
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, Senok Commercial Vehicles සමග අත්වැල් බැඳගත්තේය. මෙමගින් Eicher වාණිජ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ලීසිං පහසුකම් රැසක් හඳුන්වා දීමට නියමිතය.
මෙම හවුල්කාරිත්වය යටතේ, වසර 5ක් දක්වා වූ ලීසිං කාලසීමාවක් සඳහා සුවිශේෂී පොලී අනුපාත සහ අවශේෂ වටිනාකම් මත පදනම් වූ ලීසිං පහසුකම් පිරිනැමීමට HNB කටයුතු කරයි. මීට අමතරව, පාරිභෝගිකයන් වෙත පළමු වසර සඳහා වාර්ෂික ගාස්තු අය නොකෙරෙන HNB ක්‍රෙඩිට් කාඩ්පතක් ද හිමිවේ. එමෙන්ම, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් මගින් ආකර්ෂණීය වාහන රක්ෂණ වාරික වට්ටම් ද පිරිනමන අතර, එමගින් පාරිභෝගිකයාට උපරිම පහසුවක් මෙන්ම දිගුකාලීන වටිනාකමක් ගෙන දෙන පූර්ණ මූල්‍ය විසඳුමක් සලසා දී ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “ශ්‍රී ලංකාවේ වාණිජ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගතය තීරණය වන්නේ ව්‍යාපාර සඳහා දිගුකාලීන වටිනාකමක් ගෙන දෙන අර්ථවත් සහයෝගීතාව මත පදනම්ව බව HNB අප විශ්වාස කරනවා. Senok Commercial සමග අප ඇති කරගත් මෙම සබඳතාව, ව්‍යාපාරිකයන්ට නව්‍ය මූල්‍ය විසඳුම් සැපයීමට බැංකුවේ කැපවීම මනාව පෙන්නුම් කරනවා. එමගින් ව්‍යාපාරිකයන්ට පූර්ණ විශ්වාසයකින් යුතුව ආයෝජනය කිරීමටත්, තමන්ගේ ව්‍යාපාරික වර්ධනය වේගවත් කරමින් වෙළෙඳපොළේ වඩාත් ශක්තිමත් වීමටත් අවස්ථාව ලැබෙනවා.”
මෙම මූල්‍ය පැකේජයට අමතරව, Senok Commercial Vehicles සමාගම මගින් තෝරාගත් සෑම Eicher වාහනයක් සඳහාම රුපියල් 50,000ක විශේෂී වට්ටමක් ලබා දෙයි.
එමෙන්ම නොමිලේ වාහන ලියාපදිංචිය සහ නොමිලේ නඩත්තු සේවා වාර 3ක් ද පාරිභෝගිකයන් වෙත හිමිවේ. මෙම දීමනා මගින් පාරිභෝගිකයාට ඉහළ වටිනාකමක් හිමි වන අතර, එය Eicher සන්නාමය ශ්‍රී ලංකාව පුරා තවදුරටත් ව්‍යාප්ත කිරීමට සහාය වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd