2022 අගෝස්තු මස 19 වන සිකුරාදා
0 1213
අපි මේ ගත කරන්නේ ඉතාම දුෂ්කර අවදියක් බවට කිසිදු විවාදයක් නැත. ආහාර පාන මෙන්ම හැම දේම මිල ඉහළය. එපමනක්ද නොව බොහෝ දෑ හිඟ වෙමින් පවතී. එබඳු කාලයකට අපි හැඩ ගැහෙන්නේ කොහොමද, නිරෝගීතාව රැක ගන්නේ කෙසේද ?
0 2224
ජලය යනු සිරුරට අත්‍යවශ්‍ය සංඝටකයකි. සිරුර අභ්‍යන්තරයට ජලයෙන් ලැබිය යුතු නිසි පෝෂණය නොලැබීමෙන් බොහෝ ඉන්ද්රිය පද්ධතිවලට හානි පැමිණේ. එම තත්ත්වය වකුගඩු ක්‍රියාකාරීත්වයට බාධා ගෙනදීමට තරම්ද ප්‍රබල වේ. අපි සුලබව අසා ඇති පරිදි වකුගඩුවල ගල් ඇති වීමද ඉහත ක්රියාවලියේම අසුබ පෙරනිමිත්තකි. පුද්ගලයකුට ජීවිත කාලය තුළදී වකුගඩුවල ගල් ඇති වීමේ අවදානම 5%ත් 13%ත් අතර වේ.
0 1550
‘අධික රුධිර පීඩනය ‘ ගැන ප්‍රජාව දැනුම්වත් කිරීමේ දිනය මේ මස 17 වැනිදාට යෙදී තිබේ. මෙහි තේමාව වන්යේ ‘රුධිර පීඩනය නිවැරැදිව මැන ගනිමු. පාලනය කරමු . දිගුකල් ජීවත් වෙමු‘ යන්නයි.
0 486
රෝගී පුද්ගලයකුට නිසි කලට බේත් හේත් සේම රැකවරණයත් අවශ්‍යයි. සුව වීම සඳහා බේත් හේත් මත පදනම් නොවී ඔවුන්ගේ මානසික සුවතාව උදෙසාද අපට කළ හැකි දෑ බොහෝය.
0 1153
උපතින්ම ඇති වන නොඑසේනම් මවුපිය ජාන මගින් උරුම වන රුධිරයේ රතු රුධිරාණුවල හිමොග්ලොබින් නිපදවීමේ ඌනතාවක් හේතුවෙන් හට ගන්නා රෝගී තත්ත්වයක් ලෙස තැලසිමියාව හඳුන්වා දිය හැකියි. එනම් අපේ රුධිරයේ තිබෙන රතු රුධිරාණු බිඳෙන රෝගී තත්ත්වයකි. තැලසිමියා රෝග වාහකයන් සහ රෝගීන් ලෙස තැලසිමියා රෝගයෙහි ප්‍රධාන ප්‍රභේද දෙකක් ඇත.
0 4377
අපේ ඇස් රැක ගත යුත්තේ ඇස් පරිද්දෙනි. හිතාමතා හෝ නොසිතා කරන සුළු හෝ වරදක් නිසා පෙනීම මුළු ජිවිත කාලයටම අහිමි වී යා හැකියි. විශේෂයෙන් ඇස් රෝග උූදෙසා අපට සිතුමතේ බේත් හේත් වුවු භාවිත කළ නොහැකියි.
0 2763
දන්ත සෞඛ්‍යය ගැන කතා කිරීමේදී ෆ්ලෝරයිඩ් යනු ඉතා වැදගත් මාතෘකාවකි. මෙකී ෆ්ලෝරයිඩ් අයනය කැල්සියම් හයිඩ්රොක්සි ඇපටයිට් අණුවට ඇතුළත් වී ෆ්ලෝරො ඇපටයිට් සාදනු ලැබේ. මෙය අම්ල මගින් දිරා යාම මුල් අණුවට වඩා අඩු බැවින් දත් ශක්තිමත් කර දිරා යාම අවම කෙරේ.
0 1902
දිනක් ගතවීම යනු එක් දවසකින් හෝ වයසට යාමකි. ලෙඩ රෝග වැළඳීමට බාල, තරුණ, මහලු භේදය කිසි විටෙක බලනොපායි.
0 1817
නිරෝගී දිවි පැවැත්මක් සඳහා නිය සෞඛ්‍යයද හොඳින් පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය වේ. නියපෙළෙහි පිළිවෙළ සේම පිරිසුදුතාවද රැක ගැනීම අත්‍යවශ්‍ය අතර අද එය බොහෝ දෙනාට අමතක වී ඇත.
0 929
ලෙඩ, දුක් කරදරවලින් හිත, ගත නිදහස් කර ගැනීමම ලොකු දිනුමකි. රෝගී තත්ත්ව සේම විවිධාකාරයේ ප්‍රශ්න බොහොමයකින්ම බැට කන වකවානුවකදී අපගේ නිරෝගීමත්භාවය එයාකාරයටම රඳවා ගැනීම නම් අභියෝගයකි.
0 648
වැස්සත් සමග සේම වැස්සෙන් පසුවද ගෙට ගොඩවන ලෙඩ රෝග රැසකි. වැසි කාලයෙන් පසු අධික සීතල නිසා බිළිඳුන්,කුඩා දරුවන් බහුලව ගොදුරු වන සෙම්ප්‍රතිශ්‍යාව වැනි ඉහළ ස්වසන මාර්ගයේ රෝග මේ දිනවලදී වැඩිපුර පැතිර යාමේ අවදානමක් පවතී.
0 1658
යම් කෙනකු සිනාමුසු මුහුණින් ප්‍රියමනාපව දවස අරඹනවානම් ඒ ක්‍රියාශීලීත්වය දිනයේ නිමාව තෙක් රඳවා තබා ගැනීමටත් හැකි නම් කෙතරම් අපූරුද? තරහව, කෝපය වැනි වෛරී සිතුවිලි දිනෙන් දිනම ඔබව රෝගියකු කරවයි. එබඳු මනෝභාවයක නොසිට නිරෝගීකම උදෙසා සිනහව කෙතරම් වැදගත්ද යන්න පහත කරුණු ඇසුරෙන් ඔබ තේරුම් ගන්නවා ඇත.
0 1070
තවත් සිංහල අලුත් අවුරුදු උදාවක එළිපත්තට අපි පිවිස සිටින්නෙමු. මේ කාලය තෙල්, පිටි, ලුණු සේම පැණි රස ආහාර වර්ග බහුලව ආහාරයට ගැණෙන කලයකි. රෝගී නිරෝගී සියල්ලෝම තම අසනීප තත්ත්ව පසෙකලා රිසිසේ එවන් ආහාර භුක්ති විඳිති. තෙල්,පිටි, ලුණු සේම පැණි රස ආහාර දිගුකල් පරිභෝජනය නුදුරු දිනකදීම බෝ නොවන රෝග සඳහාද හේතු පාදක වන බව නොරහසකි.
0 1008
මිනිසාගේ මුඛයෙහි ප්‍රධාන වශයෙන් දත් කාණ්ඩ දෙවර්ගයකි. ඒ කිරි දත් සහ ස්ථිර දත් වේ. කිරි දත් 20ක් ඇති අතර දරුවකු බිළිඳු අවදියේදී එනම් මාස 06 සිට මතුවන අතර අවුරුදු 12දි පමණ සියලුම කිරි දත් හැළී යාම අවසන් වේ. ස්ථිර දත් 32ක් ඇති අතර පුද්ගලයකුට වයස අවුරුදු 06 සිට ඒවා මතු වීමට පටන් ගැනෙන අතර අවුරුදු 12ක් 13ක් වන විට දත් 28ක් පමණ මතුවේ. අවසන් දත් 4 වන සාමාන්‍ය ව්‍යවහාරය අනුව ඥාන දත් අවුරුදු 17ත් 25ත් අතර කාලයේදී මතුවේ.
0 696
මේ දවස්වල උෂ්ණත්වය ඉහළයි. ඒ නිසාම දහදිය පිටවීමත් වැඩියි. සෑම වසරකම මාර්තු සහ අප්‍රේල් මාසවල අපේ රටට හිරු මුදුන් වන කාලයයි. එබැවින් අන් කවරදාටත් වඩා මාර්තු, අප්‍රේල් මාසවලදී අධික උෂ්ණත්වයක් දැනෙන අතර දහදිය දැමීමද වැඩි වශයෙන් සිදු වේ. මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණය නිසාවෙන් කුඩා දරුවන් වැඩි වශයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්රවණතාවක්ද පවතී.
0 981
බොහෝවිට ආහරවල රසය වැඩි කිරීම සඳහා ලුණු අත්‍යවශ්‍යවේ. ඇතමකු ලුණු මඳ පමණ ආහාරයට එකතු කර ගනිද්දී තවත් කෙනකු ලුණු වැඩිපුර භාවිත කරන අයුරු දැකිය හැකියි. ලුණු අඩු වීමත් වැඩි වීමත් අපට අහිතකර ප්‍රතිඵල ගෙනදෙන බව ඔබ දන්නවාද? මේ ඒ පිළිබඳ දැනුම්වත් කිරීමකි.
