බුදුදහම රැකීමේ වගකීම
මේ මස පළමු වැනිදා හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය විසින් බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයටද පැවැරෙන බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ඒ පිළිබඳව කිසිවකුට විවාද කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය.