IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy for Technical Skills (DATS), පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම්වලින් සැදුම්ලත් නව ස්ථානයකට ගෙන යන ලදී. 
මේ තුළින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ ගෝලීය වශයෙන් තරගකාරී තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීම සඳහා වසර 35 කට අධික DATS ආයතනයේ කැපවීම මනාව පැහැදිලි වේ. Automobile mechatronics සිට Plant engineering දක්වා, DATS විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය මානව කුසලතා වර්ධනය කර ඇති අතර, එහි උපාධිධාරීන් සඳහා ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළේ වඩාත් හොඳ රැකියා අවස්ථා සුරක්ෂිත කිරීමට ද දායක වී ඇත. පෑලියගොඩ වෙත ස්ථාන මාරු කිරීම හරහා කාර්යක්ෂම සහ වැඩි පිරිසකට පුහුණුව ලබාදීමේ හැකියාව ලැබෙන අතරම නැගී එන කර්මාන්ත ප්‍රවණතාවලට සරිලන අනාගත වැඩසටහන් ද හඳුන්වා දීමේ හැකියාව ද වැඩිදියුණු වේ.
පෑලියගොඩ වෙත සිදු කරනු ලැබූ මෙම ස්ථාන මාරුව භෞතික වෙනසක් පමණක් නොවන අතර එමගින් වෘත්තීය අධ්‍යාපනය ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල කිරීම සඳහා දක්වන කැපවීම ද නියෝජනය කරයි. DATS හරහා පිළිගත් ජර්මානු වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් සම්පූර්ණ කිරීමෙන් ජර්මනිය ඇතුළු තවත් රටවල්වල රැකියා සඳහා අසමසම ප්‍රවේශයක් ලබා දෙයි. HomeServe Germany සහ MAN වැනි සමාගම් DATS සමග හවුල්කාරිත්වයන්ට එළඹෙමින් DATS උපාධිධාරීන්ට රැකියා සුරක්ෂිත බව සහතික කර තිබේ. මේ වැඩසටහන් හරහා DATS, තරුණ තරුණියන්ගේ ජීවිත වෙනස් කිරීම උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂිකා/ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී සහ DIMO අධ්‍යාපන අංශය අධීක්ෂණය කරන දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය මෙසේ සඳහන් කළාය. “වෘත්තීය පුහුණුව ප්‍රවර්ධනය කිරීම ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම උදෙසා වඩාත්ම අර්ථවත් ක්‍රමයක්. ඉල්ලු‍ම මත පදනම් වූ කුසලතා ගොඩනැගීම මගින්, අපට හැකියාව සහ අවස්ථා අතර පරතරය පියවා ගත හැකියි. වෘත්තීය අධ්‍යාපනය දෙවැනි විකල්පයක් ලෙස නොසැලකිය යුතු අතර එය අධ්‍යාපන පද්ධතියක අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකමින්, එමගින් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ඔවුන්ගේ උපරිම හැකියාව සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි.”‍
පෑලියගොඩ නගර මධ්‍යයේ පිහිටීම හේතුවෙන් රට පුරා සිසුන්ට DATS වෙත ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය වී ඇති අතර එමගින් DATS ආයතනයට සිය කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සමග පහසුවෙන් කටයුතු කිරීමට ද අවස්ථාව ලබා දේ. නවතම ස්ථානයක ස්ථාපිත කර ඇති DATS ආයතනය දැඩි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අතර ජර්මානු වාණිජ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්ති ඇතුළුව ගෝලීය වශයෙන් අනුමත කරන ලද TVET ප්‍රතිපත්ති සමග ද අනුකූල වේ. එසේම DATS හි විෂය මාලාව, යටිතල පහසුකම් සහ පුහුණු ක්‍රමවේද ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල බව තවදුරටත් සහතික කරයි.
මෙම නවීන ස්ථානය Modern diagnostic tools, mechatronic technologies, සහ control systems වලින් සමන්විත නවීන විද්‍යාගාරවලින් යුක්ත අතර උසස් තාක්ෂණික පහසුකම් මගින් සම්ප්‍රදායික ක්‍රමවේද නවෝත්පාදන ප්‍රවේශය සමග මිශ්‍ර කිරීම සිදු කරයි. ඊට අමතරව, SMART පන්ති කාමර, කාර්මික පරිසරය ප්‍රතිනිර්මාණය කරන ආකාරයේ අධ්‍යයන පහසුකම් සහ ඩිජිටල් පුස්තකාල මගින් සිසුන්ට සුවිශේෂී ඉගෙනීමේ අත්දැකීමක් ලබා දෙයි. සිසුන් සඳහාම සැකසූ Resource centers හරහා අධ්‍යයන කටයුතු මෙන්ම රැකියා මාර්ගෝපදේශනය ද මේ තුළින් සිසුන්ට ලබා ගත හැක.



අදහස් (0)

වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 685 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site