ලෝකයේ ලොකුම පඩි ගන්නා නායකයන් මෙන්න
ලොව වැඩිම වාර්ෂික වැටුපක් ලබා ගන්නා රාජ්‍ය නායකයා කවුරුන් ද? මේ පැනයට පිළිතුරු ‘විෂුවල් කැපිටලිස්ට්’ නමැති ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනය, ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර තිබේ. ‘විෂුවල් කැපිටලිස්ට්’ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, ඔබ මේ ලිපිය කියවන මොහොතේ, වාර්ෂිකව වැඩිම වැටුපක් ගන්නා ලෝක නායකයා, ‘ලී ක්වාන් යූගේ සිංගප්පූරුවේ’ වත්මන් අග්‍රාමාත්‍යවරයා ලොරෙන්ස් වොංග්ය.