
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී පුද්ගලයෙකු ඊයේ (06) රාත්‍රීයේ පලාගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
මෙලෙස පළාගොස් ඇත්තේ කන්තලේ, මැදගම, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි.
පලාගිය පුද්ගලයා ඉකුත් සිකුරාදා පෙරේදා (05) රාත්‍රී රෝහලට ඇතුළත් කළ අයෙක් බව පොලිසිය කියයි.
එම පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd