IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


බැංකුවේ මුදල් මල්ල පැය කීපයකින් සොයා ගනියි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින්  රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරා ගත් එම ආයතනයේම රියදුරා පැමිණිල්ල ලැබී පැය 24 ක් තුළදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි

අස්ථානගත වූ මුදල් මල්ලේ තිබු රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහසක මුදලක්  පොලිසිය මගින් සොයා ගෙන ඇත

බම්බලපිටිය පොන්සේකා පෙදෙසේ පිහිටි මූල්‍ය ආයතනවල මුදල් එක්රැස් කිරීම සහ බෙදාහැරීම සිදු කරනුු ලබන ආයතනයක රියදුරෙකු ඇතුළු සිව් දෙනකු විසින් කොළඹ ප්‍රදේශයේ පිහිටි ATM කුටී 15ක එක් රැස්ව තිබූමුදල් ඉකුත් 13 වෙනිදින එකතු කරගෙන එම ආයතනය වෙත පැමිණ තිබූ බව පොලිසිය කියයි

ඔවුන් විසින් මුදල්මලු 15ක් රැගෙන ආවද ආයතන වෙත භාරදී ඇත්තේ මුදල් මලු 14ක් බවත් වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ATM කුටියෙන් ලබා ගත් රුපියල් කෝටියකට අධික මුදල්  අඩංගු මල්ල බාරදී නොමැති බවට එම ආයතනයේ ජේෂ්ඨ මෙහෙයුම් කළමනාකරු පොලිසිය වෙත පැමිණිලි කර ඇත

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු  කණ්ඩායමක් මුදල් එකතු කිරීම සඳහා ගිය කණ්ඩායමේ නිලධාරීන් තිදෙනාගෙන් හා රියදුරාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව  පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකර අනතුරුව සීසීටිවි  දර්ශනද පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි

ඒ අනුව එදින මුදල් එකතු කිරීම සඳහා යොදාගත් වෑන් රථයේ රියදුරා අදාල ආයතනයේ වෑන් රථය ගාල්කිරීමෙන් අනතුරුව  අදාළ වෑන් රථය තුළින් තිබී යම් බෑගයක් කරමත එල්ලාගෙන ආයතන භූමියෙන් පිටවන අයුරු සීසී වී කැමරාවේ සටහන්ව තිබීම හේතුවෙන්  එම රියදුරා අදාළ ආයතනය තුළදී අද (15) දහවල් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී එකී මුදල් තොගය අඩංගු බෑගය ඔහු විසින් සොරාගෙන ඔහු පදිංචි පයාගල නිවස කරා රැගෙන ගිය බවට අනාවරණය කළ බව පොලිසිය කියයි

විමර්ශන සිදුකළ පොලිස් කණ්ඩායම සැකකරුගේ මග පෙන්වීම මත සැකකරු පදිංචි පයාගල නිවස වෙත ගොස් කාමරයේ අල්මාරියේ සඟවා තිබූ  රුපියල් එක්කෝටි තුන් ලක්ෂ අනූ හයදාහක් මුදලක් අඩංගු මුදල් බෑගය සොයා ගැනීමට සමත් වී ඇත

අත්අඩංගුවට ගත් සැකකරු මීට මාස හයකට පමණ ඉහතදී සේවයට පැමිණි 34 හැවිරිදි පුද්ගලයකු බවත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය බවත් පොලිසිය සඳහන් කරයි

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් පත්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපු පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

බැංකුවේ මුදල් මල්ල පැය කීපයකින් සොයා ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 30 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site