
ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණාත්මක තේරීම
2026 ඔක්තෝබර් මාසය ළඟා වෙත්ම, ශ්‍රී ලංකාවේ මහ බැංකුව අති වැදගත් ප්‍රතිපත්තිමය තීරණයකට මුහුණ දෙනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව රජය සමග රජයේ නිල උද්ධමන ඉලක්කය සැකසීමේ අලුත් තුන් අවුරුදු මූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් රාමුවකට අත්සන් තැබිය යුතු වේ. නව පාලනයක් බලයට පැමිණීමත් සමග දැනට පවතින සියයට පහේ (5%) උද්ධමන ඉලක්කය අඛණ්ඩව පවත්වා ගන්නේද සියයට දෙකේ (2%) ගෝලීය මිනුම් සලකුණ වෙත යන්නේද නැතහොත් වඩාත් ක්‍රමික සංක්‍රමණීය මාර්ගයක් අනුගමනය කරන්නේ ද යන්න දැන් තීරණය කළ යුතු වේ.
උද්ධමනය ඉලක්ක කිරීමේ ඉතිහාසය
මුදල් සැපයුම ඉලක්ක කිරීමේ සිට උද්ධමනය ඉලක්ක කිරීම කරා යෑම ආරම්භ වූයේ 2000 මුල් කාලයේදී, බැංකුව නව තාක්‍ෂණය සමග පමණක් නොව අලුත් ප්‍රතිපත්තිමය චින්තනයක් සමගද සන්නද්ධ වෙමින් නවීකරණ ව්‍යාපෘතියක් දියත් කළ අවස්ථාවේදීය. 1950 දී ආරම්භ කිරීමේදී පටන් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් සැපයුම පාලනය කිරීමෙන් සාමාන්‍ය මිල මට්ටම් ස්ථාවරව පවත්වා ගැනීමට උත්සාහ කළ අතර එය මූල්‍ය අස්ථාවරභාවයේ ප්‍රධාන වාහකය බව සලකන ලදී. මුදල් සැපයුම නාමික ප්‍රතිපත්තිමය උපකරණයක් වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව එහි ආයුධ ගබඩාවේ තිබෙන ප්‍රධාන නාමික උපකරණය එය බව නිවැරදිව හඳුනාගෙන තිබිණි.
සාමාන්‍ය මිල මට්ටම තීරණය කිරීම
සාමාන්‍ය මිල මට්ටම තීරණය වනුයේ සමුච්චිත (ඒකරාශි වූ) බලවේග දෙකක අන්තර් ක්‍රියාව මගින්ය. සමස්ත ඉල්ලුම නැතහොත් සමූච්චිත ඉල්ලුම සහ සමස්ත සැපයුම හෙවත් සමූච්‍චිත සැපයුම යනු එම බලවේග දෙකයි. මේ දෙකෙහිම හෝ එකක වෙනස්වීමෙන් සාමාන්‍ය මිල මට්ටම් වෙනසකට ලක්විය හැකිය. මහ බැංකුවකට කෙසේ වුවද බලපෑම් කළ හැක්කේ මහජනතාව අතැති මුදල් ප්‍රමාණය වෙනස් කරමින්, සමස්ත ඉල්ලුම වෙනස් කිරීමට පමණකි.
අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනතාව අත මුදල් ඇති විට ඔවුහු භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ඒවා වියදම් කරති. එවිට සමස්ත ඉල්ලුම ඉහළට තල්ලු වේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔවුන් අත මුදල් නොමැති විට, ඔවුන්ගේ මුදල් ශේෂ යළි ගොඩනගා ගැනීම සඳහා ඔවුහු භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සීමා කරති.
