IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හැටන් විද්‍යාලයක් තාවකාලිකව වසාදමයි

(රංජිත් රාජපක්ෂ)

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන විද්‍යාලයක් අද (27) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසීය.
 
එම විදුහලේ 9 ඒ වසරේ අධ්‍යාපනය ලබන 13 හැවිරිදි පාසල් සිසුවෙකුට 22 දින කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එම ආසාදිත සිසුවා අධ්‍යාපනය ලබන 9 ඒ වසරේ සිසුන් 37 ක් සහ ගුරුවරුන් 14 ක් ස්වයං නිරෝධානයට යොමු කර එම පන්ති කාමරය වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබුණි.
 
ස්වයං නිරෝධානයට යොමු කළ සිසුන් 37 සහ ගුරුවරුන් 14 දෙනාට සිදු කළ පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව සිසුන් 09 දෙනෙකුට සහ ගුරුවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අද(27)  තහවුරු විය.
 
පළමු අසාදිත සිසුවා එම පාසලෙන් හමු වු දින සිට ආසාදිත සිසුවා අධ්‍යාපනය ලැබු පන්ති කාමරය වසා දමා සෙසු පන්ති කාමර පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දි තිබුණද අද දහවල් සිට එම පාසල සම්පුර්ණයෙන්ම වසා දමා මුළු පාසලම විෂබීජහරණයට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
 
එම පාසල ළමුන් 1481දෙනෙකුගෙන් සහ ආචාර්ය මණ්ඩලයේ 81දෙනෙකුගෙන් සමන්විත වන බව එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා පැවසීය.



අදහස් (0)

හැටන් විද්‍යාලයක් තාවකාලිකව වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31331 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13540 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11003 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site