(සිරංගිකා ලොකුකරවිට)
දකුණු පළාතෙන් පසුගිය පැය 24 තුළ අලුතින් කොරෝනා රෝගීන් 56 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරුමධ්‍යස්ථානය කියයි. ඒ අනුව මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 939ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් සංඛ්‍යාව 522ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් සංඛ්‍යාව 341ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 76ක් දක්වා ඉහල ගොස් ඇති බවයි.
අලුතින් වාර්තා වූ ආසාදිතයන් 56දෙනා අතරින් ආසාදිතයන් 30දෙනකුම වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ඔවුන්ගෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙනි. එම සංඛ්‍යාව 24කි. බලපිටියෙන් ආසාදිතයන් 04දෙනකු වාර්තා වන අතර හබරාදුවෙන් හා රත්ගමින් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වේ.
මාතර දිස්ත්‍රික්කයේ අලුතින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 25ක් වන අතර ඔවුන්ගෙන් 10දෙනකු දික්වැල්ලෙන්, පස්දෙනකු වැලිපිටියෙන්, හතරදෙනකු වැලිගමින් සහ ආසාදිතයන් දෙදෙනකු කඹුරුපිටියෙන් වාර්තා වේ. දෙවිනුවර, මාතර, පස්ගොඩ සහ තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලින් එක් රෝගියා බැගින් හමුවී ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගියා අගුනුකොලපැළැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හමුවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රස්තාර පෙන්වා දෙන්නේ කොරෝනා පාලනය වී ඇති බවයි. කව්රු හරිද මන්දා ..!!!