මුදල් ප්‍රමාණය වෙනස් කිරීම මගින් මහ බැංකුවකට නාමික සමුච්චිත ඉල්ලුම ඉහළට හෝ පහළට ගෙන ආ හැකිය. ඊට හාත්පසින් වෙනස් වූ භාණ්ඩ හා සේවාවලින් සමන්විත නිෂ්පාදනයේ සමස්ත සැපයුම තථ්‍ය වූවක් ලෙස සැලකේ. එය සැබෑ සැපයුමක් ලෙස සලකනු ලබන්නේ ඒවා මිනිසුන්ට ඍජුවම හෝ තවත් නිෂ්පාදනයක් උදෙසා වූ අමුද්‍රව්‍යයක් ලෙස හෝ භාවිත කළ හැකි බැවිනි. එහි මට්ටම තීරණය කරනු ලබන්නේ භාවිත කළ යෙදවුම්වලින්, යොදාගත් තාක්ෂණයෙන්, නිෂ්පාදන ක්‍රමයෙන් සහ ප්‍රාග්ධනයේ හා ශ්‍රමයේ සම්මිශ්‍රණයෙනි. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය වන්නේ සමස්ත ඉල්ලුම හැඩගැස්වීමයි. එවිට මුදල් ප්‍රමාණය වෙනස් කිරීම පවතින සමස්ත සැපයුමට අනුකූලව කළ හැකිය. මෙම ප්‍රතිපත්තිමය සැලසුම් රටාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රමාණය වෙනස් කිරීම ඉලක්ක කර ගනී. ඇත්තෙන්ම එය අවසාන ඉලක්කයකට වඩා රටේ මූල්‍ය ස්ථාවරත්වය උත්පාදනය කිරීම සඳහා කරන මැදිහත් වීමකි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත් පැවරුම: උද්ධමනය ඉලක්ක කර ගැනීම
මහ බැංකුව නිවැරදි යැයි විශ්වාස කරනු ලබන මූල්‍ය ප්‍රතිපත්තියකට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නිදහස පවතින නමුත් රජයේ අයවැය හිඟය පවත්වා ගැනීමේ පිළිවෙත් සහ සාමාන්‍යයෙන් මුදල් අච්චු ගැසීම යනුවෙන් හඳුන්වන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හෝ වාණිජ බැංකුවලින් මුදල් ණයට ගෙන රජය මුදල් යෙදවීම් කිරීම් ආදියෙන් එහි මුදල් සැපයුම් ඉලක්ක නිතරම පාහේ පීලි පැනීම සිදුවේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට අන් අය පිට වරද පටවා ගැලවීමේ හැකියාවද ලබා දෙයි. සාමාන්‍ය මිල මට්ටම් පවත්වා ගැනීමට අපොහොසත් වීමේ දෝෂය රජය නිසා සිදුවූවකැයි ඊට කිව හැකිය. එවැනි පිළිවෙළකින් සෑහීමකට පත්විය හැකි ප්‍රතිපත්තිමය වගවීමක් පැවරෙන්නේ නැත.
එම නිසා 2000 ගණන්වල මුල් කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තියේ අවසාන අරමුණ හෙවත් රජය සමග කල් තියා එකඟ වූ උද්ධමන ඉලක්කයක් කරා යා යුතුය යන අදහස මතු වූයේය. එසේ වුවද උද්ධමන ඉලක්කයක් අනුගමනය කිරීමට අවශ්‍ය න්‍යායාත්මක කාර්යය සම්පූර්ණ කරන ලද්දේ, 2000 ගණන්වල මුල් කාලයේදී සහ ඉන් අනතුරුවයි.
දැන් ක්‍රියාත්මක වන අලුත් මූල්‍ය ප්‍රතිපත්ති පනත යටතේ බලගැන්වෙන තුරු ශ්‍රී ලංකා මහ බැංකුවට එය ක්‍රියාවට නැගීමට අවශ්‍ය නීතිමය අධිකාරී බලය තිබුණේ නැත. අලුත් මහ බැංකු පනත ක්‍රියාත්මක වීමත් සමග, ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය ප්‍රතිපත්තිමය සැලසුම් රාමුවක් ලෙස උද්ධමන ඉලක්කය ලුහුබැඳ යාමට අවශ්‍ය නිදහසත් නීතිමය බලයත් යන දෙකම අත්පත් කර ගත්තේය. මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිමය සැලසුම් රටාවක් ලෙස උද්ධමනය ඉලක්ක කර ගැනීමට මහ බැංකුවේ කළමනාකරණය අනුගත වූයේ එසේය. එසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් පවතින්නේ එය හදාරන අවධියේය. ඊට අවශ්‍ය දැනුමත් එම සැලසුම් රටාව මෙහෙයුම් කිරීමට අවශ්‍ය දක්ෂතාවත් අත්පත් කර ගැනීමට තවත් වසර කිහිපයක් ඊට ගතවනු ඇත.
