IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ලොව බලවත්ම රටේ ඝාතනය වූ ජනපතිවරු

ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නය ලොවම කැලඹූ පූවතක් බවට පත් වූ බැවින් ඒ හා බැඳූණු කරුණූ කිහිපයක් සවිස්තරාත්මකව ඔබ හමූවේ තැබීම කාලෝචිත යැයි සිතමි.

ලොව දැඩිම ආරක්ෂාවක් ලබන පූද්ගලයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයායි. ඇමරිකානූ රජය වසරකට ඒ වෙනූවෙන් ඩොලර් බිලියන 3.2 ක් වැය කරයි. ඒ සඳහාම කැපවූණු ආරක්ෂක නිලධාරීහු8,300 ක් සේවයේ නිරතව සිටිති.

ජනපති ආරක්ෂක සේවය හඳූන්වන්නේ "Secret Service" නමිනි. එය වසර 1865 දී ස්ථාපිත කරන ලද්දේ එවකට ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ ඝාතනයට පසූවයි.

මේ වනවිට ඇමරිකානූ ජනපතිවරුන් 4 දෙනකු ඝාතනයට ලක්වී තිබේ.

16 වැනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් - වසර 1865 (රෙපබ්ලිකන් පක්ෂය)

20 වැනි ජනාධිපති ජේම්ස් ගාර්ෆීල්ඩ් - වසර 1881 (රෙපබ්ලිකන් පක්ෂය)

25 වැනි ජනාධිපති විලියම් මැකින්ලී -- වසර 1901 (රෙපබ්ලිකන් පක්ෂය)

35 වැනි ජනාධිපති ජෝන් කෙනඩි -- වසර 1963 (ඩෙමොක්‍රටික් පක්ෂය)

මේ අතරින් ජනපති ලින්කන් සහ ජනපති කෙනඩි වෙඩි පහරට ලක්වූ දිනම මිය ගිය අතර, ජනපති මැකින්ලී වෙඩි වැදී දින 6 කට පසූවත්, ජනපති ගාර්ෆීල්ඩ් වෙඩි වැදී දින 79 කට පසූවත් මියගොස් තිබුණි.

එයිනූත් අවාසනාවන්ත ලෙස දීර්ඝ කාලයක් වේදනා විඳිමින් සිට මිය ගියේ ජනපති ගාර්ෆීල්ඩ්ය. ප්‍රතිකාර කිරීමේ දී සනීපාරක්ෂාවෙන් තොරවූ දෑත් සහ මෙවලම් භාවිතා කිරීම හේතුවෙන් ඇතිවූ ආසාදනයක් ඔහූගේ මරණයට හේතු විය. උණ්ඩය ජනපති ගාර්ෆීල්ඩ්ගේ ශරීරය තුළට වැදී තිබූණු අතර, ශල්‍යකර්ම අද මෙන් නොදියුණූ යූගයක, එය ඉවත් කිරීමට සඳහා (දූරකතනය නිමැවූ) ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් නිර්මාණය කළ Metal Detector  එකක් භාවිතයට ගැනුණි. අවාසනාවට ජනපති ගාර්ෆීල්ඩ්  සතපා තිබූ ඇදේ Coil Springs තිබූණි. ඒවාත් ලෝහ වලින් නිමැවුණු බැවින් ද නිවැරදි කියවීමක් ලබාගැනීමට Metal Detector එක අපොහොසත් විය. ජනපති ගාර්ෆීල්ඩ්ගේ මරණයට හේතු වූයේ ප්‍රතිකාර කිරීමේ දී සිදූවුණු අත්වැරදීම්ය.

තවද, මේ වන විට ජනාධිපති ට්‍රම්ප් ට අමතරව තවත් ඇමරිකානූ ජනාධිපතිවරුන් තිදෙනකු ඝාතන ප්‍රයත්නයන්ට ලක්වුණු නමූදූ ඔවුන් දිවි ගලවා ගැනීමට සමත් වී තිබුණි.

7 වැනි ජනාධිපති ඇන්ඩෘ ජැක්සන් - වසර 1835

ඩෙමොක්‍රටික් පක්ෂයේ නිර්මාතෘ ජනපති ජැක්සන් ට තුවක්කුකරුවකු පිස්තෝල 2 කින් වෙඩි තැබූ නමූදූ පිස්තෝල දෙකම පත්තු වූණේ නැත. වෙඩික්කරු සිටියේ ජනපතිට අඩි කිහිපයක් ඈතින් බැවින් ඉතාමත් ශක්තිවන්තයකු ලෙසට නමක් දිනා සිටි ජනපති ජැක්සන් තම අතේ තිබූණු යෂ්ඨියෙන් ඝාතකයාට පහර දූන්නේය.

26 වැනි ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් - වසර 1912

දෙවරක් ජනාධිපතිධූරය දැරූ රෙපබ්ලිකන් පක්ෂයේ ජනපති රූස්වෙල්ට් තුන්වැනි ධූරකාලයක් සඳහා Progressive Party නමින් පක්ෂයක් හදාගෙන ජනාධිපතිවරණයට තරග කළේය. ඡන්ද රැස්වීමක් ඇමතීමට සූදානම් වෙද්දී ජනපති රූස්වෙල්ට් තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්විය. ජනපතිගේ වාසනාවට, පිටූ 50 කින් සමන්විත වූ ඔහූගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිහිප වරක් නවා ඔහුගේ උඩ සාක්කුවේ රඳවා තිබූණා මෙන්ම ලෝහ වලින් නිමවූණු ඔහුගේ කණ්ණාඩි කොපූව ද එම සාක්කුවේම තිබූණි. එබැවින් පපූවට එල්ල කළ උණ්ඩයේ වේගය අඩාල වෙමින් හදවත පසාරු වී යාම වැළකුණි. වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කළ ජනපති රූස්වෙල්ට් එසැනින් මැතිවරණ වේදිකාව මතට නැගී රුධිරය වැගිරෙමින් පවතිද්දීත් එක දිගට මිනිත්තු 84 ක් වූ ඔහූගේ කතාව සම්පූර්ණයෙන් කර අවසන් වූ පසූ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේය.

40 වැනි ජනාධිපති රොනල්ඩ් රේගන් - වසර 1981

ජනපති රේගන් අගනූවර දී තුවක්කුකරුවකුගේ වෙඩිපහරට ලක්වූ අතර ඔහූට එල්ල කළ වෙඩි පහර වැදීමෙන් ජනපති මාධ්‍ය ලේකම් ද තුවාල ලැබ තිබුණි.

ඇමරිකා එක්සත් ජනපදය තරම් රාජ්‍ය නායකයන් ඝාතනයට ලක් වූ හෝ ඝාතන ප්‍රයත්නයට භාජන වූ හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෝකයේ තවත් නැත.

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රදීපස්ථම්භය නැත්නම් මූදූන්මල්කඩ ලෙසට සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ පූරවැසින් සහ සිවිල් සමාජය භුක්ති විඳින අසීමිත නිදහසේ එක් අයහපත් අතුරුඵලයක් ලෙසට එය දකින්නට පුළුවන. පූරවැසියන්ට අවි දැරීමේ අයිතිය ඇමරිකානූ ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනයෙන් ස්ථාපිත කර තිබේ.

ඇමරිකාවට පසුව ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී රට වූ මහා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නායකයකු කිසි දිනෙක මෙලෙස ඝාතනයට ලක්වී ඇතිදැයි ඔබට කුතුහලයක් නැගෙන්නට පූළුවන.

වසර 1812 දී එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වූ ස්පෙන්සර් පර්සිවෙල් තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්වූණි. එදා මෙදා තුර බ්‍රිතාන්‍යයේ ඝාතනයට ලක් වූ එකම අගමැතිවරයා ඔහූ පමණි.

1721 සිට අද දක්වා වසර 303 ක් තුළ පත්වූණු බ්‍රිතාන්‍ය අගමැතිවරුන් 57 දෙනාගෙන් ඝාතනයට ලක් වූයේ එක් අගමැතිවරයකු පමණි.

1789 සිට අද දක්වා වසර 235 ක් තුළ පත්වූණු ඇමරිකානූ ජනාධිපතිවරුන් 46 දෙනාගෙන් ඝාතනයට ලක්වූණු ගණන හතරකි.

මෙහි ඇති ඝාතනයට ලක්වූ ජනාධිපතිවරුන්ගේ රූප උපූටා ගැනුණේ ධවල මන්දිරයේ බිත්ති සරසා තිබෙන හිටපූ සෑම ජනාධිපතිවරයකුටම හිමි නිල රූ සිතුවම් පෙළිනි.

 

(***)
පාර්ලිමේන්තු මන්ත්‍රී
ඩලස් අලහප්පෙරුම

 



අදහස් (0)

ලොව බලවත්ම රටේ ඝාතනය වූ ජනපතිවරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1875 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site