
මේ දිනවල රට තුළ විවිධාකාර උණ රෝගී තත්ත්ව පැතිර යමින් පවතින බව අපට නිතර දකින්නට අසන්නට ලැබෙන පුවතකි. මේ තත්ත්වයට හේතුව එක් තනි රෝගයක් නොවන අතර පොදුවේ රෝග ලක්ෂණයක් ලෙස උණ පෙන්නුම් කරන රෝග කිහිපයක් ඇති වීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බව පෙනී යයි. ඉන්ෆ්ලුවෙන්සාව, ඩෙංගු සහ තවමත් පහව ගොස් නැති කොවිඩ් -19 වැනි නොයෙකුත් රෝගවල මූලික ලක්ෂණයක් ලෙස උණ තත්ත්වය ඇති වේ.
එහෙත් බොහෝ දෙනාට එතරම් සංකූලතා නොමැතිව සුවය ලැබෙන එවන් උණ රෝග ගැබිණි මවකට වැළඳීම අවදානමකට අත වැනීමකි. මන්ද යත්, ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගවල සංකූලතා නිසා 2018 වසරේ පමණක් මාතෘ මරණ 41ක් සිදුව ඇත.. ගැබිණි මවක් යම් හෙයකින් කොවිඩ්-19 තත්ත්වයට ගොදුරු වුවහොත්, තත්ත්වය බරපතළ වීමත් කුස තුළ සිටින දරුවාට පවා සංකූලතා ඇති වීමටත් වැඩි ඉඩක් ඇති බව ඔබ මේ වනවිට දැනුම්වත්ව ඇත. එබැවින් උණ රෝගවලින් වැලකී සිටීමටත් ගත යුතු පියවර ගැන අවබෝධයකින් සිටීම මේ මොහොතේදී වැදගත් වනු ඇත.
ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදනය වීමේදී නාසයෙන් සොටු දියර ගැලීම, මස් පිඬු / අතපය වේදනාව, හිසරදය සහ ඇතැම් විට වමනය හා පාචනය වැනි තත්ත්ව දක්නට හැකියි. කොවිඩ් - 19 ආසාදනයේදීත් මීට සමාන රෝග ලක්ෂණ ඇතිවීමට හැකියි. ඩෙංගු ආසාදයක දීත් උණ, හිසරදය, මස් පිඬු වේදනා ආදී සංකූලතා මතු වීමට පුළුවන.
ඇතැම් පොදු රෝග ලක්ෂණ නිසා මේ තත්ත්ව එකිනෙකෙන් මෙන්ම වෙනත් සාමාන්‍ය වයිරස් උණ රෝගවලින් වෙන්කර හඳුනාගැනීමද ඔබට අපහසු වේ. ඒ වගේම ගැබිණි ඔබට ඉහත කී උණ රෝගවලදී විශේෂිත ප්‍රතිකාර සහ වැඩි වෛද්‍ය අවධානයක්ද අත්‍යවශ්‍යම වේ.
මේ නිසා ගර්භණී කාන්තාවකට උණ තත්ත්වය ඇති වුවහොත් මුලින්ම ගත යුතු වැදගත්ම පියවර වන්නේ , පළමු දිනය තුළ දී ම රෝහලක් වෙත යොමු වී නිසි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරිමයි.
ඉන්ෆ්ලුවෙන්සාව / කොවිඩ් -19 වැනි ශ්වසන බිඳිති මගින් බෝවන රෝග වළක්වා ගැනීමට අප දැනටමත් හොඳින් දන්නා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද වන නිවැරැදිව මුහුණු ආවරණ පැළැඳීම, සමාජ දුරස්ථභාවය, දෑත්වල පිරිසුදුභාවය රැක ගැනීම වැනි දේට තවත් අනුගත විය යුතු වේ.
රෝග ලක්ෂණ ඇති විට නිවසේම රැඳී සිටීම අනිවාර්ය වේ.
කහින / කිවිසින විට ටිෂූ හෝ වැළමිටේ ඇතුල් පැත්තෙන් එය ආවරණය කරගැනීමත් ඉතාම වැදගත්.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිණි)
-සටහන- මාධවී ධර්මරත්න
2025 නොවැම්බර් මස 21
171
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගැබිණි මවක් උණ රෝගවලින් වැලකෙන අයුරු