සියයට 5 ඉලක්කයේ උරුමය
2023 සැප්තැම්බර් මාසයේ අලුත් මහ බැංකු පනත ක්‍රියාත්මක වීමත් සමග එහි මූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් රටාවට අයත් උද්ධමනය ඉලක්ක කර ගැනීම අනුගමනය කිරීමට අවශ්‍ය නීතිමය අධිකාරී බලය ශ්‍රී ලංකා මහ බැංකුව ලබා ගත්තේය. ඒ අනුව අලුත් ව්‍යවස්ථාපිත නීතිය යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව 2023 ඔක්තෝබරයේදී, රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු රජය සමග සියයට දෙකක ඉහළ පහළ යාමේ හැකියාවෙන් යුක්තව, ඊළඟ වර්ෂ තුන තුළ සියයට පහක උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීමට ගිවිසුමකට එළැඹියේය. 2026 ඔක්තෝබර් මාසයේදී අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් හෙබි රජය සමග එම ගිවිසුම අලුත් කළ යුතුව තිබෙන්නේ ඒ නිසාය.
පසුගිය අවුරුදු තුන පුරා, රජය සමග එකඟව පැවති සීමාව එනම් සියයට 3 සහ සියයට 7 අතර වූ උද්ධමන ඉලක්ක සීමා පරීක්ෂාවට ලක් කරනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ දැඩි මූල්‍ය ප්‍රතිපත්තියෙන් මෙහෙයවන ලදුව උද්ධමනය සියයට 3 පහළ සීමාවෙනුත් පහළට වැටී දීර්ඝ කාලයක් සියයට එක සහ සියයට බිංදුව අතර ගැවසෙමින් තිබිණි. වඩාත් මෑතකදී මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වීම සහ ගෝලීය ඉන්ධන මිල ගණන් ඉහළ යාම ඇතුළු බාහිර කම්පන හේතුවෙන් සමස්ත උද්ධමනය සියයට හතේ සීමාවටත් ඉහළ ගියේය. එකඟ වූ කාල පරිච්ඡේදය තුළ වැඩි කාලයක් ඉලක්කයේ මානයෙන් පිටත රැඳි ශ්‍රී ලංකා මහ බැංකුව එහි උද්ධමන ඉලක්ක සැලසුම් රාමුව විශ්වාසදායී ලෙස ගොඩනැගීමේදී අතිශය තීව්‍ර සුපරීක්ෂාවකට මුහුණ දී සිටී.
උද්ධමනය ඉලක්ක කිරීම සම්බන්ධ විවේචන සතර
ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝගාමී උද්ධමන ඉලක්ක කිරීමේ සැලසුම් රාමුව සම්බන්ධයෙන් ප්‍රධාන විරෝධතා හතරක් විවේචකයන් මතු කර තිබේ.
පළමුවැන්න, නීතියෙන් අවසර දී ඇත්තේ උද්ධමනය ඉලක්ක කිරීමට පමණක් වුවද, බැංකුව එම සැලසුම් රටාව නම්‍ය උද්ධමන ඉලක්ක කිරීමක් ලෙස හැඳින්වීමයි. නම්‍ය උද්ධමන ඉලක්ක කිරීමක් ලෙස, දැනට නොපවත්නා සැලසුම් රටාවකට අනුගත වීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, විශේෂයෙන්ම මැතිවරණවලට පෙරාතුව මුදල් සැපයුම ප්‍රසාරණය කිරීමේ බලාපොරොත්තුවෙන් බලයේ සිටින ආණ්ඩුවට ගැලපෙන ලෙස එහි ඉලක්ක හැඩගැස්වීමේ අවකාශය බැංකුව නිර්මාණය කර තිබෙන බවට විචාරකයෝ තර්ක කරති. ඔවුන්ගේ මතයේ හැටියට මෙම නවීකරණයෙන් බැංකුවේ ස්වාධීනත්වය දියාරු කර තිබේ.