0 1012
ගර්භණී මවක් තම ගර්භණීභාවය දැනගත් මුල් කාලයේදීම තමා අදාල ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනිය හමු වී ලියාපදිංචි වීම සිදු වේ. ගර්භයට සති හයක් අටක් අතර කාලය තුළදී ලියාපදිංචි වීමෙන් මවට වඩා ගුණාත්මක සේවාවක් ලැබිය හැකියි. එනම් මවගේ රෝගී තත්ත්වය සහ අවදානම් සාධක කලින් හඳුනා ගෙන අවශ්‍ය පරිදි විශේෂඥ උපදෙස් සඳහා යොමු කිරීමටත් අවකාස ලැබෙනු ඇත.
0 1574
එකම ආහාර රටාව එපා වෙලාද? ආහාර සංස්කෘතිය වෙනස් කිරීමෙන් විවිධ ආහාරවල අවශ්‍යතාව මතු වීමට පටන් ගැනේ. එවිට විවිධත්වයක් ඇති වන පරිදි ගුණාත්මක ආහාර ගැනීමට හැකියාව ලැබේ.
0 723
මුඛය යනු මිනිස් සිරුරේ ප්‍රධාන අවයවයකි. නිරෝගී මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම පුද්ගල පෞර්ෂත්වය වැඩි දියුණු කරන සාධකයකි. මුඛයේ දුර්ගන්ධයක් දැනෙනවානම් ඔබ බාහිරව කෙතරම් ප්‍රියමනාප වුවද වැඩක් නැත. මුඛ සෞඛ්‍යය රැක ගැනීමෙහිලා නිවැරැදිව දත් මැදීම කළ යුතුම දෙයකි. අප ගන්නා ආහාරවල කුඩා කොටස් දත් අතර රැඳී තිබියදී විවිධාකාර බැක්ටීරියා සෑදී ඇතිවන සල්ෆ සංයෝගය හේතුවෙන් මුඛ දුර්ගන්ධය හට ගනී.
0 915
දිනෙන් දිනම රට තුළ අපරාධ රැල්ලේ උත්සන්න වීමක් දක්නට ලැබේ. මිනී මැරුම් සේම ළමා අපචාර , ලිංගික හිංසන ආදී විවිධාකාරයේ අපරාධවල ඔඩු දිවීමක් වරින් වර මාතෘකා අතරට පැමිණේ. එවන් පසුබිමක අපරාධ සඳහා වැඩිහිටියන් පෙළඹිමේ මානසිකත්වය, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සහ ප්‍රතිකාර අළලා පහත ලිපිය සටහන් වේ.
0 1492
බෝ වන රෝගවලටත් වඩා බෝ නොවන රෝගවල අවදානම ඉතා දැඩියි. පුද්ගල මරණ ප්‍රතිශතය ඉහළ යාමට ප්‍රධානම හේතු කාරකය ලෙස බෝ නොවන රෝග ඇතුළත් වේ. ඒ අතුරින් වකුගඩු රෝගයට ගොදුරු වන රෝගීහුද දිනෙන් දින ඉහළ යති.
0 1909
සමාජයේ බොහෝ දෙනෙක් වර්තමානය ඉතා වෙහෙසකර මෙන්ම කාර්යබහුල ලෙස ගෙවා දමති. යන්ත්‍ර සූත්‍ර මෙන් එකදිගට පැය ගණනාවක් පුරා එකම රාජකාරියේ යෙදීම තුළ නිරෝගීසම්පන්න භාවයත් ගිලිහී යයි. ඒ කලට වෙලාවට ආහාර ගැනීම අතපසු කිරීමත් ආහාරයේ පෝෂ්‍ය පදාර්ථවල හීන වීමත් නිසාවෙනි. ඒ අතර නිර්මාංශ පිරිස්ද නැතුවාම නොවේ. නිර්මාංශ වීම හොඳද, එමගින් සිරුරට ලැබෙන වාසි මොනවාද යන්න පහත ලිපියෙන් විමසා බැලේ.
0 899
ශරීරයේ යම් කොටසකට තුවාලයක් සිදුවූ විට අපට දැනෙන අප්‍රසන්න, අසහනකාරී හැඟීම වේදනාව යනුවෙන් හැඳින්විය හැකියි. වේදනාවේ තරම තීරණය වන්නේ තුවාලයේ ප්‍රමාණය, එය සිදුවූ ආකාරය සහ පුද්ගලයාගේ මනෝභාවය මත වේ. වේදනාව ප්‍රධාන වශයෙන් කෙටි කාලීන සහ දිගු කාලීන ලෙස කොටස් දෙකකට බෙදේ. කෙටි කාලීන වේදනාව ඉතා තියුණු අතර ශල්‍යකර්මයකින්, අස්ථි බිඳීමකින්, පිළිස්සුම් තුවාලයකින් අනතුරුව ඇතිවන තීව්ර වේදනාව මේ ගණයට අයත් වේ.
