(සුදත් එච්. එම්. හේවා)
මස්කෙළියේ හින්දු දේවාලයක පුජකවරයා ඇතුළු සිව් දෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමෙන් එම හින්දු දේවාලය තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. නරේන්ද්‍රන් මහතා පැවසීය.
පසු ගිය දිනක මෙම හින්දු දේවාලයේ රැස්විමක් අමතමින් සිටියදි හදිසියේ මිය ගිය අයකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසු කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි මෙම පුජකවරයා ඇතුළු මස්කෙළිය නගරයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් හතර දෙනකු හදුනා ගත් බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
අලුතින් හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 30 දෙනකු ඊයේ (18) පි. සි. ආර්. පරික්ෂවන්ට ලක් කර එම පිරිස් ස්වයං නිරෝධානයන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් මස්කෙළිය ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 85 දෙනකු පමණ හදුනාගෙන ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මස්කෙළියේ හින්දු කෝවිලක් තාවකාලිකව වහයි