IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා කාලේ නිවසේ වැඩිහිටියන් රැක ගනිමු

කොළඹ, ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලදාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා

වසංගත තත්ත්වයක් පැතිර යන මෙවන් කාලයකදී නිවෙස්වල සිටින වයෝවෘද පිරිස රැක බලා ගන්නේ කොහොමද? දෛනික චර්යාවෙන් මිදී නිවසටම කොටු වුණු ඔවුන්ගේ මානසික සුවතාව සඳහා අපිට කළ හැකි දෑ ගැන අපි අද කතා කරමු.

බොහොමයක් දෙනා වයස්ගත වීමත් සමග විවධ ලෙඩ රෝගාදියට ගොදුරු වූවෝය. ඒ අතර සායන මගින් මාස් පතා බෙහෙත් ලබා ගන්නෝද වෙති. කෙසේ වුවත් වයස් ගත වීමත්, ලෙඩ රෝගාදියට ගොදුරු වීමත් නිසා සිරුරේ ප්‍රතිශක්තිය අඩු පිරිසත් වසංගත කාලයේදී බොහෝම පරෙස්සම් විය යුතුය.

අද බහුතරයක්ම නිවෙස්වලට වී හිඳිමින් රාජකාරී කටයුතුවල නියැළෙන නිසා තරුණ පාර්ශවයට වයෝවෘද පිරිස බලා ගැනීමට අමුතුවෙන් කාලය යෙදවීමට අවශ්‍ය නොවේ. අපට ඔවුන්ගේ ආහාර පාන, සෞඛ්‍ය තත්ත්වය සේම ඔවුන්ගේ මානසික තෘප්තිය වෙනුවෙන්ද කළ හැකි දෑ බොහොමයකි.

පළමුවෙන්ම නිවස ඔවුන්ට ප්‍රියමනාප තැනක් බවට පත් කරන්න. නිවස තුළට මනා වාතාශ්‍රයක් සේම හොඳට හිරු එළිය වැටෙන පරිදි දොර ජනෙල් විවෘත කර තැබිය හැකි නම් එය ඉතාම සුදුසුය.

නිහඬ සාමකාමී වටපිටාවක් ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නන්ට බෙහෙවින් මනසට සුවදායී වනු ඇත.

ගුණවත් ආහාර ලබා දෙන්න.

ශරීර ශක්තියෙන් පිරිහීම, දුර්වල වීම ලෙඩ රෝග ගණනාවක්ම අලුතින් ඈඳා ගැනීමකි. සෞඛ්‍ය තත්ත්වයට ගැලපෙන වෛද්‍ය උපදෙස්වලට අනුකූල වූ සුදුසු ආහාර රටාවකට ඔවුන් හුරු කරවන්න. ගුණවත් ආහාරයක් මගින් එදිනෙදා කාර්යය කර ගැනීමට අවැසි ශක්තිය සේම ප්‍රතිශක්තියද වර්ධනය වනු ඇත.

රෝගවලට නිසි ඖෂධ නියමිත මාත්‍රාවෙන් ලබා දෙන්න.

අප විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණාවකි. බොහෝ වයෝවෘද පුද්ගලයන් ඔවුන්ගේ වයසල සිරුරේ ඇති වන දුර්වලතා සමග නිදන් ගත රෝගවලට ප්‍රතිකාර ලබමින් පසුවන අවදියක් විය හැකියි. එබැවින් මෙසමය තම රෝග තත්ත්වාදියට නිවැරැදි ප්‍රතිකාර, නියමිත මාත්‍රාවට අනුකූල වන අයුරින් වෛද්‍ය උපදෙස් මත අඛණ්ඩව ලබා දිය යුතු වේ. නිදන් ගත රෝගයකින් පෙළෙන්නකු නම් වෛද්‍යවරයා නියම කරන ඖෂධ අවම වශයෙන් මාසයකට දෙකකටවත් ලබා ගත හැකි වන සේ සුරැකිව අසුරා තබා ගත හැකියි.

හොඳින් ජලය පානය කරන්න.

මේ පුරුද්ද වයස් ගත පුද්ගලයන්ට පමණක් නොව සැමටම එකසේ වැදගත් වේ. සිරුර විජලනය නොවී පවත්වා ගෙන යාමටත්, පරිවෘත්තිය ක්‍රියාවලියේ මනා පැවැත්මටත් ජලය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

පිරිසුදුකම ගැන නිතර අවධානය දීමද ඉතා වැදගත්ය.

