ආණ්ඩුවේ ණයට ජනතාවට බදු බර
ලංකාවේ දේශපාලන වාසනාව පෙන්ඩනයක් සේ පැද්දෙමින් තිබේ. මීට ටික දිනකට පෙර තත්ත්වය රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට වාසිදායක බවක් පෙනෙන්නට තිබුණි. පාර්ලිමේන්තුවේ බහුතරය IMF ගිවිසුම අනුමත කළ අතර, විපක්ෂයේ කුඩා කණ්ඩායම් එයට එරෙහිව ඡන්දය දුන්න ද, ප්රධාන විපක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියේ, එම පක්ෂය තුළ සිටින බලගතු ආර්ථික විශේෂඥයන් කිහිපදෙනකුගේ බලපෑම නිසා විය යුතුය.