ඔබේ සිරුරේ ලප කැළැලක් දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද හෝ කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙසිනි. ඊට එපිටට ගොස් මෙම ළපය ලාදුරු රෝගයේ පෙර නිමිත්තක්ද යන්න අප කෙදිනකවත් සිතන්නේ නැත. එයට හේතුව ලංකාව සාර් ථකව ලාදුරු රෝගය මැඩ පවත්වා තිබීමය. එහෙත් මෑතක සිට දද,කුෂ්ඨ ,අලුහම් නොවන ළප කැළැල් ලාදුරු රෝගය නිසා ද ඇතිවිය හැකි බව සොයා ගෙන තිබේ. එහෙනම් යළිත් වතාවක් ලාදුරු රෝගය හිස ඔසවමින් සිටින බවට කළ ඉඟියකි මේ.
අපේ රටේ වසරකට ලාදුරු රෝගීන් 1500ක් පමණ හඳුනා ගනු ලැබෙන අතර ඉන් සියයට 40ක් පමණ බස්නාහිර පළාතෙන් හඳුනා ගැනේ. එමෙන්ම රෝගීන්ගෙන් සියයට 15ක් පමණ කුඩා දරුවන් වේ.
සමෙහි ඇතිවන ලා පැහති ළප එකක් හෝ කිහිපයක්, සමෙන් ඉදිරියට නෙරා ආ ළප කැළැල්, සමෙහි ගැටිති හෝ ඝන වීම්, අත්/පාවල කල් ගත වූ සුව නොවන තුවාල මෙලෙස බාහිරෙන් දැකිය හැකි ලාදුරු රෝග ලක්ෂණ අතරින් විශේෂිත වේ. විවිධ විකෘතිතා සහ ස්නායුක බලපැම් ඇතිකළ හැකි ලාදුරු, මුල් අවස්ථාවේ ප්‍රතිකාර ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකරගත හැකි අතරම අන් අයට පැතිරීමත් නවත්වා ගත හැකිය. රෝගය බෝවිය හැකි අවධියේ පසුවන ප්‍රතිකාර නොගන්නා ආසාදිතයින්ගේ ශ්වසන බිඳිති මගින් රෝග කාරක බැක්ටීරියාව නිරෝගී කෙනෙකුට සම්ප්‍රේශනය විය හැකිය.
මෙවැනි ලපයක් හෝ කැළලක් ඔබගේ සිරුරෙහි පැවතීමෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැත. එය ලාදුරු රෝගී තත්ත්වයක් ලෙස තහවරු වූවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර අපේ රටේ ඇති අතර කිසිඳු ගැටලුවකින් තොරව අදාල රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දීමටද සෞඛ්‍ය අංශ වගකීමෙන් බැඳී සිටි. මෙහිදී අප වැඩි අවදානයක් යොමු කළ යුතුම කරුණ වනුයේ නිවැරැදි රෝග විනිශ්චය සේම නොපමාව ප්‍රතිකාර කරා යොමු වීමයි.
ලාදුරු රෝගයේ සැක සහිත රෝග ලක්ෂණ ඇතිනම් ඉතා පහසුවෙන් ඒ පිළිබඳව සැක හැර දැනගැනීමටත් ලාදුරු මර්දන ව්‍යාපාරය හා සම්බන්ධ ෙවෙද්‍යවරයකු හරහා ඔබට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා ගැනීමටත් දැන අවස්ථාව උදාවී ඇත. මේ උපදෙස් ඉතා කාර්යක්ෂ්මව සහ කඩිනම්ව ඔබට වට්ස් ඇප් මගින්ද ලබා ගත හැකිය .ඒ සඳහා කළ යුත්තේ, හොඳින් ආලෝකය පවතින ස්ථානයකදී ලබාගත් සැක සහිත ළප කැළලේ හෝ ගැටිත්තේ පැහැදිලි ඡායාරූපයක්, ලපය හෝ කැලල පවත්නා කාලය සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුළත් කර ,පුද්ගලයාගේ නම ,වයස සහ කෙටි විස්තරයක් සමගින් ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 0754088604 අංකය වෙත වට්සැප් පණිවිඩයක් මගින් යොමු කිරීම පමණයි.
සෞඛ්‍ය අංශ මගින් හඳුන්වා දෙන ඉහතාකාරයේ සියලුම සේවාවන් ලාදුරු වසංගතයෙන් ඔබත් ඔබේ සමීපතමයනුත් මුදවා ගැනීම පිණිසය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විස්තර ඇසුරිණි.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලාදුරු වසංගතයෙන් මිදීමට අපට කළ හැකි දෑ