සෞඛ්‍යාරක්ෂිත ජීවිතයක් පවත්වා ගෙන යාමට පිරිසුදුකම සේම පිළිවෙළද එකසේ වැදගත්ය. මේ දිනවලදී බාහිර පුද්ගලයන්ගේ පැමිණීමද සිදු නොවන නිසාවෙන් නිවසේ වයස්ගත පුද්ගලයන්ගේ කාර්යය කිරීම සඳහා පවුලේ නිරෝගී එක් පුදගලයකුට යොමු විය හැකියි. අසනීප වැඩිහිටි පුද්ගලයන්ට උවටැන් කිරීමේදීත් ආවතේවකරු නිවැරැදිව මුව ආවරණ පැළඳීම උචිතය. ඔවුන්ගේ කාර්යය කිරීමට පෙරත් පසුවත් ආවතේවකරුගේ දෑත් හොඳින් පිරිසුදු කර ගැනීම වැදගත් බව මතක තබා ගන්න. ඔවුන්ගේ භාවිතයෙන් දෛනිකව බැහැර කරන බඩු භාණ්ඩ හොඳින් පිරිසුදු කර නැවතත් ඔවුන්ගේ පාවිච්චියට ලබා දෙන්න. එසේම සියලුම දෙනාගේ සනීපාරක්ෂාව මෙහිදී වැදගත් සාධකයක් වන නිසාවෙන් ඒ ගැන ඔබ බොහෝ සැලකිලිමත් වන්න.

ආවතේව සපයන්නා නිතරම නිවසින් පිටතට යන පුද්ගලයකු නම් නිවසේ වයෝවෘද පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී සෞඛ්‍ය නීති රීති අනුගමනය කිරීම උචිතය. අඩුම තරමින් මීටර් දෙකක්වත් දුරස්තභාවය රැක ගැනීම, මුව ආවරණ නිවැරැදිව පැළැඳීම, දෑත් සේම තමාගේ පිරිසුදුකම ගැනත් නිරන්තරයෙන් අවධානය යොමු කිරීම වැදගත්ය.

මේ කාලයේදී වැඩිහිටියන් සඳහා සරල ව්‍යායාම හඳුන්වා දිය හැකිය.

ඔවුන්ට ගුණවත් ආහාර, විවේකය සේම සෞඛ්‍යය නිසියාකාරව පවත්වා ගෙන යාමට සුළු ව්‍යායාමයකින් දවස ඇරැඹීමට පුලුවන. පරතරය පවත්වා ගෙන යමින් පවුලේ සෙසු සාමාජිකයන්ටත් මේ සඳහා සහභාගී විය හැකියි.

ඔවුනට සුළු හෝ අසනීප තත්ත්වයක් දැණුනහොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න. හිතුමතයට බෙහෙත් නතර කිරීම, වෙනස් කිරීම නොකර වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්න.

එසේම කුමන අවස්ථාවක හෝ ශ්වසන අපහසුවකින් ඔවුන් පෙළෙන බව ඔබට හැඟුණේ නම් ඉතා ඉක්මනින් ඒ තත්ත්වය වර්ධනය වෙන්නේ නම් හැකි ඉක්මනින් රෝහල් ගත කරන්න.

හැකි සෑම විටම ඔවුන්ව සතුටින් තැබීමට උත්සාහ ගන්න. පවුලේ සෑම කෙනකුගේම ආදරය, රැකවරණය ඔවුන් සතුව ඇති බවට වන විශ්වාසය ලබා දෙන්න. කිසිම විටෙක ඔවුන්ව තනි නොකරන්න. තමන් තනිවී ඇතැයි යන හැඟීමවත් නොදනවන්න තරම් ඔබ කාරුණික වන්න. ඔවුන් කොන් නොකර පවුලේ සියලුම දෙනා එක් රැස් වන වෙලාවට ඔවුන්වත් සහභාගී කර ගන්න. උදාහරණයක් විදිහට පවුලේ සියලුම දෙනා ආහාර ගන්නා විට, රූපවාහිනිය නැරඹීමෙදී, සවස තේ පානය කරනා විට ඔවුන්ගේ ඇසුරත් ඔබට අවැසි වග දනවන්න. ඔවුන්ට හොඳින් ඇහුම්කන් දීමට ඔබට පුළුවනි. ඔවුන් කියන දේ හොඳින් සාවධානව අසා සිටින්න. හැඟීම් පිට කිරීමත් එක්තරා අයුරක මානසික නිදහසකි. මේ ඔවුන්ට ජීවත් වීමට ඔබේ ආදරය අවශ්‍යම කරන මොහොතකි. ඒ කාලය,ආදරය,රැකවරණය ඔවුන්ට ලබා දීමට ඔබට හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න

 



අදහස් (2)

කොරෝනා කාලේ නිවසේ වැඩිහිටියන් රැක ගනිමු

jayasekara Monday, 12 July 2021 10:38 AM

අසරණ රෝගීන් අමාරුවේ දාලා .දැන් ඉල්ලීම් දිනලා ඉවරද මැඩම් ?දැන් ආයෙත් කාරුණික වෙලාද රෝගීන් ගැන

:       0       0

JAYASEKARA Wednesday, 14 July 2021 09:24 AM

අසරණ රෝගීන් ඇපයට තබා යලි ඉල්ලිම් දිනා සුව විරුවෝ නැවත රාජය සේවයේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31133 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13262 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10952 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site