IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලෝකයේ ලොකුම පඩි ගන්නා නායකයන් මෙන්න

ලොව වැඩිම වාර්ෂික වැටුපක් ලබා ගන්නා රාජ්‍ය නායකයා කවුරුන් ද? මේ පැනයට පිළිතුරු ‘විෂුවල් කැපිටලිස්ට්’ නමැති ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනය, ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර තිබේ. ‘විෂුවල් කැපිටලිස්ට්’ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, ඔබ මේ ලිපිය කියවන මොහොතේ, වාර්ෂිකව වැඩිම වැටුපක් ගන්නා ලෝක නායකයා, ‘ලී ක්වාන් යූගේ සිංගප්පූරුවේ’ වත්මන් අග්‍රාමාත්‍යවරයා ලොරෙන්ස් වොංග්ය. ඔහුගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් මිලියන 1.6කි. ශ්‍රී ලංකා රුපියල්වලින් නම් එය, රුපියල් කෝටි 480කි.

‘විෂුවල් කැපිටලිස්ට්’ ආයතනය, විවිධාකාරයේ තොරතුරු ලෝ වැසියන් හමුවට රැගෙන යන රාජ්‍ය නොවන ආයතනයකි. ඔවුන්ගේ වෙබ් අඩවි, බ්ලොග් අඩවි බොහොමයකි. ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලා හා සම්බන්ධ වී ඔවුන් තොරතුරු ලබාගෙන, ඒවා එකට එක් කර ප්‍රසිද්ධියට පත් කිරීම සිදු කරයි.

ලෝකයේ වැඩිම වැටුපක් හිමි කරගන්නා රාජ්‍ය නායකයන් 10 දෙනාගේ ලැයිස්තුව ‘විෂුවල් කැපිටලිස්ට්’ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග්ය.

වැඩිම වැටුප් ලබන රාජ්‍ය නායකයන් 10 දෙනාගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ හොංකොං ප්‍රධානි ජෝන් ලී කා චියුය. හොංකොං යනු රටක් නොව, චීනයට යටත් පාලන ප්‍රදේශයකි. හොංකොං පාලනය වන්නේ චීන හිතවාදීන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් යටතේය. ජෝන් ලී කා චියුගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් 695,000 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 200ක් පමණ) කි.

තෙවැනි ස්ථානයේ පසුවන්නේ, ස්විට්සර්ලන්ත ජනාධිපතිනි වියෝලා අම්හර්ඩ්ය. ඇගේ වැටුප ඇමෙරිකන් ඩොලර් 530,000කි. ලෝකයට ලොක්කා වන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින්නේ සිවු වැනි ස්ථානයේය. ලබන නොවැම්බර් 5 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයා බයිඩන්ය. 81 හැවිරිදි බයිඩන්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වයස්ගතම පුද්ගලයාය. බයිඩන්ගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් 400,000කි.

පස්වැනි ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයාය. ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ පාලක පක්ෂයේ නායකයාය. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පාලක පක්ෂය ලෙස බලයේ සිටින්නේ කම්කරු පක්ෂයයි. කම්කරු පක්ෂයේ නායක ඇන්තනි ඇල්බනීස් අග්‍රාමාත්‍ය ධුරය හොබවන අතර, ඔහුගේ වැඩුප ඇමෙරිකන් ඩොලර් 390,000කි.

ලොව වැඩිම වැටුපක් හිමි කරගන්නා රාජ්‍ය නායකයන් අතර හය වැනි ස්ථානයේ පසුවන්නේ, ජර්මන් චාන්සලර්වරයා වන ඕලාෆ් ෂොල්ස්ය. ඒ, ඇමෙරිකන් ඩොලර් 367,000ක වැටුපක් හිමි කරගනිමිනි. හත් වැනි ස්ථානයේ පසුවන්නේ රාජ්‍ය නායකයකු නොව, යුරෝපා සංගමයේ සහ යුරෝපා කොමිසමේ සභාපති, එසේත් නැති නම් ප්‍රධානියාය. ඇය උර්සුලා වොන්ඩර් ලින්ය. උර්සුලා ඇමෙරිකන් ඩොලර් 364,000ක මුදලක් වැටුප් ලෙස ලබා ගනී.

‘විෂුවල් කැපිටලිස්ට්’ වෙබ් අඩවියට අනුව, අට වැනි ස්ථානයේ පසුවන්නේ කාර්ල් නෙහැමර්ය. ඔහුගේ වැටුප ඇමෙරිකන් ඩොලර් 307,000කි. කාර්ල් නෙහැමර් යනු ඔස්ට්‍රියාවේ චාන්සලර්වරයාය. ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව යුරෝපා රටවල්ය.

ලැයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින්නේ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝය. කලක් ජනප්‍රිය නායකයකු වුණු කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝගේ ජාත්‍යන්තර වේදිකාවේ ජනප්‍රියත්වය අද වන විට පහළ ගොස් ඇත. එසේ වුවත්, ඔහුගේ වාර්ෂික වැටුප නොවෙනස්ව පවතී. ටෲඩෝගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් 292,000කි.

අවසානයේ 10 වැනි ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවේ අසල්වැසියා මෙන්ම, මුලින්ම හිරු උදා වන රාජ්‍යයක් ලෙස සැලෙකන නවසීලන්තයයි. නවසීලන්තයේ ද අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේත් පාලක පක්ෂයේ නායකයාය. වර්තමානයේ ‘ජාතික පක්ෂය’ බලයේ සිටින අතර, නවසීලන්තයේ ඇත්තේ හවුල් රජයකි. අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ ක්‍රිස්ටෝපර් ලුක්සොන්ය. ඔහුගේ වාර්ෂික වැටුප ඇමෙරිකන් ඩොලර් 288,000කි.

 

(***)

ලුසිත ජයමාන්න

විෂුවල් කැපිටලිස්ට් ඇසුරිනි



අදහස් (3)

ලෝකයේ ලොකුම පඩි ගන්නා නායකයන් මෙන්න

චතුරි Saturday, 20 July 2024 06:21 AM

අපේරටේ. නායකයින් මිට වැඩිය මුදල් ගන්නවාමාසිකව හොරා කාලා.

:       4       24

Nalaka Tuesday, 23 July 2024 07:59 AM

වැඩියෙන් හම්බ කරන්නේ අපේ රටේ පාලකයන්... හොරකම් තමා ආදායම

:       3       8

Janath Tuesday, 23 July 2024 11:35 AM

කරුණාකර නිවැරදි සාකච්ඡාවක් අවශ්‍යයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site