කුඩා කල පටන් අප සැවොම ආදරයෙන් රස විඳි රසවත් පෝෂණීය ආහාරයක නවතම අත්දැකීමක් ලෙස “විජය පෝෂ” විජය පවුලේ නවතම නිෂ්පාදනයක් ලෙස පාරිභෝගිකයන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

විජය පවුලේ රස අතරට තවත් වෙනස්ම රසයක් එක් කරමින්, ගුණාත්මකභාවය හා පාරිභෝගික විශ්වාසය පෙරදැරි කරගත් “විජය පෝෂ” නිෂ්පාදනයේ ගමන ආරම්භ කිරීමේ උත්සවය ඉකුත්දා කුරුණෑගල පිහිටි විජය පෝෂ කර්මාන්ත ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම අවස්ථාවට සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ මණ්ඩලය, සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ සේවක පිරිස එක්ව සිටියහ. සුබ මොහොතින් නව නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරමින් “විජය පෝෂ” පාරිභෝගිකයන් වෙත සමීප කිරීමේ නව පියවර සනිටුහන් කෙරිණි.

වසර ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් විජය පවුලේ නිෂ්පාදන අතරට එක්වන “විජය පෝෂ”, රසය සමග ගුණාත්මකභාවයද අත්වැල් බැඳගත් නව අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත ලබාදීමේ අරමුණින් හඳුන්වා දී ඇත.