උපදෙස් ගන්න.

-සටහන- මාධවී ධර්මරත්න

 



අදහස් (2)

සිරුරේ ඔක්සිජන් අඩු බව අඟවන ඉඟි

fairoos Monday, 30 August 2021 07:48 PM

ඉතාම වැදගත්

:       1       25

RM Anura somasiri Tuesday, 21 September 2021 10:29 PM

ඉතාමත් වැදගත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 60 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site