IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කට රැකගෙන කෑම කමු

අප්‍රේල් මාසය ඉතා සුවිශේෂය. ඒ අන් කවරදාටත් වඩා මේ මාසයේදී අපට කෑමට ලැබෙන රසකැවිලි නිසාවෙනි.. මේ කෑම සියල්ලම පාහේ තෙල්,පිටි, සීනි, ලුණුවලින් සමන්විතය. මේ අවුරුදු කාලෙදී ලෙඩ නොවී කෑම කන හැටිත්, රෝගවලින් දැනටමත් පීඩා විඳින පිරිස රෝගය මැඩ ගනිමින් වැරැදි ආහාර රටාවෙන් මිදී ක්‍රමවත්ව ආහාර ගන්නේ කොහොමද යන්නත් ගැන අප වැඩි අවධානයක්    යොමු කළ යුතුය. අප්‍රේල් මාසයේදී පමණක් දක්නට ලැබෙන ආහාර පාන නොකා හිඳීමට තහංචි පැනවීම අනුමත කළ නොහැකිය. ඒත් අප අවුරුදු කෑම බීම රිසිසේ අනුභව කර නුදුරු දිනකදිම ලෙඩ වෙනවාද, නොඑසේනම් ක්‍රමවත්ව ආහාර ගෙන නිරෝගිකම රැක ගන්නවාද යන්න තීරණය කළ යුත්තේද අපමය.

එසේ කියන්නේ ඇයි?

වර්ෂ 2021 පවත්වන ලද බෝ නොවන රෝගවලට පාදක වන අවදානම් සාධක හඳුනා ගැනීමේ සමීක්ෂණයේදී අවුරුදු 18ත් 69ත් අතර වයසේ පසුවන්නන්ගෙන් එනම් පුරුෂයන්ගෙන් සියයට 30කුත්, ස්ත්‍රීන්ගෙන් සියයට 47.6කුත් බර වැඩි සහ තරබාරු ගණයට අයත් වන බව සොයා ගෙන ඇත. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් ඇති සංඛ්‍යාව සියයට 38කි. තවද රුධිර පීඩනය වැඩි ප්‍රතිශතය සියයට 54කි. දරුවන් අතරද බර වැඩි ප්‍රතිශතය සියයට 9ක් පමණ වේ. මේ තත්ත්වය ඔවුන් අතර බෝ නොවන රෝග එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, කාලික ශ්වසන රෝග, වකුගඩු රෝග සහ විවිධ පිළිකා තත්ත්ව ඇති වීමේ ප්‍රවනතාව වැඩි කරන බව හෙළිදරව් වී ඇත.

එමෙන්ම ක්‍රියාශීලී නොවීම, ලුණු -තෙල්- සීනි භාවිතය අධික වීම, මත්පැන් සේම දුම්පානයද මෙහි අවදානම වැඩි කිරීමට හේතු වී ඇත.

මෙවර රසකැවිලිවල විශේෂත්වයක් කරමු

මෙවැනි පසුබිමක අප රෝගී නොවී අවුරුදු සතුට ලබා ගන්නේ කොහොමද? මේ මොහොත වනවිටත් සියල්ලෝම හැකි පමණින් අවුරුදු රස කැවිලිවල රස බලන්නට සැදී පැහැදී සිටිති. තෙල්- ලුණු-සීනි අධික රස කැවිලි මේ කාලයේදී බහුලය. නෑසියන් බලන්නට යන ඔබට මේ ආහාරයක් නොගෙනම බැරි තත්ත්වයක් උදා විය හැකිය. දකින - තියෙන සෑම ආහාරයක්ම රස විඳ අවසන අප රෝගී විය යුතු නැත. රසකැවිලි සෑදීමේදී අපට විශේෂයක් කළ හැකිය. එනම් රසකැවිලිවල ප්‍රමාණය කුඩාවට සෑදීමට පුළුවන. ලොකු කැවුමක්,ලොකු අළුවා කැබැල්ලක්,ලොකු මුං කැවුමක් වෙනුවට ප්‍රමාණයෙන් කුඩා රසකැවිලි සෑදීමට උත්සාහයක් ගනිමු. ඒවගේම නිවසින් පිටතදී හැම රසකැවිල්ලකම රස බැලීම වෙනුවට එක් රසකැවිල්ලක් පමණක් කෑමට ගත හැකිය. තේ,කෝපි පානයේදීත් හැකිතරම් සීනි රහිතව ඒවා පානය කරන්නට උත්සාහ ගනිමු.

