සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්‍රමුඛ වන අතර සෙල්ලිපි හෙවත් අභිලේඛන මූලාශ්‍රවලට හිමි වන්නේ සුවිශේෂී බවකි. අභිලේඛන ලෙස හඳුන්වන්නේ ඕනෑම මතුපිටක ලියූ පැරණි ලේඛනයි.
මේවා ගල්, මැටි පුවරු, තඹපත්, රන්පත්, තල්පත්, සත්ව හෝ මිනිස් අස්ථි, කඩදාසි, වීදුරු මත ආදී වශයෙන් ඕනෑම මතුපිටක ලියා තිබිය හැක. සාහිත්‍ය මූලාශ්‍ර මෙන් අඛණ්ඩ ඉතිහාසයක් ඒ හරහා හඳුනා ගැනීමට නොහැකි වූවත් සෙල්ලිපි හරහා ලංකා ඉතිහාසයේ වැදගත් තොරතුරු සමුදායක් වර්තමානය වන විට අනාවරණය කරගෙන ඇත.
ශ්‍රී ලංකාවේ පුරාණ පොළොන්නරුව නගරයේ දළදා මළුවෙහි පිහිටි ගල් පොත ශිලා ලේඛනය මෙරට විශාලතම සෙල්ලිපිය සේ සැලකේ. එය නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද්දකි. මෙය පොළොන්නරු යුගයට අයත් වේ. මෙහි නිශ්ශංකමල්ල රජුගේ ප්‍රතිපත්ති, ඔහු විසින් ජනතාවට දෙන ලද අවවාද, අනුශාසනා, රජුගේ වීර ක්‍රියා, රාජ්‍ය පරපුර ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් වේ. නිශ්ශංකමල්ල රජුගේ දීර්ඝතම සෙල්ලිපිය ලෙසින් සැලකෙන ගල්පොත පුවරු ලිපිය දිග අඩි 26 යි අඟල් 08 ක් පමණ වන අතර පළල අඩි 04 යි අඟල් 07 කි. මෙහි සාමාන්‍ය ඝණකම අඩි 01 යි අඟල් 09 ක් පමණ වේ.
ගල් පොත ශිලා ලේඛනය අභිබවමින් මෙරට විශාලතම සෙල්ලිපිය බවට දිඹුලාගලින් හමු වූ දුර්ලභ ගණයේ සෙල්ලිපිය පත්ව තිබේ. සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් යැයි සැලකේ. ස්වභාවිකව පැලුණු ගල් දෙබොක්කාවක මෙම ශිලා ලේඛනය පිහිටා තිබේ. දිඹුලාගල ශිලා ලේඛනය පිහිටා තිබෙන්නේ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාමල් පොකුණත් දිඹුලාගල රජමහා විහාරයත් අතරය. මෙම ශිලා ලේඛනය මුහුදු මට්ටමේ සිට අඩි 1672 ක් පමණ ඉහළින් ස්වාභාවික ගල් පර්වතයක මුහුණතේ පිහිටා තිබේ. යම් සංසිද්ධියක් හේතුවෙන් පුපුරා ගිය මුහුණතක ශිලා ලිපිය පිහිටා තිබේ. ගල් මුහුණතේ දිග අඩි 55 කි. උස අඩි 18 කි. ශිලා ලේඛනයේ අක්ෂර අඩි 48 අඟල් 5 ක කලාපයක ලියා ඇත. අක්ෂර පේළි 10 ක් එහි අඩංගුවන අතර අක්ෂර 1000 ට වැඩි සංඛ්‍යාවක් ඇත. මේ වනතෙක් හමුවී තිබෙන ශිලා ලේඛන අතරින් පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත විශාලතම සහ පැරණිම ශිලා ලේඛනය වන්නේ මෙයයි. මෙය සිංහල ප්‍රාකෘත භාෂාවෙන් ලියවී ඇත.
මෙම ශිලා ලේඛනය පිහිටා තිබෙන දිඹුලාගල කලාපය අතීතයේ හඳුන්වා ඇත්තේ දූරංගල, දූම රඛ්ඛ පබ්බත, උදුම්බර පබ්බත, උදුම්බර සාල වැනි නම් වලිනි. අතීතයේ පටන් මෙම දිඹුලාගල ප්‍රදේශයේ ඉතා සශ්‍රීක ජනාවාස පැවති බවට සාධක හමුවේ. මහවැලි ගඟ දිඹුලාගල ශිලා ලේඛනය පිහිටි ස්ථානයේ සිට කිලෝ මීටර් 6 ක් පමණ නැගෙනහිර උතුරු කලාපයෙන් ගලා බසී. මහවැලි ගගේ පිටාර ජලය දිඹුලාගල කලාපයට නිරන්තරයෙන්ම ගලා එයි. එබැවින් දීර්ඝ කාලයක සිට මෙහි මානව ජනාවාස තිබූ බව දැකගත හැකිය. දිඹුලාගල සම්බන්ධයෙන් ලේඛනගත සාක්ෂි පණ්ඩුකාභය කුමාරයාගේ කාලයේ පටන් හමු වී ඇත. ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේ සිට එනම් අදින් අවුරුදු 2400 ට පමණ පෙර වංශකතාවල දිඹුලාගල පිළිබඳව සඳහන් වේ. පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන් සමග ගැටුමක් ඇති වී කුමරු පළා ගොස් ඇත්තේ දිඹුලාගල ආසන්න ප්‍රදේශයකටයි. අවි ආයුධ නිර්මාණය කරගෙන ඇත්තේද මෙම ප්‍රදේශයේ සිට බව මහාවංශ ටීකාවේ සඳහන් වේ.
ක්‍රි.පූ 2 වැනි සියවසේ දී ලියූ ශිලා ලේඛන සැලකිය යුතු ප්‍රමාණයක් දිඹුලාගල ආශ්‍රිත කලාපයෙන් හමු වී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ මහින්දාගමනයෙන් පසු දිඹුලාගල ආශ්‍රිත නාමල් පොකුණ, කොස්ගහ උල්පත වැනි ප්‍රදේශවල ලෙන් ආරාම තිබී ඇති බවයි. වලගම්බා රජු සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ කුන්ථ ගත්ත තිස්ස මහරහතන් වහන්සේ ග්‍රන්ථාරූඩ කටයුතු අවසන් කොට නිදහසේ වැඩ සිටීමට දිඹුලාගල පර්වතයට ගිය බව අස්ගිරිය තල්පතේ සඳහන් වේ. මහානාම රජුගේ කාලයේ එනම් ක්‍රි.ව 5 වැනි සියවසේ දී රජුගේ බිසවක් විසින් තේරී භික්ෂූන් හට දිඹුලාගල විහාරයක් පූජා කළ බවට සඳහන් වේ.
බුදුරදුන්ගේ ධාතු තැන්පත් කළ දාගැබක් දිඹුලාගල තිබූ බවට ද සඳහන් වේ. ලෙන්, දාගැබ් මහා බෝධී මාර්ග ගල් පුවරු අතුරා පිළිසකර කිරීම ආදිය පිළිබඳව ශිලා ලේඛනවල සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජු සමයේ පොළොන්නරු ගල් විහාර කථිකාවත ලිවීමට උපදෙස් ලබා ගන්නේ ද දිඹුලාගල වැඩසිටි උදුම්බර ගිරි නිවාසේ මහා කාෂ්‍යප හිමිනමගෙනි. දඹදෙනි යුගයේ දී භික්ෂු ශාසනයේ කල් පැවැත්ම චිර පැවැත්ම උදෙසා දඹදෙනි කථිකාවත දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් පිහිටවන ලදී. මෙම කථිකාවත සම්පාදනය කරනු ලබන්නේ දිඹුලාගල වැඩසිටි වනවාසී මේධංකර නම් හිමිනම විසිනි.
ඒ අනුවත් දීර්ඝ කාලයක සිට දිඹුලාගල ජනාවාස තිබූ බවටත්, භික්ෂූන් වහන්සේ වැඩ සිටි බව සහ රාජ්‍ය අනුග්‍රහය ලැබූ බවත් සනාථ වේ. මෙම සෙල්ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හමුවන්නේ 2023 ජූලි 10 වැනිදාය. එනම් වසරක් ගත වී ඇත. දිඹුලාගල වනයේ මී කැඩීමට ගිය පිරිසක් මෙම සෙල්ලිපිය දැක ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇත. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තානුර දයානන්ද මහතාගේ මූලිකත්වයෙන් මෙම ශිලා ලේඛනය පිටපත් කර ඇත. මසක පමණ කාලයක් සෙල්ලිපිය පිටපත් කිරීම සඳහා ගත වී ඇත. ශිලා ලේඛනය අර්ථ ගැන්වීම ආරම්භ කර ඇත්තේ 2023 දෙසැම්බර් මාසයේ සිටය.
