බරපතළ ආර්ථික අර්බුදයකින් පසු ශ්‍රී ලංකාව තාවකාලික ස්ථාවර තත්වයක් ළඟාකරගෙන සිටී. සැලැස්මකට අනුව ගමන් කළහොත් අනාගතය පැහැදිලිය. පොදු ජනතාව බලවත් දුෂ්කරතාවක පසුවේ. ජීවන වියදම ඉහළ තලයකට පැමිණ ඇති අතර අධික බදු අයහපතට හේතු වී තිබේ.
රට ගොඩනැගීම සඳහා පටු තීරණවලින් පලක් නොවේ. ඊළඟ ආණ්ඩුව සහ විධායක ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණ පැවැත්වීමට නියමිතය. ප්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂවලට මෙරට ඉදිරි ගමන භාරගැනීමේ අවස්ථාව විවෘතය. බලය ලබාගැනීමෙන් පසු අනුගමනය කරන ප්‍රතිපත්ති රට ඉහළට ඔසවා තබනු ඇත.
ඡන්ද කාලයේ දී දූෂණය ගැන යහමින් කියැවෙයි. ජාතික සම්පත් ගැන අලුත් නිර්වචන ලැබේ. බලවත් රටවල ආධිපත්‍ය ගැන තොරතුරු නිර්මාණය වේ. ඡන්දදායකයන් අවදිකර තමන්වෙත අවධානය ලබාගැනීම දේශපාලන පක්ෂවල පරමාර්ථය වී ඇත. ඕනෑම ක්‍රමයකින් මහජනතාව කැමැති කරගෙන බලය ලබාගතහොත් රට කරවන ක්‍රමය දන්නා බව දේශපාලන පක්ෂ නායකයන්ගේ ප්‍රකාශ අඟවයි.
කොබෝල්ට් පැහැරගැනීමට සූදානම්වන අසල්වැසියා
ශ්‍රී ලංකාවට නුදුරින් පිහිටි සාගර පත්ලේ ඇති වටිනා කොබෝල්ට් නිධියක් ගැන අනාවරණයක් තිබේ. ශ්‍රී ලංකාවට අයිතියක් ඇති මෙම සම්පත වෙත ඉන්දිය අවධානයක් ඇති බව දෙස් විදෙස් මාධ්‍ය ප්‍රචාරය කරමින් සිටී. කොබෝල්ට් නිධිය අත්පත් කරගැනීමේ චීනය හා ඉන්දියාව අතර සැලැස්මක් ගැන ද ඇතැම් මාධ්‍ය සවිස්තරාත්මකව කරුණු දක්වා තිබුණි.
පේසාලේ තෙල් නිධියකින් ලබාගත් බොරතෙල් ස්වල්පයක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ආන්දෝලනයක් මතු කරන ලද සිද්ධියක් හැත්තෑ ගණන්වල දේශපාලනයේ කියැවේ. පසුව තෙල් නිධි සොයාගත් නමුත් කිලෝමීටර් පහක් ගැඹුරු මුහුදෙන් බොරතෙල් ලබාගැනීම වාසිදායක ආයෝජනයක් වූයේ නැත. ස්වභාවික ගෑස් නිධි ද මන්නාරම අවට මුහුදේ පවතින අතර මේවා ගවේශනයකර කැනීම් සඳහා අවශ්‍ය අධික වියදම සලකන ආයෝජකයෝ ඒවා අත්හැර දමති. පසුව අනුරාධපුරයේ පොස්පේට් නිධියක් ඇමරිකානු සමාගමකට විකුණන ප්‍රයත්නයක් ගැන ආන්දෝලනයක් ඇති කෙරිණ. පොස්පේට් විකුණන යෝජනාව සාකච්ඡා කළ ආණ්ඩුව, ඊළඟ ඡන්දයෙන් පරාජයට පත් වූ අතර විදෙස් සමාගම් පොස්පේට් නිධිය ගැන අවධානය අත්හැර තිබුණි.
කොබෝල්ට් නිධිය සම්බන්ධ විවාදය ද තවත් කෙටි කාලකට පසු අවසන්වනු ඇත. ඉන්දීය සාගරයේ කෙළවරක පිහිටි කොබෝල්ට් නිධිය වර්ග කිලෝ මීටර් තුන්දහසක් පුරා පැතිරී ඇති බව දැක්වේ. ජාත්‍යන්තර මුහුදු නීතිය අනුව මුහුදු සීමාවෙන් කර ඇත. ශ්‍රී ලංකාවේ පහළ කෙළවර මුහුදු සීමාව කිලෝමීටර් දෙසියකි. මෙම කොබෝල්ට් නිධිය ශ්‍රී ලංකාවට දකුණින් කිලෝ මීටර් එක්දහස් පනහක් එපිටින් පිහිටා තිබේ. එම දත්ත අනුව මෙම කොබෝල්ට් නිධිය ශ්‍රී ලංකාවට අයත් බව එකහෙළා ප්‍රකාශ කළ නොහැක. 1996 වසරේ දී පහළ මුහුදු සීමාව තවත් පුළුල් කරන ලෙස මුහුදු සීමා නීර්ණය කොමිසමට ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබේ. මෙම ඉල්ලීම තවමත් සලකා බලා නැත. කිලෝමීටර් 200 ක් මෙපිට ඇති මුහුදේ ධීවර කර්මාන්තයෙහි යෙදෙන්නට අසමත් ශ්‍රී ලංකාව සීමාව ඉක්මවා පස් ගුණයක් ඈතින් ගැඹුරු මුහුදේ කොබෝල්ට්වලට අයිතිවාසිකම් ප්‍රකාශ කිරීම ප්‍රායෝගික නැත.
අනාගතයේ දී කොබෝල්ට් වැදගත් සම්පතක්
කොබෝල්ට් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ විශාල උනන්දුවක් තිබුණේ නැත. නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරි නිෂ්පාදනය, ගුවන් යානා අමතර කොටස් නිපදවීම ඇතුළු කර්මාන්තවලට කොබෝල්ට් අවශ්‍ය කෙරේ. ඛනිජ තෙල් අතහැර හරිත බලශක්තියට නැඹුරුවන ජගත් ප්‍රජාව විශේෂයෙන් සුර්ය තාප විදුලියට හරවා ඒවා ලිතියම් බැටරිවල ගබඩාකරන්නටත් වාහන ධාවනයට යෙදවීමටත් සැලසුම් කරයි. ඉන්දියාව වසර 2070 වන විට ඛනිජ තෙල් භාවිතය අවම කරන වෑයමක පසුවේ. තවත් දශක හතරකට වඩා වැඩි කාලයෙක දී සිදුවන පරිවර්තනය සලකා ඉන්දියාව කොබෝල්ට් නිධි අත්පත් කරගන්නට සූදානම්වන බව සැක කළ හැකිය.
කෙසේ නමුත් තෙල් අතහරින්නට ද ඉන්දියාව සූදානම් නැත. ඔවුන්ගේ විශාලතම තෙල් කැනීමේ ව්‍යාපෘතිය රාජස්ථානයේ අරඹා ඇත. කර්නාටක ප්‍රාන්තයේ ලෝකයේ තුන්වැනි විශාලතම වාණිජ තෙල් ගබඩා සංකීර්ණය ඉදිකරමින් සිටී. අබුඩාබි රාජ්‍යයද එයට ආයෝජනය කරන කැමැත්ත පළ කර තිබේ. යුරෝපා ආධාර සහිතව හයිඩ්‍රජන් භාවිතා කර විදුලිය නිෂ්පාදනයට සුදානම්වේ. ඔස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශයේ නිපදවන සූර්ය විදුලිය සිංගප්පූරුවට යාකරන අතරවාරයේ ඉන්දියාව ද එහි අතරමැදින් සම්බන්ධවීමට කැමැත්ත පළ කර ඇත. ඉන්දියාවේ අතිරේක විදුලිය එම පද්ධතියටත් එයින් පසු එම විදුලිය එක්සත් අරාබි එමීර් හා සවුදි අරාබිය දක්වා විහිදුවන්නටත් ගිවිසුම් පසුගිය කාලයේ අත්සන් කළේය.