තෙල් - ලුණු -සීනි සීමාව

බත් ,එළවළු,මාළු පිළියෙළ කිරීමේදී හැකිතාක් තෙල් -ලුණු අඩුවෙන් යොදා පිස ගත යුතුවේ. පැණි රසැති අතුරුපස වෙනුවෙන් පලතුරු කපා ,සීනි -ලුණු- උකු කිරි නොයොදා පලතුරු සලාදයක් පිළිගැන්වීමට හැකිය. කෘත්‍රිම පාන වර්ග වෙනුවට පිරිසුදු පලතුරුවලින් පිළියෙළ කළ ලුණු - සීනි එකතු නොකළ පලතුරු යුෂ වීදුරුවක් ඉතා සුදුසුය.

දරුවන්ට ක්‍රියාශීලී වීමට ඉඩ දෙන්න

විශේෂයෙන්ම දරුවන්ට හැකිතාක් ක්‍රියාශීලීව දුව පැන සෙල්ලම් කිරීමට ඉඩ හරිමු. මේ කාලයේදී පමණක් දැකිය හැකි වන අපේ ජන ක්‍රීඩා ගැන දරුවන්ගේ දැනුම අලුත් කරවමු. එය ඔවුන්ගේ බුද්ධි වර්ධනය උදෙසා මහත් පිටිවහලක් වනු ඇති. මත්පැන් - දුම්පානය හැකිතාක් අඩු කර පවුලේ සියලු දෙනාගෙම සතුට වෙනුවෙන් මේ නිවාඩුව යොදා ගත හැකිය.

රෝගීන්ගේ ආහාරය ගැනත් වැඩි සැලකිල්ලක්

විශේෂයෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ ,අංශභාගය වැනි රෝගවලින් පෙළෙන පවුලේ සාමාජිකයන්ගේ රෝගී තත්ත්වය ගැන වඩා සැලකිලිමත් වී ඔවුන්ගේ ආහාරය ගැන විශේෂ අවධානයක් යොමු කළ හැකිය. එක වේලකට පැණිරස ආහාර ගතහොත් ඊළඟ වේලට එළවළු,පළා බහුල ආහාර වේලක් ලබා දිය හැකිය. දවසේ සියලුම ආහාර වේල් පැණිරස කෑමවලින් පමණක් පිරවීම සුදුසු නැත. රෝගී තත්ත්වාදියෙන් පෙළුණද අවුරුදු සතුට ඔවුන්ටද ලබාදිය යුතු බැවින් උපක්‍රමශීලීව විවිධ ආහාර රස විඳීමට ඉඩ ලබා දෙන්න. දියවැඩියාවට රසකැවිලි සුදුසු නැත කියා ඔවුනට ඒවා නොදී සිටීමට වඩා කැවිලි ප්‍රමාණයෙන් කුඩාවට සාදා ඒවායෙහි රස විදීමට ලබා දිය හැකිය. ඉන් අනතුරු ඊළඟ ආහාර වේලට පැණිරස ආහාර ඇතුළත් නොකිරීමට වගබලා ගන්න.

රස්නෙ වැඩි කාලෙට සුදුසු පාන වර්ග

මේ කාලයේදී ජලය,තැඹිලි,බෙලිමල් වැනි ස්වාභාවික පාන වර්ග හැකිතාක් පානය කරන්න. අවුරුද්දේ සැබෑ සතුට අත් විඳින්න. කැවිලි පෙවිලිවල සුවඳ- රසය විඳින්න. තමාගේ සුවපත්භාවය ගැනත් සිතන්න. එවිට අවුරුදු සමය ගෙවී ගියද ඔබට කාලයක් පුරාවටම නිරෝගිව සිටීමට හැකිවේවි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කට රැකගෙන කෑම කමු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27984 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18186 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 659 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 854 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site