දෙවැන්න සමස්ත ඉල්ලුමට අදාළ දර්ශකයෙන්, ග්‍රහණය කරගන්නා වූ සියලුම මිල ගණන් සම්බන්ධයෙන් පාලනයක් බැංකුවට නැති තත්වයකදී පවා ශ්‍රී ලංකා මහ බැංකුව සමස්ත උද්ධමනය ඉලක්කය තෝරාගෙන තිබීමයි. මූල්‍ය ප්‍රතිපත්තියෙන් බලපෑම් කළ හැක්කේ ඊට සංවේදී වූ මිල ගණන් සම්බන්ධයෙන් පමණකි. ඒවා වඩාත් හොඳින් පිළිබිඹු වන්නේ සමස්ත උද්ධමනයට වඩා මූලික උද්ධමනය තුළයි. එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී ඇත්තේ ඊට සීමිත ලෙස බලපෑම් කළ හැකි දර්ශකයක් පාලනය කිරීමට බවටත් එම නිසා රජය සමග එළැඹි සැලසුම් රාමුවට අසාර්ථක භාවයක්ම උරුම වී ඇති බවට විවේචකයෝ වාද කරති.
තුන්වැන්න ශ්‍රී ලංකා මහ බැංකුව කොළඹ දිස්ත්‍රික්කයේ මිල ගණන් පමණක් ආවරණය වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනිනු ලැබූ සමස්ත උද්ධමනය ඉලක්ක කර ගැනීමයි. එසේ වුවද මහ බැංකුවට බලය පැවරී ඇත්තේ සමස්තයක් ලෙස මුළු රටම ගෙන උද්ධමනය පාලනය කිරීමටයි. වඩාත් හොඳින් එම අරමුණ කරා යා හැක්කේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සම්බන්ධයෙන් ඉලක්ක සකසා ගැනීමෙනි. ජාතික පාරිභෝගික මිල දර්ශකය භාවිත කිරීමෙන් ඉලක්ක කිරීමේ වැඩසටහන පීලි පැනීමක් සිදු නොවන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ දත්ත, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දත්ත නිකුත් කිරීමෙන් සති තුනක් ඇතුළත ලබාගත හැකි වන නිසාය.
සතරවැන්න කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය යන දෙකටම අදාළ පාරිභෝගික භාණ්ඩ හා සේවා රාශිය, 2018 - 2019 කාලය තුළ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ ගෘහාශ්‍රිත ආදායම් සහ වියදම් ඇසුරෙන් ව්‍යුත්පන්න වූවක් වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර අයිතමවලට මුළු පාරිභෝගික භාණ්ඩ රාශියෙන් තැබෙන්නේ සියයට 24ක බරක් පමණකි. කෙසේ වුවද 2020 - 2021 කොවිඩ් 19 වසංගතය සහ ඉන් අනතුරුව පැමිණි 2021 - 2022 ආර්ථික අර්බුදයෙන් පසුව ගෘහාශ්‍රිත පාරිභෝගික රටාව බොහෝ සෙයින් වෙනස් වූයේය. එම නිසා විවේචකයන් තර්ක කරනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව, අලුත් සමීක්ෂණයක් පවත්වා පාරිභෝගික භාණ්ඩ හා සේවා රාශිය, යාවත්කාලීන කරන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ යුතු බවටයි. එවැනි යාවත්කාලීන කිරීමකින් තොරව, මහ බැංකුව සිය ඉලක්ක සපුරා ගන්නට සමත් වුවත් එම ප්‍රතිඵලයෙන් මහජන සුබසාධනය වර්ධනය වන්නේ ඉතාමත් මද වශයෙනි. මන්ද යත් එම ඉලක්කයෙන් තවදුරටත් ජනතාවගේ වර්තමාන පාරිභෝගික රටාව පිළිබිඹු නොවන බැවිනි.
විවාදය : සියයට 2 හොඳම පිළිවෙත යන්නට එරෙහිව ඓතිහාසික යථාර්ථය
ස්වාධීන අර්ථ ශාස්ත්‍රඥයෝ සහ ප්‍රතිපත්ති විශ්ලේෂකයෝ උද්ධමන ඉලක්කය සියයට දෙක දක්වා (2%) පහත හෙළීම සම්බන්ධයෙන් දැඩි ලෙස සහයෝගය දෙති. ඔවුන්ගේ මතය අනුව සියයට පහේ ඉලක්කය පමණට වඩා ඉහළ ඉලක්කයක් වන්නේ නිරන්තරව සිදුවන මිල ගණන් ඉහළ යෑම් නිසා නිවැසියන්ගේ ක්‍රය ශක්තිය ක්ෂය වී යාම, ස්ථිර ආදායම්ලාභීන්ට සැඟවුණු බදු පැනවීම සහ දීර්ඝකාලීන ආයෝජන අධෛර්යවත් වීම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ ඉලක්කය, සංවර්ධිත සහ ඉහළ නැගී එන ආර්ථිකයන්ට පොදු වූ සියයට 2 ඉලක්කයට ගෙන එන්නට වෙනස් කළහොත් දීර්ඝ කාලීනව අල්ලා සිටින මිල ස්ථාවරභාවයක් සහ ආයතනික විශ්වාසවන්තභාවයක් හටගන්නා බවට ඔවුහු තර්ක කරති.
