- 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී ස්ථාන 5කින් ඉදිරියට පැමිණීමට සමාගම සමත් වෙලා
- සමාගමේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 1.9 සිට රුපියල් බිලියන 2.5 දක්වා ඉහළ ගිහින්
- ‘A-’ මට්ටමේ සන්නාම ශක්තිමත්භාවය පිළිබඳ ඇගයීමක් (Brand Strength Rating) ලබා ගැනීමටද සමත්ව වෙලා
|
කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව |
එසේම, මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඇති වඩාත්ම වටිනා සන්නාම 5 අතරට පැමිණීමට ද එම සමාගම සමත්ව තිබේ.
එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර මූලස්ථානය පිහිටි Brand Finance යනු ලොව පුරා විවිධ රටවල වටිනාම සන්නාමවල වාර්ෂික ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත්කරන, ස්වාධීන සන්නාම ඇගයීම් සහ උපායමාර්ගික උපදේශන සේවා සපයන ලොව ප්‍රමුඛතම ආයතනයකි. ජාත්‍යන්තරව පිළිගත් සන්නාම ඇගයීම් ක්‍රමවේදයක් ඔස්සේ, සන්නාමවල මූල්‍ය වටිනාකම සහ ශක්තිමත්භාවය තක්සේරු කිරීම ඔවුන් විසින් සිදු කරනු ලබයි.
Brand Finance සන්නාම ඇගයීම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව, මෙවර වැලිබල් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම සිය සන්නාම වටිනාකමේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත. 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී ස්ථාන 5කින් ඉදිරියට පැමිණීමට එම සමාගම සමත්ව තිබේ. තවද, සමාගමේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 1.9 සිට රුපියල් බිලියන 2.5 දක්වා ඉහළ ගොස් ඇති අතර, ‘A-’ මට්ටමේ සන්නාම ශක්තිමත්භාවය පිළිබඳ ඇගයීමක් (Brand Strength Rating) ලබා ගැනීමටද සමත්ව ඇත. මෙය සමාගමේ ප්‍රබල සන්නාම ප්‍රතිරූපය, පාරිභෝගික විශ්වාසය සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දක්වන විශිෂ්ට කාර්යසාධනය පෙන්නුම් කෙරෙන වැදගත් සන්ධිස්ථානයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd