IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නා Asia Miracle සම්මාන Vista Solar Energy සමාගමට

මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවකු වන Vista Solar Energy  සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සැපයුම්කරු ලෙස සම්මාන දිනුවේය. නිවාස හා ව්‍යාපාරික ස්ථාන සඳහා අවශ්‍ය සූර්ය බල ශක්ති විසඳුම් සපයමින් තිරසාර බල ශක්ති උත්පාදනය සහ පරිභෝජනය ඉහළ නැංවීමට සුවිශාල කාර්යභාරයක් ඉටු කරන Vista Solar Energy  පසුගිය කාලයේදී ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවකු බවට පත් වෙමින් පිරිසුදු බල ශක්ති ප්‍රභව පිළිබඳව උනන්දු පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇත. ඉහළ කාර්යක්ෂමතාවක් සහිත සූර්ය පැනල පද්ධති, එකිනෙකට වෙනස් අවශ්‍යතාවලට ගැළපෙන තාක්ෂණික සහාය, සුළං බල ශක්ති විසඳුම් ඒ අතර ප්‍රධාන වේ. 

Vista කාර්ය මණ්ඩලය සූර්ය බල ශක්ති විසඳුම් පිළිබඳ මූලික උපදේශන ක්‍රියාවලියේ සිට ස්ථාපනය සහ නඩත්තුව දක්වා වන සියලු‍ම සේවා සපයයි. සෑම පාරිභෝගිකයකුටම එක් ක්‍රමවේදයක් අනුගමනය නොකර ඒ ඒ පාරිභෝගිකයාගේ පරිශ්‍රයේ පිහිටීම, බල ශක්ති පරිභෝජන රටාව, අනාගත අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සේවා සැපයීම සුවිශේෂ කරුණකි. ඒ හරහා ස්ථාපනය කරන සෑම සූර්ය පැනල පද්ධතියකින්ම උපරිම ඵල නෙලා ගැනීමට හැකියාව ලැබේ. දේශීය කාලගුණික වෙනස්කම්වලට ඔරොත්තු දෙන ලෙස උසස් ප්‍රමිතියෙන් යුතු කල් පවත්නා අමුද්‍රව්‍යවලින් නිපදවන සූර්ය පැනල පාරිභෝගිකයන්ගේ විදුලි බිල පහළ අගයක පවත්වා ගෙන යමින් ෆොසිල ඉන්ධනවලින් විදුලිය උත්පාදනය අවම කරයි. පාරිභෝගිකයන් පවසන්නේ එම සූර්ය පැනල මිල දී ගත් දින සිට විදුලි බිල අවම වූ බවයි. Vista Solar Energy  පාරිසරික වගවීමක් සහිත වගා පිළිවෙත් භාවිත කරමින් වැනිලා, පලතුරු සහ අනෙකුත් බෝග වගා කරනAgrovista සමාගමට අනුබද්ධිත ආයතනයකි. පුනර්ජනනීය බල ශක්තිය තුළින් පරිසරය සුරකින එම සමාගමේ දැක්ම තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය සඳහා වන Agrovista සමාගමේ දැක්ම සමඟ හොඳින් සමපාත වේ. 



අදහස් (0)

විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නා Asia Miracle සම්මාන Vista Solar Energy සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site