1 2619
සරලව, සුවෙන් සිටීමට කෑම බීම වගේම සරල ව්‍යායාමයක නිරත වීමත් දෛනිකව අවශ්‍ය අංගයකි. ඇවිදීම, පිහිනීම, දිවීම මගින් වුවද සිරුරේ සෑම මාංශපේශියකටම හොඳින් ව්‍යායාම ලැබේ. සිරුරේ නම්‍යශීලීතාව රැක ගැනීමේ සිට නිරෝගී දිවි පෙවෙතක් දක්වාම සරල ව්‍යායාම වැදගත් වන්නේ කෙසේද යන්න මෙවරදී දැනුම්වත් වෙමු.
0 1022
වර්තමානයේදී කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ ප්රවනතාව ඉහළ ගොස් ඇත. වසරකට අපේ රටින් පිළිකා රෝගීන් 30,000ක් පමණ වාර්තා වේ. ඉන් රෝගීන් 8දෙනකුගෙන් එක් අයකු පියයුරු පිළිකා රෝගියෙකි. මෙම රෝගී තත්ත්වය පිරිමි පාර්ශ්වය අතරද ඉතා සුළු වශයෙන් දක්නට ලැබෙන අතර කාන්තාවකට සිය ගුණයකින් වැඩි අවදානමක් පවතී.
0 1973
පුද්ගලයකුගේ පෞරුෂත්වය තීරණය කිරීමෙහිලා නිරෝගිමත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම ඉතා වැදගත්වේ. එය අප සියලුම දෙනාගේ නිරෝගීභාවය පවා තහවුරු කෙරෙන සාධකයකි. ඒ අනුව දත්වල ශක්තිමත්භාවය මෙන්ම පිරිසුදුභාවය, නිරෝගීභාවය ද ප්රමුඛ වේ. දත්වල පිහිටීම ගතහොත් පිළිවෙළ ප්‍රධාන වන අතර එසේ නොවන විට එනම් අපිළිවෙළට දත් පිහිටි විට දන්ත විකෘතිතාව යනුවෙන් නිර්වචනය කෙරේ. අපිළිවෙළට දත් පිහිටා ඇත්නම් එය දන්ත විකෘතිතාවකි.
0 2414
අප බොහෝ දෙනකුම නිරෝගී හදවතක් උරුමව ඉපදීමට වරම් ලැබුවෝය. එහෙත් කල් යත්ම වයසින් සේම උස් මහත්ව අප වැඩෙද්දී හදවතේ නිරෝගීකම එයාකාරයෙන් පවත්වා ගෙන යාමට අපට හැකිද? සාම්ප්‍රදායික සේම සෞඛ්‍ය සම්පන්න ආහාර හා ජීවන රටාවකට හුරු වී සිටි අපි අද වන විට ඒ රටාවෙන් ඔබ්බට ගමන් කොට ඇති සෙයකි. ඒ වෙනුවට අධික ලුණු, තෙල්, සීනි මෙන්ම රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සපිරි අලුත් ආහාර රටාවකට අනුගත වෙලා නේද?
1 1133
ලෝක ශ්‍රවණ දිනය හෙටට (03) යෙදී ඇත. මේ වසරේ තේමාව වන්නේ ‘දිවි ඇති තෙක් හඬ අසන්නට, දෙසවන පණ මෙන් සුරකිමු‘ යන්නයි. ආරක්ෂිත සවන්දීම තුළින් ශ්‍රවණාබාධ වැලැක්වීම මෙහිදී අවධාරණය කරනු ලබයි.
0 1797
තරග විභාග සඳහා සූදානම් වීම යනු අත්‍යවශ්‍ය තොරතුරු පමණක් සංවිධානාත්මකව මතකයේ ගබඩා කර තැබීම සහ ඒවා නැවත පිළිතුරු පත්‍රයක් සඳහා සුදුසු ලෙස නැවත මතක් කර ගැනීමට හැකි වීමයි.
0 1078
යෝගා කලෙකදී මෙරට ඉතා ජනප්‍රිය මාතෘකාවකි. සැබැවින්ම යෝගා යනු සුවිශේෂී ව්‍යායාම් වර්ගයකි. මුළු සිරුරම ආවරණය වන පරිදි මාංශ පේශී සියල්ලටම යෝග ව්‍යායාමය ලබා දිය හැකියි.ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂා වීමටත්, නිරෝගීව ජීවත් වීම උදෙසාත් නිවැරැදි යෝග ව්‍යායාම්හි නිරත වීම වැදගත් වේ. යෝග කිරීමෙන් සිරුරට පහත සඳහන් වාසි සැලසේ.