
(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 11ක් ඊයේ (4) දිනයේදී වාර්තා වී ඇත.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 720කි.
කෝන්ගහවෙල පදිංචි 33 හැවිරිදි කාන්තාවක්, දියතලාවේ 84 හැවිරිදි පිරිමි අයෙක්, මාළඹේ 94 හැවිරිදි කාන්තාවක්, මහරගම පදිංචි 62 හැවිරිදි පිරිමි අයෙක්, අරණායක 68 හැවිරිදි පිරිමි අයෙක්, වල්ගම්මුල්ල ප්‍රදේශයේ 74 හැවිරිදි කාන්තාවක්, වේයන්ගොඩ ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, දඞපොත ප්‍රදේශයේ 49 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි අයෙක්, කුරුණෑගල 64 හැවිරිදි පිරිමි අයෙක් සහ වස්කඩුව ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි .නැසිගිය අයට නිවන්සුව අත්වේවා ! කොරෝනා අසාදිතයන්ට නිරෝගීසුව ලැබේවා ! කොරෝනා වසන්ගතය දුරුවේවා !