ශිලා ලේඛනය හමුවීමත් සමග මෙහි අන්තර්ගතය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විවිධ වූ වැරදි ප්‍රචාරය විය. එම අවස්ථාවේ ශිලා ලේඛනය කියවා අර්ථ නිරූපණය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අභිලේඛන අධ්‍යෂක අචාර්ය මාලනී ඩයස් මහත්මිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටි ආරච්චි මහතාගේ සම සභාපතිත්වයෙන් කමිටුවක් පත්කළ අතර කමිටු සමාජිකයන් ලෙස බුද්ධි නාගොඩ විතාන, කන්තලේ සුමිත්ත හිමි, අභිලේකන අංශයේ සියලුම නිලධාරීන් ඇතුළත් විය. ශිලා ලේඛනයේ පිටපත අශ්‍රයෙන් මූලික වාර්තාවක් 2024 පෙබරවාරි 6 වැනි දා පුරාවිද්‍යා අමාත්‍යවරයා වෙත භාරදීමට කමිටුව කටයුතු කරන ලදී. පසුව වැඩිදුර කියවා අර්ථ ගැන්වීම උදෙසා දිඹුලාගල ප්‍රදේශයට ගොස් පියවි ඇසෙන් දැකබලා අර්ථ ගැන්වීමට වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචර්ය තුසිත මෙන්ඩිස් මහතා සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය අවශ්‍ය පහසුකම් සලසා දුනි. අචාර්ය අර්ජුන තන්තිලගේ, ඉන්දික විතන්ගේ සහ මනෝජ් මිහිරංග යන මහත්වරුන්ගේ දායකත්වය ඇතිව බහු වර්ණාලීක්ෂ ඡයාරූපකරණය මගින් ඩ්‍රෝන කැමරා භවිතයෙන් ශිලා ලේඛනයේ ත්‍රිමාණරූපී ඡයාරූප ලබා ගෙන කියවීම ආරම්භ කළේය. තව දුරටත් භාෂාව පිළිබඳ විශේෂ සහය අවශ්‍ය වූ බැවින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ මහාචාර්ය රත්නසිරි අරංගල මහතා සහ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ගල්වැවේ විමලචත්ති හිමියන්ගේ සහය ලබා ගන්නා ලදී.
සෙල්ලිපිය සහ අවට පරිසරය එනම් දුඹුලාගල මාරාවීදිය නාමල් පොකුණ කොස්ගහ උල්පත් යනාදී ආරාම සංකීර්ණ සමග ශිලා ලේඛනයට පවතින සම්බන්ධය සොයා බැලීමට 2024 ජූලි 13 -14 නැවත ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් සම්පූර්ණ වටපිටාවම ඡයාරූපකරණය කළේය. මේ වනවිට ශිලා ලේඛනයේ සැලකිය යුතු ප්‍රමාණයක් කියවා අවසන් කොට ඇත.
දිඹුලාගල ශිලා ලේඛනය අදින් වසර 2200 කට ඉහත කාලයක දී ලියූවකි. අන්තර්ගතය පිළිබඳව සලකා බැලීමේ දී සරලම අදහස වන්නේ භික්ෂූන් වහන්සේලා වෙත කරන ලද පූජා පිළිබඳවය. එහිදී විවිධ දායකයන් එනම් රාජකීය මට්ටමේ දායකයන්, ස්වාමීන් වහසේලා මෙන්ම සාමන්‍ය ජනතාව පිළිබඳව සඳහන් වේ. පූජා කිරීම් අතර ලෙන් පූජා කිරීම්, ජල පහසුකම් සැපයීම් පිළිබඳ තොරතුරු අන්තර්ගත වේ. මාර්ග පහසුකම් සකසා දුන් බවට, කුටි පූජා කිරීම් , බැංකුවලට සමාන මූල්‍ය ආයතන පිළිබඳව ද සඳහන් වේ. ක්‍රි.පු 2 වැනි සියවසේ දී ජීවත් වූ රාජකීයන් කීප දෙනකුගේ තොරතුරුද මෙහි සඳහන් වේ. මෙම ශිලා ලේඛනය කිසියම් රාජකීය හෝ විහාරවාසී ස්වාමීන් වහන්සේ නමකගේ මැදිහත් වීමෙන් කරුණු කරණ කෙටුම්පත් කර තිබූ ඓයිතිහාසික ලේඛනයකි.
මෙම ශිලා ලේඛනය සම්බන්ධව ඉතා වැරදි අදහස් බුදුහාමුදුරුවන් සම්බන්ධ කොට ප්‍රචාරය වු අතර ඒවයෙහි කිසිදු සත්‍යතාවක් නොමැත. වචනයෙන් වචනයට අර්ථ ගැන්වීම ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට කමිටුව බලපොරොත්තු වේ. මේ දිනවල භාෂා ලක්ෂණ, ව්‍යාකරණ ලක්ෂණ, අක්ෂර ලක්ෂණ ආදිය පිළිබඳව තොරතුරු විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
(***)
ශෂිකා අබේරත්න
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
සමිත් දිසානායක Wednesday, 24 July 2024 03:27 PM
මෙම සෙල්ලිපිය ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරිපිටදී අදාල ස්ථානයේ සිටම කියවන්න..
janahitha Wednesday, 24 July 2024 04:11 PM
මහින්ද මහත්තයාගේ නමත් මෙහි තියෙනවා... කියවන විට ලිවීම උගන්වා තියෙන්නේත් එම කාලයේලු...
chandima Wednesday, 24 July 2024 10:19 PM
වැඩේ නම් හොඳයි ඒත් අර පුරා විද්‍යා ඇමැතිට පිටපතක් බාර දුන්නා කියන්නේ?
විනිවිද දකිමි Thursday, 25 July 2024 08:25 AM
මෙහි පර්යේෂකයන් සියලු දෙනාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ සහ නොවන අය වෙයි. මෙහි ඇති සත්‍යය ඉතිහාසය වසන් කර බොරු කන්දරාවක් ඉදිරියේදී අහන්න ලැබෙයි.