විනිතා එම් ගමගේ
ටින් මාළු කී සැනින් සිහිපත් වන්නේ සැමන්, ටූනා, මැකරල් වැනි මසුන්ය. එසේ නැතිනම් ආනයනය කරන ලද ටින් කළ මසුන්ය. එහෙත් වැව් මාළු ටින් කරන බව ඔබ දන්නවාද?
මේ සටහන කැට්ලා නමැති වැව් මාළුවා ටින් කර යුරෝපා වෙළඳපොළට යැවීමට සැරසෙන ව්‍යාපාරිකයකු වන නිමල් ජයසූරිය මහතා පිළිබඳවයි. ලංකාවේ ගම්මානවල වැව් මාළු පළමුවරට ටින් කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටය. ෆොර්කොන්ස් සමාගමේ නිර්මාතෘවරයා වන ජයසූරිය මහතා මේ වනවිට යුරෝපා වෙළඳපොලේ නම ගිය ව්‍යාපාරිකයෙකි. ඔහුගේ උපන් ගම බේරුවල ය.
මාළු ඇඹුල් තියල්, කජු මාළුව, මැකරල් මාළු, කොස් දෙල්, මස් මාළු මිශ‍්‍ර කළ ෆ්‍රයිඩ් රයිස් ආදිය ටින් වශයෙන් ද බැදපු කරවල වර්ග, උම්බලකඩ, චට්නි, පොල්සම්බෝල ආදි ආහාර බෝතල් සහ වායු රික්තක පැකට්ටු වශයෙන් ද විදේශයන්ට අපනයනය කරන ජයසූරිය මහතා ඒවා ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව ගුණාත්මක නිෂ්පාදන වශයෙන් සකස් කිරීමට උත්සුක වෙයි.
නිවෙස්වල සකසන ඕනෑම ආහාරයක් විදේශ රටවල සිටින ඥාතීන් වෙත යැවීම සඳහා ඔහුගේ උපකාරයෙන් වැකියුම් පැකට් සාදාගැනීමට ලාංකිකයන්ට අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකාව තුළ මේ ආහාර ටින් කර යුරෝපා රටවලට යැවීමේ අවසරය පවතින්නේ ද ඔහුට පමණි.
නිමල් ජයසූරිය මහතා සකස් කළ පළමු වැව් මාළු ටින් නිෂ්පාදනය පසුගියදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත තිළිණ කළේය. වැව් මාළු ටින් නිෂ්පාදනය පිළිබඳව ඔහු මෙසේ කියයි.
‘‘මේක කරන්න පුළුවන් ද කියා මට සැකයක් තිබුණා. නමුත් මම ඒ ගැන සොයා බැලූවා. දේශීය දෑ අගයන ව්‍යාපාරියකු වන ආරියශීල වික‍්‍රමනායක මහතාගේ මැදිහත් වීම මට ශක්තියක් වුණා.
සැමන්වලට නැත්නම් මැකරල් වලට වඩා රසට කටු හැපෙන කැට්ලා නම් මාළුවා ටින් කරන්න පුළුවන්. කැට්ලා කිලෝ 35 ක් වෙනතෙක් ම වැව්වල වර්ධනය වනවා. එනිසා ඈත ගම්වල වැව්වල මේ මාළුවා බෝකර මේ ව්‍යාපාරය කරන්න පුළුවන්.
ග‍්‍රාමීය ප‍්‍රදේශවල වැව් ප‍්‍රතිසංස්කරණය කර ඒවාට මාළු පැටව් බෝකර වැව් ආරක්ෂා කරන්න පුළුවන් නම් හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන්. එයින් ග‍්‍රාමීය ආර්ථිකයත් දියුණු වෙනවා. එමෙන් ම අපනයන ආර්ථිකයත් ශක්තිමත් වෙනවා. පිටරටින් ගෙන්වන පණු සැමන් කන්න වුවමනාවක් නැහැ. නාරා හෝ සමාන ආයතනයක් මේ කටයුත්තේ වගකීම භාර ගෙන කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධව තවදුරටත් පර්යේෂණ සිදුවිය යුතුයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ඩොලරයේ අගය ඉහළ යාමේ ගැටළුවට එක් ප්‍රායෝගික විසඳුමක්. මේ ව්‍යාපාරය දිරි ගැන්වීමට මැදිහත් රජයේ යුතුකමක්.
හොද ආදර්ශයක්. සාර්ථක වේවා!
ශ්‍රී ලංකාව තුළ මේ ආහාර ටින් කර යුරෝපා රටවලට යැවීමේ අවසරය පවතින්නේ ද ඔහුට පමණි කියනවනේ. බලාගෙන ගියාම මේ වගේ අලුත් යමක් රට යවන්නත් වෙනමම අවසර ගන්න වෙනවා. ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නේ?
හොඳ වැඩක් නම් තමයි. ඒත් ගමේ මිනිසා අඩු ගානකට ගත් වැව් මාළු වල මිල ඉහල යන්න පිළිවන්. මොකද වැවේ මාළු සේරම වැඩි ගානට මුදලාලිලා ගනිවි.ටින් කරන්න
අවසරය යන්න යුරෝපා සංගමයේ තීරණය විය හැක. තේ සමග කොහුබත් යවන, ගොරකා වලට පරණ ටයර් කෑලි දාන රටේ එහෙමත් ආවට ගියාට අවසර දේවිද?
මට මේ ව්‍යවසායකයව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද?
සෙනෙවි මහත්මයගේ කතාව ඇත්ත සෑම තැනම හොරකම. මේ රටට එන කොහුබත් එන්නේ මල් පෝච්චි සමඟ පෙත්තක් වශයෙන්. වතුර මුසු කල විට පෝච්චිය පිරෙන්නම ලොකුවෙනවා. මේ රටේ ටයර් තුනියට කපා මහාමාර්ග වලට දමන මිශ්‍රනයට මුසු කරන වග නම් මම දන්නවා.
නියම වැඩක්!