කෙසේ වුවද ඓතිහාසික අත්දැකීම් යොමුව ඇත්තේ ඊට වෙනස් ආර්ථික යථාර්ථයක් වෙතය. 1978 - 2026 අතරතුර කාලයේ ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සාමාන්‍ය උද්ධමන අනුපාතය සියයට 11 ක පමණ ඉලක්කම් දෙකේ අනුපාත කලාපයක රැඳී පැවතිණි. ප්‍රායෝගික ප්‍රතිපත්තිමය යථා දර්ශයකින් බැලූවිට ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සහ සියයට 5 ඉලක්කයට පක්ෂ වූවන් තර්ක කරනුයේ ව්‍යුහාත්මක දෘඩතාව සහ රට දැඩි ලෙස ආනයනික බලශක්ති මත රැඳී පැවතීම නිසා සියයට 2 ඉලක්කය මෙම අවධියේදී ප්‍රායෝගික නොවන බවටය.
රවි රත්න සභාපතිගේ විවේචනය
ස්වාධීන අර්ථ ශාස්ත්‍රඥ රවි රත්න සභාපති විසින් Daily FT පුවත්පතේ පළ කළ ලිපියකින් ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට දෙක දක්වා පහත හෙළීම වඩාත් උචිත වන්නේය යන තර්කය වඩාත් සංයමයෙන් ඉදිරියට ගෙනැවිත් තිබේ.
ඔහු කියා සිටින කේන්ද්‍රගත කාරණය වන්නේ දීර්ඝ කාලයේදී ආයෝජන දිරිමත් කරන්නේත් ඉතිරිකිරීම් ආරක්ෂා වන්නේත් ආර්ථික වර්ධනය තිරසර වන්නේත් ඉහළ උද්ධමන ඉලක්කයකින් නොව පහළ විශ්වාසදායී උද්ධමන ඉලක්කයකිනි යන්නය. ඔහුගේ මතයට අනුව සියයට දෙකේ උද්ධමන ඉලක්කයකින් ව්‍යවසායකයන්ටත් ඉතිරි කරන්නන් හා ආයෝජකයන්ටත් මිල ඉහළ දැමීමේ ප්‍රතිපත්තිමය පියවර ඔස්සේ මුදලේ අගය ශීඝ්‍රයෙන් නොපිරිහෙන බවට විශ්වාසයක් ගොඩනැගෙන්නේය.
රත්න සභාපතිගේ තර්කය විශේෂයෙන් වැදගත් වන්නේ එයින් නිතරම මහ බැංකුකරණයේදී ව්‍යංගයෙන් ඇති කරගන්නා උප න්‍යාසයකට අභියෝග කරන බැවිනි. එනම් මුදල් දීර්ඝ කාලයේදී පුළුල් ලෙස මධ්‍යස්ථ වන්නේය සහ එහි ව්‍යාප්තිමය බලපෑම්, එහි සාර්ව ආර්ථික බලපෑම්වලට ද්විතීයික වන්නේය යන්නත්ය.
දහඅට වැනි සියවසේ අර්ථ ශාස්ත්‍රඥ රිචඩ් කැන්ටිලන්ගේ නමින් නාමකරණය වූ, කැන්ටිලන් බලපෑම ගෙනහැර පාමින් ඔහු තර්ක කරන්නේ මහ බැංකු විසින් නිර්මාණය කරන අලුත් මුදල් ඒ සමගම එසැණින්ම ආර්ථිකයට ඇතුළු නොවන බවටයි. ඒ වෙනුවට ඒවා පළමුවෙන්ම මූල්‍ය පද්ධතියේ ගබඩාවලට පිවිසේ. විශේෂයෙන් බැංකු, විශාල සමාගම්, සහ ශුද්ධ වටිනාකම්වලින් හෙබි ණය ගන්නන් අතට ඒවා පත්වී වත්කම් මිලදී ගන්නට ආයෝජන කරන්නට ඔවුන්ට හැකියාව ලබා දෙයි. එසේ නැතහොත් පොදු මිල ගණන් මුළුමනින් හැඩගැසෙන්නට පෙර ඒවායින් ණය බැඳීම් පියවේ. පසුව වැටුප් උපයන්නන්, විශ්‍රාම වැටුප්ලාභීන්, කුඩා ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය පාරිභෝගිකයන් ඇතුළු අලුත් මුදල් ලාභියෝ කල්තියා (මිලදී ගැනීමේ හැකියාව) ක්‍රය ශක්තිය භුක්ති විඳීමකින් තොරව ඉහළ මිල ගණන්වලට මුහුණ දෙති.
එම නිසා උද්ධමනය හුදෙක් සාර්ව ආර්ථික සංසිද්ධියක් පමණක් නොව ආදායම් ප්‍රතිව්‍යාප්ත කිරීමේ යාන්ත්‍රණයක්ද වන්නේය. එයින් සැබෑ සම්පත් අලුත් මුදලේ මූලාශ්‍රයට ඈතින් ඉන්නා අය වෙතින් එය පළමුව ලබාගන්නා අය වෙත මාරු කරනු ලැබේ.
වර්තමාන ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ රත්න සභාපතිගේ අනතුරු ඇඟවුම ඉහළින්ම අදාළ වන්නේය. බැංකු සහ විශාල සමාගම් වාර්ෂිකව ලාබ ලබාගත් බව අඛණ්ඩව නිවේදනය කරන අතර කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයෝ සහ සාමාන්‍ය නිවැසියෝ සියයට පහට වැඩියෙන් පවතින උද්ධමන බර යටතේ පීඩාවට පත් වී අරගලයක යෙදෙති.
ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළ උද්ධමන ඉලක්කයක් පවත්වා ගතහොත් මෙකී අසමානතාවේ ප්‍රතිඵලය නීතිගත කිරීමේ අවදානම එතැන පවතී. එවිට මූල්‍ය ආයතන සහ විශාල වශයෙන් ණය ලබාගන්නා අය සහනදායී ප්‍රතිපත්ති රාමුව යටතේ නිර්මාණය වන ද්‍රවශීලතාවෙන් වාසි ලබාගන්නා අතර මහ මග ඉන්නා පොඩි මිනිස්සු සැබෑ ආදායම්, ඉතිරිකිරීම් සහ ජීවන මට්ටම් පිරිහී යාම නිසා එහි වන්දිය ගෙවති.
මෙය පොඩි මිනිසාගේ පැත්තෙන් සිදුවන කිසිදු අන්දමේ වැරදි ආර්ථික ක්‍රියාවකට පනවනු ලබන දඬුවමක් නොව පමණට වඩා උද්ධමනය උසුලනු ලබන ප්‍රතිපත්තිමය නිර්මාණයක ප්‍රතිඵලයකි.
එම නිසා මෙම ගැටලුව ශ්‍රී ලංකා මහ බැංකුවට දෙන ලද ඉලක්කය තාක්ෂණික වශයෙන් ළඟා කර ගැනීමේ හැකියාව පවතින්නේද යන්නට අදාළ ගැටලුවක් පමණක් නොව එම ඉලක්කය, සාධාරණත්වය, සමාජ සුබසාධනය සහ ප්‍රමාණවත් වර්ධනය සමග සැසඳෙන්නේද යන්න පිළිබඳ ප්‍රශ්නයක්ද වන්නේය. මුදල් මධ්‍යස්ථ නොවන්නේය සහ උද්ධමනය හේතුවෙන් ජයග්‍රාහකයන් සහ පරාජිතයන් ජනිත වන්නේය යන අදහස දැරීමෙන් රත්න සභාපති ඉතා ප්‍රබල ව්‍යාප්තිය මානයක්, ශ්‍රී ලංකාවේ අනාගත මූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් රටාවට අදාළ විවාදයට එක් කරනු ලැබුවේය.
ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර වෙතින් ප්‍රතිසංවාදයක්
මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටින කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයකු වූ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර ඩේලි එෆ්ටී පුවත්පතේ පළ කළ කොටස් දෙකකින් සමන්විත ලිපියකින් මෙම ස්ථාවරය වැරදි බවට කරුණු ඉදිරිපත් කර තිබේ. ඔහු තර්ක කරනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමනය ඉලක්කය සියයට පහේ සිට සියයට දෙක දක්වා අඩු නොකළ යුතු බවට නොවේ. ඔහු කියා සිටින්නේ එසේ කිරීමට නිසි වේලාව මෙය නොවන බවයි.
