විපක්ෂයේ ආණ්ඩුවේ මන්ත්‍රීන් දෙදෙනාගේ යෝජනාව අගය කරමු
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් එකම යෝජනාවකට එකඟත්වය පළ කරන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් සිදුවන එකඟත්වයක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී දැකගත හැකි විය. එය මන්ත්‍රීවරුන්ගේ සුබසාධන කටයුත්තක් උදෙසා එළැඹුණු එකඟත්වයක් නොව, රටේ යහපත සඳහා සිදු කෙරුණු එකඟත්වයක් වීම විශේෂත්වයයි. සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක අත්තේ වසන කුරුල්ලන් බවට පත්වන්නේ තමන්ගේ වරප්‍රසාද වඩාත් වැඩි කරගන්නා අවස්ථාවක දී පමණක් වීම ඊට හේතුවයි.