වැඩවර්ජන - ජනතාවාදී විසඳුමක්
මේ දිනවල ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට මේ වන විට දින පනහකට ආසන්න කාලයක් ගතවී තිබේ. පොදුවේ ගත් කල, වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම වෘත්තීය අයිතිවාසිකමක් ලෙස කවුරුත් පිළිගන්නා කරුණකි. ඒ අයිතියට අපි කවුරුත් ගරු කරමු. එහෙත්, මෙතැනදී අපට ප්‍රශ්න කළ යුතුව ඇති කරුණ නම්, ඔවුන්ගේ එම අයිතිය භාවිත කිරීමේ ක්‍රමය නිවැරැදි ද යන්නයි. එයින් ඇති වන පල විපාක, රටට ඇති වන බලපෑම, සමාජයට ඇති වන අපහසුතා ආදිය එහිදී සලකා බැලිය යුතුය.