ඔහුගේ මතය අනුව ඉක්මනින් කරනු ලබන තියුණු පහත හෙළීමක් සඳහා දැනට පවතින ප්‍රතිපත්තිමය පරාමිති දැඩි කළ යුතු වන්නේය. විශේෂයෙන් ආර්ථිකය එහි දීර්ඝකාලීන වර්ධන විභවතාව අරක්ෂා කරගනු වස්, අරගලයක යෙදී සිටින කාලයක විශේෂයෙන්ම පොලී අනුපාතික සහ ණය වර්ධනය සම්බන්ධයෙන් එසේ කළ යුතු වන්නේය. ඔහුගේ මතය අනුව වර්තමාන උද්ධමන පීඩනය බොහෝ සෙයින් පැන නැගී ඇත්තේ පමණට වඩා ඉල්ලුම ප්‍රසාරණය වීමකට වඩා සැපයුම් කම්පන නිසාය. කාරණය වන්නේ එය නම් උද්ධමනය සියයට දෙක දක්වා මූල්‍ය සීමාකරණ ඔස්සේ පහත හෙළන්නට බලපෑම් කිරීමෙන්, ඍජුවම මිල ගණන් ඉහළ යාමේ මූලාශ්‍රයට විසඳුම් යෙදීමකින් තොරව සැබෑ ආර්ථිකය මත මහා බරක් පැටවීම සිදුවේ.
එම නිසා හරිස්චන්ද්‍ර අනුමත කරනුයේ ප්‍රතික්ෂේප කිරීමකට වඩා කල් දැමීමේ ප්‍රවේශයකි. ඔහු යෝජනා කරනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව පහළ උද්ධමන ඉලක්කයකට අනුගත විය යුත්තේ වර්තමාන බාහිර කම්පනවලට ආර්ථිකය හැඩගැසුණු පසුව සහ දැඩි ප්‍රතිපත්තිමය පරිසරයක් දරා ගැනීමට අවශ්‍ය ඔරොත්තු දීමේ සවිමත් බව අත්පත් කර ගැනීමෙන් පසුව බවටය.
මෙය ඔහුගේ පෞද්ගලික මතය මිස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ස්ථාවරය නොවන බව ඔහු පැහැදිලිව කියා තිබේ. එසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව සැණෙකින් උද්ධමන ඉලක්කය අඩු කිරීමට නොකැමැත්තේය යන බැංකුවේම චින්තනය ඔහුගේ ලිපියෙන් හැඟවෙන බවට කරන අර්ථ නිරූපණය වෙළෙඳපොළ, වැළැක්වීමට වගකීමෙන් නිදහස් වීමේ ඔහුගේ එම ප්‍රකාශය නොසෑහේ. මගේ මතය අනුව එම අර්ථ නිරූපණය වෙළෙඳපොළ විශ්වාසය ගොඩනැගීමේ වෑයමට අතිශය හානිකර වන්නේය. උද්ධමනය ඉලක්ක කිරීමේ සාර්ථකත්වයට මූලික වශයෙන් විශ්වාසවන්ත භාවය බලපාන කාලයක බැංකුව පහළ උද්ධමන ඉලක්කයක් කරා යාමට දෙගිඩියාවෙන් පසුවන්නේය යන නිල නොවන සංඥාවෙන් පවා බලාපොරොත්තු දුර්වලව යන්නේය. මිල ස්ථාවරත්වය කෙරේ පවතින කැපවීම ගැන සැකයක් මතු වන්නේය. එසේම එම හැඩගැසීම වඩාත් අසීරු කාර්යයක් බවට පත් වන්නේය.
උපදේශනය සහ අභ්‍යන්තර පසුබෑම
මූල්‍ය පාලනයේදී නූතන ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් පවත්වා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව රටේ උද්ධමන ඉලක්කය තීරණය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට විවෘතව උපදෙස් ලබාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. අභ්‍යන්තර සම්මුතියක් ගොඩනැගීමට බැංකු කළමනාකරණය එහි කාර්ය මණ්ඩල අර්ථ ශාස්ත්‍රඥයන් සහ නිලධාරීන් සමග ද සාකච්ඡා පැවැත්වූයේය.
