IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සූර්යය බලශක්තියෙන් ව්‍යාපාර සවිබල ගැන්වීමට NDB කර්මාන්ත අමාත්‍යාංශය සමග හවුල් වේ

තිරසාරභාවය සහ ආර්ථික ප‍්‍රගතිය සඳහා වූ සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව, කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව, ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන් අතර සූර්යය බලශක්ති භාවිතය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කළ “E-Friends II” ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ විශේෂ පහසුකමක් හඳුන්වා දී ඇත. ව්‍යාපාරවල මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරමින් පිරිසුදු බලශක්ති විසඳුම් වෙත යොමු වීමට පහසුකම් සලසන මෙම මුලපිරීම, පුනර්ජනනීය බලශක්තිය වඩාත් දැරිය හැකි මිලකට පහසුවෙන් ලබා ගැනීම සඳහාම සැලසුම් කර ඇත.
ඉහළ යන බලශක්ති පිරිවැය සහ පාරිසරික අභියෝගවලට ප‍්‍රතිචාර දැක්වීමක් වශයෙන් පුනර්ජනනීය බලශක්තිය සඳහා ඇති ඉල්ලූම වර්ධනය වන විට, E-Friends II සූර්යය බලශක්ති ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය මගින් ව්‍යාපාරවලට සූර්යය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය මූල්‍යමය සහය ලබා දේ. මෙම පහසුකම යටතේ රුපියල් මිලියන 10 දක්වා සියයට 6.5 ක ඉහළ තරගකාරී පොලී අනුපාතයක් යටතේ වසර 10ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් සහිතව මෙම ණය පහසුකම ලබාගත හැක. ව්‍යාපාරවලට 50KW දක්වා සූර්යය බලශක්තිය ස්ථාපනය කළ හැකි අතර, එමගින් ඔවුන්ගේ කාබන් භාවිතාව අඩු කරමින් පිරිවැය අඩු කිරීම සඳහා ප‍්‍රායෝගික සහ තිරසාර මාර්ගයක් ලබා දේ.
සූර්යය බලශක්තිය යොදා ගැනීමෙන් ව්‍යවසායකයන් දිගුකාලීන බලශක්ති ඉතිරි කිරීම් ලබා ගැනීම පමණක් නොව, රටේ හරිත සංක්‍රාන්තියට අර්ථවත් දායකත්වයක් ද ලබා දේ. පරිසර හිතකාමී භාවිතය ක්‍රියාත්මක කිරීමට, ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ ගෝලීය තිරසාර ප‍්‍රවණතා සමග පෙළගැසීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන් සඳහා මෙම යෝජනා ක්‍රමය වඩාත් සුදුසුය.
NDB බැංකුවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, මධ්‍යම වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ උප සභාපති ඉන්දික රණවීර මහතා මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ ‘පාරිසරික වශයෙන් වගකිවයුතු ව්‍යාපාරික පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ වැදගත් පියවරක් වන සූර්යය බලශක්ති භාවිතයට සහය වීම සඳහා E-Friends II ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය දීර්ඝ කිරීමට ලැබීම ගැන NDB බැංකුවේ අපි ඉතා ආඩම්බර වන බවත්, ඒ හරහා, ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන්ට පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීමට, පුනර්ජනනීය නොවන සම්පත් මත යැපීම අඩු කිරීමට සහ තිරසාර වර්ධනයක් සඳහා යොමුවීමට ව්‍යවසායකයන් සවිබලගැන්වීම අපගේ අරමුණ බවත්ය.
පාරිභෝගික කේන්ද‍්‍රීය බැංකුකරණ ප‍්‍රවේශය සමගින්, බාධාවකින් තොරව ණය අයදුම් කිරීමේ සහ මුදල් ලබා දීමේ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා NDB බැංකුව සූදානමින් සිටියි. බැංකුවේ පුළුල් ශාඛා ජාලය සහ කැපවූ නිලධාරීන්ගේ සහය ඇතිව, රට පුරා සිටින ව්‍යවසායකයන්ට සූර්යය බලශක්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ උපදෙස් සහ ගැළපෙන මූල්‍ය විසඳුම් ලබා ගත හැකිය.
සූර්යය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට සහ පිරිසුදු, වඩාත් පරිසර හිතකාමී හා වඩාත් ඔරොත්තු දෙන ශ‍්‍රී ලංකාවක් සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබාදීම සඳහා මෙම කාලෝචිත අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ලබාගන්නා ලෙස NDB බැංකුව ව්‍යවසායකයන්ට ආරාධනා කරයි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළෙඳපොළ අනුබද්ධ සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.



අදහස් (0)

සූර්යය බලශක්තියෙන් ව්‍යාපාර සවිබල ගැන්වීමට NDB කර්මාන්ත අමාත්‍යාංශය සමග හවුල් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site