IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


විවාහ මංගල්‍යයක් වෙනුවෙන් පාසලක නිවාඩුදීම සාධාරණද?

හරි අපූරු පාසලක් සම්බන්ධ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ පාසලේ විදුහල්පතිනියගේ පුත්‍රයකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා වැලිඔය, ගජබාපුර, පරණගම විදුහල වේලාසනින්ම වසා දැමූ බවය.

විදුහල්පතිනියගේ පුත්‍රයා එම විදුහලේම ස්වේච්ඡා ගුරුවරයෙකි. මනාලිය ද එම පාසලේම ස්වේච්ඡා ගුරුවරියකි. මෙම විවාහ මංගල්‍ උත්සවයට සහභාගිවීම සඳහා  ප්‍රාථමික අංශයේ සිසුන් පෙරවරු 10.30ටද ඉහළ පන්තිවල සිසුන් පෙරවරු 11ට පමණද නිවෙස්වලට පිටත්කර යවා ඇතැයි එම ප්‍රවෘත්තියේ සඳහන්ය. විදුහලේ ආචාර්ය මණ්ඩලය පෙරවරු 10.30ට පමණ විදුහලෙන් පිටත්ව ගොස් ඇත. 

විදුහල්පතිනියගේ පුත්‍රයා මෙන්ම එම පාසලේම සේවය කරන සහෝදර ගුරුවරයකුගේ සහ එම පාසලේම සේවය කරන සහෝදර ගුරුවරියකගේ විවාහ මංගල්‍යයට සහභාගිවීම ආචාර්ය මණ්ඩලයේ සෙස්සන්ගේ වගකීමකි. යුතුකමකි. එහෙත් විවාහ මංගල උත්සවයකට සහභාගිවීම අවමංගල්‍යයක් බවට පත්කර නොගැනීමේ ප්‍රඥාව එම ආචාර්ය මණ්ඩලයට තිබුණු බවක් පෙනෙන්නට නැත.

කළමනාකරණය පිළිබඳ ප්‍රාථමික දැනුම ලබාගන්නේ පාසලෙනි. සුවිශේෂි අවස්ථාවක එම අවස්ථාව නිසි පරිදි කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳ අමතක නොවන පාඩමක් එම  දරුවන්ට ඉගැන්වීමට ආචාර්ය මණ්ඩලයට ඉතා හොඳ අවස්ථාවක් තිබිණි. එහෙත් ආචාර්ය මණ්ඩලය වෙතින් එම අගනා ආදර්ශය ගිලිහී ගොස් තිබේ.

අප ප්‍රවෘත්තියට අනුව එම පාසලේ 11 වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. සිසු දරුවෝ  200කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබති. විවාහ මංගල්‍යයට සහභාගිවීම පිණිස එදින පාසලට පැමිණ ඇති ආචාර්ය  මණ්ඩලය ඉගැන්වීම්  කටයුතු නොකර දරුවන්ට සෙල්ලම් කිරීමට අවස්ථාව ලබාදී තිබේ. දෙමාපියන් අප පුවත්පතට ප්‍රකාශ  කර තිබුණේ  දරුවන්ට ඉගැන්වීම වෙනුවට එම දරුවන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදී ගුරුවරුන් මංගල උත්සවයට සූදානම් වෙමින් සිට ඇති බවය.

මෙම චෝදනාව ඉතා බරපතළය. එක් අතකින් රාජකාරිය පැහැර හැර ඇත. තව අතකින් දරුවන්ට ඉතා වැරදි ආදර්ශයක් දී ඇත. විශේෂයෙන් වගකීම් සහගත බව ගුරු වෘත්තීය තුළ අනිවාර්යයෙන් ම තිබිය යුතුය. විනය නිර්මාණය වන්නේ එමගිනි. විනයකින් තොරව  පාසලක් පවත්වාගෙන යා නොහැකිය.  පාසලක් ආරම්භ කිරීමට අවසන් කිරීමට නිශ්චිත වෙලාවක් ඇත. එබඳු පරිසරයක මංගල උත්සවයකට සහභාගිවීම වැනි අතිශයින්ම පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් පාසල හිතුමනාපේ වසා දැමීම කිසි ලෙසකින් හෝ සාධාරණීකරණය කළ නොහැකිය.

මේ සම්බන්ධයෙන් අප පුවත්පත විදුහල්පති ආර්.කේ. ඇනස් ශ්‍රියාලතා මහත්මියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කර තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් කතා කිරීමට මඟුල් ගෙදරට පැමිණෙන ලෙසය. එමෙන්ම මුලතිව් සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගනේෂලිංගම් මහතාගෙන් විමසූ විට ඒ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ‘ගජබාපුර පරණගම විදුහලේ ගුරුවරුන්ට වෙඩින් එකකට යන්න කියලා වේලාසනින්ම පාසල වහන්න අවසර දීල නෑ. අප දැනුවත්  කරලත් නෑ, එහෙම අවසරයක් දෙන්නත් බෑ. එහෙම වසා දැම්මානම් ඒක නීති විරෝධියි. ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නවා’. යනුවෙනි.

පාසල් පද්ධතියෙන් අනිවාර්යයෙන්ම  ආදර්ශ ප්‍රදර්ශනය විය යුතුය. එහෙත් එබඳු බලගතු ආදර්ශ වෙනුවට නුගුණ දැක්වෙන ප්‍රවෘත්ති පාසල් පද්ධතියෙන් වැඩි වැඩියෙන් වාර්තාවීමට පටන්ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඉතා තියුණු අවධානයක් යොමුකළ යුතුය.

(***)



අදහස් (6)

විවාහ මංගල්‍යයක් වෙනුවෙන් පාසලක නිවාඩුදීම සාධාරණද?

pakeer Tuesday, 15 August 2023 02:06 PM

මෙය වනාහී මහා විහිළුවකි... පැය 02ක් පාසල වේලාසනින් වැසූවිට මෙපමණ බෙරිහන් දෙන අය... මාසයක් ආණ්ඩුවේ නොමනා ක්‍රියා නිසා තෙල් නැතිව පාසල් වැසූ අවස්ථාවේ නිහඬව සිටියා. ඒ වගේම කොළඹ ඕනෑතරම් අය නිවාඩු නොදා දවල්ට මගුල්ගෙවල්වල ගිහින් ආපසු කාර්යාලයට එනවා. මේවාට වඩා ඉතා දරුණු ගණයේ අධ්‍යාපනයට වෙන විෂමතා ඇතත් ඒවා ගැන කතා නොකර මෙවැනි ඉතා සුළු සිද්ධියක් සම්බන්ධයෙන් මොර දෙන්න තරම් දෙයක්ද?

:       7       29

මං ය මං Tuesday, 15 August 2023 04:44 PM

පාසලේ විදුහල්පතිනියගේ පුතාගේ මගුලට යන්නේ නැති ගුරුවරු ඉන්නවා නම් ඉතින් ඔවුන් මිනිස්සු වෙන්න බැහැ. අපි රස්සා කරන්න‍ේ ජීවත් වෙන්න මිසක් ජීවත් කරන්නේ රස්සා කරන්න නෙවේ. මනමාලිත් පාසැලේ ගුරුවරියක් නම්, මනමාලයත් පාසලේ උගන්වනවා නම් ඒ අයගේ වෙඩින් එකට යන්න සෑම ගුරුවරයෙක්ම පෙළඹෙනවා. මොකද හැමදාම වෙඩින් ගන්නේ නැහැනේ. මාධ්‍ය ඔස්තාර්ල මිනිස්සු මොනවා කළත් විවේචන කරලා කීයක් හරි හොයාගන්න බලනවා. ළමයින්ව කල් ඇතිව ගෙදර යවලා ගුරුවරු නිවාඩු දාලා ගියා නම් මම නම් වරදක් දකින්නේ නැහැ. අනිත් එක මේ රටේ බලන්නේ වැඩට වෙලාවට ආවාද කියන එක විතරයි. ඇවිත් වැඩ කළාද? කරන වැඩේ ඇත්තටම රටට වැඩක් තියෙනවාද කියලා බලන්නේ නැහැනේ...

:       6       28

chandimaFriday, 18 August 2023 06:33 AM

පින්පඩි අරන් පිනට බුරියානි ගිලින ඇමතියෝ කවුරුවත් වෙලාවට වැඩට එනවද?

:       0       10

Nimal Wednesday, 16 August 2023 08:15 AM

මෙවැනි හිතුවක්කාර..., දඩබ්බර ක්‍රියා වෙනුවෙන් දැඩි තීන්දු ගත යුතුයි.

:       23       5

chandima Friday, 18 August 2023 06:32 AM

ඒ ගොල්ලොත් මිනිස්සුනේ... දැන් මොකක්ද කරන්න කියන්නේ... ඒ ගුරුවරු අස්කරලා වැලි ඔය පාසල සදහටම වහලා දාන්නද? අනික අවුරුදු ගණන් පාසල් වස්සපු කොටි සාමාජිකයින්ට ඇමැතිකම් දුන්නා. ඒ කොටින්ට ආයුධ දීපු දේශපාලඥයෝ ජනාධිපතිකම් වලත් දුන්නා. ඒ කොටින්ගේ යුද්ධයෙන් ගසාකාපු දරුවන්ට පිටරට මාලිගා ගත්තු ජනාධිපතිලා මැරෙනකල් පැන්ෂන් අරගන්නවා. ඒ මදිවට මහජන මුදලින් පඩිගන්න ආරක්ෂකයෝ පිරිවරාගෙන වීදි සංචාරයත් කරනවා. එහෙව් රටේ මේ ගුරුවරයා තමන්ගේ එකම දරුවාගේ මගුලට ටිකක් කළින් ගිය එක තමයි දැන් හැමෝටම උහුලන්න බැරිවෙලා තියෙන්නේ...? අම්මපා මොවුන්ගේ කටවල් වලට හෙණ නැහැනේ...?

:       1       9

Ranajani Friday, 25 August 2023 03:54 PM

ටික දෙනෙකුගේ වුවමනාවක් නිසා ළමයි 200 ක් ඉන්න පාසලක්‌ දවසක් වැහුවොත් ඒ පාඩුව ළමයින්ට. පාසලේ ළමයකුගේ හරි ගුරුවරයෙකුගේ හරි මරණයකදී වත් පාසල් වහන්නේ නැහැ. නිල ඇඳුමින්ම මළ ගෙදරට සහභාගි වෙනවා. මගුල් ගෙදරක් කල්තියා දින වෙන් කරගෙන කරන දෙයක්. පාසල් දිනයක් නැතිව නිවාඩු දිනයක් දාගන්න ඔලුවක් නැති ගුරුවරු ඉන්න රටක් සිරි ලංකාව කියන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 127 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2041 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site