ලෝකයේ විශාලතම ජනගහනය හා වැඩිම බලශක්ති අවශ්‍යතාවක් කරා ගමන් කරන ඉන්දියාව අලුත් පැති කරා අවධානය යොමු කරමින් සිටී. ඉන්දියාවේ බලශක්ති අවශ්‍යතාව වසර 2030 වන විට සියයට පනහකින් ඉහළ යන අතර ඛනිජ තෙල් පිරිපහදු අවශ්‍යතාව සියයට තිහකින් වැඩිවිය හැකි බව පර් යේෂකයෝ පෙන්වා දී ඇත්තාහ. මෙම වෙළෙඳ පොළ අභියෝග කරා ගමන් කරන ඉන්දියාව අනුගමනය කරන ප්‍රතිපත්ති කෙරෙහි අවධානයකින් පසුවීම ඉතා සුදුසුය. කොබෝල්ට් අයිතිය හා එහි ගවේශන ගැන ද මෙම ලෝක රාමුවෙන් හැර අවධානය පලක් ඇති තර්කයක් නොවේ.
අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන හයක්
කොංගෝ රාජ්‍යය, ලෝකයේ විශාලතම කොබෝල්ට් අපනයනයකරු බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. කොබෝල්ට් අපනයනවලින් සියයට හැත්තෑ තුනක් කොංගෝවට අයත්ය. කෙසේ වෙතත් වසර 2030 වන විට මෙම ප්‍රතිශතය සියයට 57 දක්වා අඩුවන අතර එයට හේතුව ඉන්දුනීසියාව අතුරු නිෂ්පාදනයකක් වශයෙන් ලැබෙන කොබෝල්ට් අඩු මිලට සපයන සූදානම බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඔස්ට්‍රේලියාව, පිලිපීනය හා කියුබාව වැනි රටවල ද කොබෝල්ට් සුළු වශයෙන් ඇත. ලෝකයේ ඉහළ අවධානයක් ඇති මුල ද්‍රව්‍යයක් වශයෙන් කොබෝල්ට් අඟවන අතර ශ්‍රී ලංකාවට නුදුරින් ඇති සම්පතක් වන කොබෝල්ට් නිධි ඉන්දියාව ඩැහැගැනීමට මානබලන බව දක්වන නමුත් 2022 වසරේ කොබෝල්ට් අපනයනයෙන් කොංගෝව උපයාගෙන ඇති සම්පූර්ණ විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හයකි. මෙම කොබෝල්ට් තොගයෙන් සියයට අනු නමයක් චීනය මිල දී ගෙන ඇති අතර සිංගප්පූරුව හා දකුණු කොරියාව ඉතාම ස්වල්පයක් මිල දී ගෙන තිබේ.
අනාගතයේ දී කොබෝල්ට් අවශ්‍යතාව දෙගුණයක වේගයකින් ඉහළ යනු ඇති බව සැලකේ. විදුලිය බලයෙන් ධාවනය වන වාහන හා වෙනත් මෙවලම් සඳහා අවශ්‍ය කරන බැටරි නිපදවන තරම අනුව කොබෝල්ට් ඉල්ලුම ඉහළ යනු ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳාම සලකන පසු බරපතළ විනිමය හිඟයක් තිබේ. පවතින ආර්ථික අර්බුදය විනිමය පිරිහීමේ විපාකයකි. මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ රටට වැඩිම විනිමය ප්‍රමාණයක් ප්‍රේෂණය කරති. එය ඇමරිකානු ඩොලර් බිලියන හයකට ආසන්නය. ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක්, තේ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් හා මෘදුකාංග අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් උපයන ශ්‍රී ලංකාව අලුත් ආදායම් සොයමින් පසුවේ. එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවට හිමි මුහුදු සීමාවටත් වඩා තවත් කිලෝ මීටර් අට සියයක් පමණ එපිටින් ඇති කොබෝල්ට් නිධිය අත්පත්කරගෙන අපනයන ආර්ථිකයක් ගොඩනැගීම පහසු කාර්යයක් නොවේ. අපට ලබාගත නොහැකි කොබෝල්ට් ඉන්දියානුවන් අත්පත් කරගැනීමට වෑයම් කරන බව හුවා දැක්වීම ඉතා සාර්ථක දේශපාලන උපායකි. හඳෙන් හාල්, ධාන්‍ය රාත්තල් අටක්, රුපියල් විසි පන්දහසක ඉතුරුම් සහතිකයක්, දූෂණය තුරන් කර පාන් තුනයි පනහකට වැනි අදහස් හා ඉතාම සමාන තත්වයකි.
දුවන මුවන් දැක අතහැර දමන පලා
ඉන්දියාවට ආර්ථික දොරටුවක් වශයෙන් සම්බන්ධවීමෙන් පසු රටට අත්පත් කරගත හැකි අවස්ථා ගැන වසර විස්සක් තිස්සේ සාකච්ඡාකර ඇත. රට තුළ විශාල විරෝධයක් තිබේ. පහසුවෙන් ලබාගත හැකි අවස්ථා අත්හරින ශ්‍රී ලංකාව නැති අවස්ථා ගැන විශාල භීතියක් නිර්මාණය කරන්නට සමත්වෙති.
ශ්‍රී ලංකාව වෙරළ තීරයේ හා නොගැඹුරු මුහුදේ සුළං බලාගාර ඉදිකිරීමෙන් විදුලිය නිපදවිය හැකි බව පර් යේෂණවලින් හෙළි වී ඇත. පරිසරයට බාධාවන අතර මෙරටට එන සංචාරක පක්ෂීන්ට අවහිරවන බව දක්වා එයට විරෝධයක් තිබේ. කොළඹ වරාය ප්‍රති අපනයන සඳහා දියුණු කරන සැලැස්මකට ඉන්දියාව හා ජපානය සූදානම් විය. ජාතික සම්පත් බව දක්වා එය ප්‍රතික්ෂේප කළේය. කොළඹ දකුණ වරාය පර්යන්තය වසර ගණනක් තිස්සේ නිසොල්මන්ය. සැහැල්ලු දුම්රිය සේවාවක් අරඹන යෝජනාව ප්‍රතික්ෂේප කරන ලද අතර දුම්රියට කන්ටේනර් පැටැවිය නොහැකි බව දක්වන ලද විශේෂඥ වාර්තා හෙයින් මගී දුම්රිය යෝජනාව අත්හැරියේය. එම්.සී.සී. ආධාර බාර නොගන්නට ආණ්ඩුව ගත් තීරණයට හේතු වූයේ රට මැදින් පාරක් තනන්නට ඇමරිකාව සූදානම්වන බව ප්‍රකාශ කරමින් බව අමතක කළ යුතු නැත. කොත්මලේ බලාගාරය, අධිවේගී මාර්ග, ගෑස් හා තෙල් කැනීම්, ෆාම් ඔයිල් වගාව යනා දී සියලුම දේ අත්හැර දමා තිබේ. ඇඟලුම් කර්මාන්තය ආරම්භවන කාලයේ පවා එයට තිබුණ විරෝධතා අමතක කළ යුතු නැත. කරගත හැකි හා වහාම අනුගමනය කළ යුතු තීරණ විසි කරන මෙරට පාලකයෝ රැල්ලක් සේ නැගී එන තර්කවලින් බියපත් වෙති. ලබාගත හැකි ස්වර්ණමය අවස්ථා අත්හරින අතර නොපෙනෙන මිරිඟු ඔස්සේ අනාගතය දකින්නට වෙහෙසෙති. මෙම පසුබිම ඉතාම කනගාටුදාය බව සඳහන් කළ යුතුය.
ප්‍රායෝගික තීරණ ගැනීමෙන් ආර්ථික වාසි
දශක හතක කාලයක් තිස්සේ ලබාගත හැකි අලුත් ආර්ථික අවස්ථා අත්හරින ලද ශ්‍රී ලංකාව අද පවතින අභාග්‍ය සම්පන්න ස්ථානය ගැඹුරින් සලකා බැලීම අවශ්‍යය. ආණ්ඩුවක් තීරණ ගන්නා මොහොතේ දී විපක්ෂය විරුද්ධවේ. විරුද්ධත්වය සමග එකතුවන මාධ්‍ය අභ්‍යන්තරය නිවැරදිව දකින්නේ නැත. පටු වාසි දකින දේශපාලනඥයන්ගේ ප්‍රකාශ ජනතාවට සන්නිවේදනය කරමින් සිටී. මෙවැනි පසුබිමක් එදා තිබුණේ නම් ගල්ඔය, මහවැලි බහුකාර්ය යෝජනා ක්‍රමය වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ නැත.
පසුගිය කාලය තිස්සේ අනුගමනය කළ මෙකී විකෘති තත්වය ශ්‍රී ලංකාව ඉතාමත් භයානක අවසානයක් කරා කැඳවාගෙන පැමිණ ඇත. ජීවත්වීමට නොහැකි රටක් සේ සලකා වෘත්තිකයන්, දරුවන් වෙනත් රටවලට නික්මයන ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. කර්මාන්ත හා ව්‍යාපාර පවා ලෝකයේ අනෙක් රටවලට නික්මයන බව වාර්තා දක්වයි. රට තුළ ව්‍යාපාර පවත්වාගෙන යෑමේ දී මතුවන බාධා වටහා ගෙන ඇති ව්‍යවසායකයෝ බදුවාසිවලින් ප්‍රයෝජන ගනිමින් තමන්ගේ ව්‍යවසාය අනෙක් තැනකට ගෙන යන තරම කොපමණ ද යත් කොළඹ වරාය නගරයට පවා සංක්‍රමණය වන බව පෙනේ. මෙවැනි අවස්ථාවක ප්‍රතිපත්ති සම්පාදකයන්, විද්වතුන් හා තීරණ ගන්නා පිරිස් වහාම පොදු අභිවෘද්ධිය තකා පෙරමුණ ගත යුතුව ඇත.
තාවකාලික වාසි ලබන ආන්දෝලනාත්මක සිද්ධිවලින් රටට පලක් ලැබී නැත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන අනාගතය දෙස බැලිය යුතුවේ. ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා පිටතින් ධනය අවශ්‍යය. විදේශ ධනය ලැබෙන මාර්ග විවෘතකරන අතර ඒවා ප්‍රායෝගිකව හසුරුවන, භූ දේශපාලනික උපක්‍රම හදුනාගෙන විසඳුම් කර ගමන් කරන ව්‍යවසාය බුද්ධි ආයතන රටට අවශ්‍යය. අභ්‍යන්තරය හෙළිකරන අතර තීරණ ගන්නට පසුබිම ඇති කළ යුතුය.
(*** සාරා කන්දෙගොඩ)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඡන්ද කාලේ දේශපාලන යටිසූත්තර
මැක්ස් Tuesday, 16 July 2024 11:16 AM
බොරුවෙන් මුලා වී අවස්තාවන් මඟ හැරීමට ශ්‍රී ලාංකිකයන් තරම් වෙනත් කිසිම ජාතිකයකු සමත් නැත. 1977 සහ 2015 වසරවල සිදු වූ මුලාවීම් ඊට හොඳම මෑත කලීන්උදාහරණ වේ.
චන්දිම Tuesday, 16 July 2024 05:05 PM
අපේ රටේ තිබෙන ස්වභාවික සම්පත් අපේ රටේ විද්වතුන්ගේ දැනුමෙන් අගය වැඩි නිෂ්පාදන බවට පත් කර අපනයනයෙන් විදේශ විනිමය උපයන්න කෙසේවත් නොහැකියි කියලද ඔබ මේ වටෙන් ගිහින් කියන්නේ? මම දන්නවා එප්පාවල පොස්පේට් අපේ රටේ මිනිසුන්ට පුළුවන් එහි ඇති ෆ්ලොරින් අඩු කර පොස්පේට් පොහොර නිපදවන්න. නමුත් වත්මන් දේශපාලකයාට එවැනි දේ ගැන එහෙම උවමනාවක් නැහැ. ඔවුන්ට ඕනි එක්කෝ නිදිය පිටින් කාට හරි විකුනලා සල්ලි ටික ගන්න හෝ පස් ටොන් ගණනින් අඩු මුදලට විකුනන්න. ඔබ දන්නවද මේ දිනවල දේසපාලන බලපෑමෙන් ඉතා අඩු මුදලට එප්පාවල පොස්පේට් පස් පිට රටට විකුණන බව? ඒවාට ටෙන්ඩර් නැහැ. මෙහෙම බැහැ. අපි අපේ සියලුම සම්පත් ගැන නිසි තක්සේරුවක් කල යුතුයි. ඊට පසු තීරණ ගත යුතුයි. අර එම්.සි.සි. ගිවිසුමේ ඇතුලත හරියටම මොනවාද තිබුනේ කියල කියන්න ඔබවත් දන්නවද? ඒ ගැන හරි දේවල් කවුරුත් කිව්වෙත් නැහැ. හොඳයි හොඳයි කිව්වා විතරයි.