ඊට උනන්දුව දක්වන්නන් ඒ තුළ අන්තර්ගත ගැටලු වටහා ගැනීමට දැනුවත් කිරීමෙන් හරිස්චන්ද්‍රගේ ලිපියෙන් ප්‍රජාතන්ත්‍රීය පාලන වැඩපිළිවෙළට බරක් එක් කර තිබේ. එම විවාදය මේ වන විට මහජනයා වෙත ප්‍රවේශව ඇති බැවින්, බැංකුවේ නායකත්වය එම ඉලක්කය වෙනස් කිරීමට සූදානම්ව පවතින්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. මෙම ගැටලුව සම්බන්ධයෙන් පවතින නිහඬතාව දීර්ඝ වෙත්ම අනාගත උද්ධමන සහ පොලී අනුපාත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙළෙඳපොළ සමපේක්ෂණ වැඩි වන සෙයක් පෙනී යයි. මගේ මතය අනුව එවැනි සිතාගැනීම් ශ්‍රී ලංකා මහ බැංකුවට නීතිමය බලය පැවරූ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව අනුව උද්ධමන ඉලක්ක කිරීමේ කාර්යයට සන්නයනය නොවන්නේය.
ප්‍රායෝගික විසඳුම: එක තැන ඇනහිටි, ලිස්සායාමේ මාර්ගය
වර්තමාන උද්ධමන ඉලක්කය සියයට හතට වැඩි මට්ටමේ සිට සියයට දෙක දක්වා සැණෙකින් පහත හෙළීම ප්‍රායෝගික නොවන්නේය යන හරිස්චන්ද්‍රගේ මතය මමද දරන්නෙමි. ආර්ථිකය සිඳී බිඳී ගොස් නැවත යථා තත්වයට පත්වන්නට උත්සාහ කරමින් පවතින, මෙම අවධියේදී අධික මූල්‍ය සීමා පැනවීමෙන් රටේ පුළුල් වර්ධන අපේක්ෂාවලට දැඩි ලෙස හානි පැමිණෙනු ඇත. ඒ අතරවාරයේම සියයට දෙකක ඉහළ පහළ යන්නට ඉඩ දෙමින් සියයට පහක උද්ධමන ඉලක්කයක් රඳවා ගැනීම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට සහ ආයෝජකයන්ට දරාගත නොහැකි ඉහළ මට්ටමක් වේය යන්න දක්වන විවේචකයන් සමගද මම එකඟ වන්නෙමි.
එකිනෙක හා තරග වදින මෙම ගැටලු සමග සංහිඳියාවට පත්වීමට සහ සැබෑ ආර්ථික වර්ධනය සමග මූල්‍ය ස්ථාවරත්වය විධිමත්ව එකේළි වීමට, ඊළඟ අවුරුදු තුන සඳහා වූ මූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් රාමුව තුළට පහත සඳහන් ක්‍රියාමාර්ගය ඇතුළත් කර ගත යුතු බවට මම යෝජනා කරන්නෙමි.
පළමු වසර: දැනට පවතින සියයට 7 ට වැඩි මට්ටමේ සිට සියයට පහක ඉලක්කයකට (5%) උද්ධමනය පහතට ගෙන ඒම.
දෙවැනි වසර: සියයට 5 සිට සියයට 4 දක්වා ඉලක්කය සංක්‍රාන්තියට ලක් කිරීම.
තුන්වැනි වසර: සියයට 4 සිට සියයට 3 දක්වා ඉලක්කය තවදුරටත් ලිහිල් කිරීම.
අවධිවලින් සමන්විත මෙම ප්‍රවේශය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට එම අංශයට හිටිහැටියේ කම්පනයක් ඇති කිරීමකින් තොරව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රමයෙන් දැඩි කිරීමට අවශ්‍ය ඉස්පාසුව ලැබෙන්නේය.
පසුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊළඟ තුන් අවුරුදු ගිවිසුමට එළැඹෙන කාලය වන විට ශ්‍රී ලාංකීය ආර්ථිකය ව්‍යුහාත්මක වශයෙන් වඩා ස්ථාවර සහ සියයට දෙකේ ගෝලීය මට්ටමට මුළුමනින් එළැඹීමට හොඳින් සූදානම් වූ මට්ටමක පසුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd