(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි අද (10) නිකුත්වු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම වෛද්‍යවරයා මීට පෙර කොවිඩ් -19 ආසාදනය වු වෛද්‍යවරයා සමග එකම නිල නිවසේ නේවාසිකව සිට ඇති බව වාර්තා වේ.පළමු වෛද්‍යවරයා කොවිඩ් 19 ආසාධනය වි ඇති බව ඉකුත් 02 දා සොයා ගැනීමෙන් පසු එම වෛද්‍ය නිල නිවාසයේ සිටි තවත් වෛද්‍යවරු තිදෙනෙකු එම නිල නිවාසයේම නිරෝධායනයට ලක් කරමින් සිට සිදුකළ පි.සි.ආර්. පරික්ෂණයකින් මෙම වෛද්‍යවරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම වෛද්‍යවරයාද කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යැවීමට සෞඛ්‍ය බලධාරිහු පියවර ගත්හ. මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මෙම ආසාධිත වෛද්‍යවරයා සමග ආසාධිතයන් 14 දෙනෙකු සොයාගෙන තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා