
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ සිය ස්ථාවරත්වය තව දුරටත් තහවුරු කරමින් Phoenix IT Lanka (Pvt) Ltd අඛණ්ඩව දෙවැනි වරටත් Check Point Best Performance SMB Winner 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ පස් වසරක ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සම්මානයSouth Asia Technologies (Pvt) Ltd සංවිධානය කළ Check Point Award Night 2026හිදී පිරිනමන ලදී.
ශ්‍රී ලංකාවේ තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයට අර්ථවත් දායකත්වයක් දැක්වීමේ දැක්ම ඇතිව වසර පහකට පෙර ආරම්භ වූ Phoenix IT Lanka ආරම්භක ව්‍යාපාරවල සිට ව්‍යාපාරවල විශ්වාසනීය සයිබර් ආරක්ෂණ හවුල්කරුවකු දක්වා වර්ධනය වී තිබේ. පාරිභෝගික විශ්වාසය, විශ්වාසනීය සයිබර් ආරක්ෂණ විසඳුම්, තාක්ෂණ විශේෂඥතාව සහ දිගු කාලීන සහාය කෙරෙහි දක්වන දැඩි අවධානය සිය වර්ධනයට ප්‍රධාන හේතු වූ බව සමාගම සඳහන් කරයි. ව්‍යාපාර ආයතන සංකීර්ණ සයිබර් තර්ජන, තාක්ෂණ අවදානම් සහ අනුකූලතා අවශ්‍යතාවලට මුහුණ දෙන පසුබිමක දුර්වලතා හඳුනා ගැනීම, අත්‍යවශ්‍ය තොරතුරු හා පද්ධති ආරක්ෂා කිරීම සහ සමස්ත සයිබර් ආරක්ෂණ මට්ටම ශක්තිමත් කිරීම සඳහා Phoenix IT Lanka සිය සේවා පුළුල් කර තිබේ.
සයිබර් ආරක්ෂණ ඇගැයීම්, Firewall & Network Security, Endpoint Protection, Cloud Security, Information Security Consulting, Security Implementation, Configuration සහ Optimization, AI Security, Compliance සහ අඛණ්ඩ තාක්ෂණ සහාය ඇතුළු පුළුල් සයිබර් සහ IT ආරක්ෂණ සේවා රැසක් සමාගම සපයයි. ඒ අනුව තනි ආරක්ෂණ නිෂ්පාදනයකට සීමා නොවී ආයතනයක සයිබර් ආරක්ෂණ ගමන් මඟේ විවිධ අදියර සඳහා අවශ්‍ය විසඳුම් සහ සහාය එකම හවුල්කරුවකු හරහා ගැනීමට Phoenix IT Lanka අවස්ථාව සලසා දෙයි. ගෝලීය වශයෙන් පිළිගත් සයිබර් ආරක්ෂණ තාක්ෂණය දේශීය තාක්ෂණ විශේෂඥතාව සමග ඒකාබද්ධ කිරීම Phoenix IT Lanka හි ප්‍රධාන ශක්තියකි. Check Point Software Technologies සමග ඇති හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලාංකික ආයතන වෙත උසස් සයිබර් ආරක්ෂණ තාක්ෂණය සපයන අතර ඒවා ක්‍රියාත්මක කිරීම, වින්‍යාසගත කිරීම, ප්‍රශස්තකරණය සහ අඛණ්ඩ සහාය සඳහා අවශ්‍ය දේශීය තාක්ෂණ හැකියාව සැපැයීම සමාගම සිදු කරයි. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා මෙම ප්‍රවේශය වැදගත් වන අතර එම ආයතනවලට සිය මෙහෙයුම් පරිසරයට ගැළපෙන දේශීය විශේෂඥ සහාය සමගEnterprise-level සයිබර් ආරක්ෂණ හැකියා සපයා ගැනීමට එමගින් අවස්ථාව සැළසේ.
තාක්ෂණ විසඳුම් ක්‍රියාත්මක කිරීමට පමණක් සීමා නොවී ආයතනවලට සයිබර් අවදානම් නිවැරැදිව අවබෝධ කර ගැනීමට, අත්‍යවශ්‍ය වත්කම් ආරක්ෂා කිරීමට, ආරක්ෂණ පාලන ශක්තිමත් කිරීමට සහ දිගු කාලීන සයිබර් ප්‍රතිරෝධී හැකියාව ගොඩ නැගීමට සහාය වීම Phoenix IT Lanka හි ප්‍රධාන අරමුණු වේ. සයිබර් ආරක්ෂණය හුදෙක් තවත් IT ආයෝජනයක් ලෙස නොව ව්‍යාපාරයේ අඛණ්ඩතාව සහ වත්කම් ආරක්ෂා කරන දිගු කාලීන උපාය මාර්ගයක් ලෙස සමාගම සලකයි. Phoenix IT Lanka (Pvt) Ltd කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රභාත් අමිල පෙරේරාගේ නායකත්වය යටතේ වෙනස් වන තාක්ෂණ පරිසර සහ සයිබර් ආරක්ෂණ අවශ්‍යතාවලට මුහුණ දීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වන විශ්වාසනීය දේශීය සයිබර් ආරක්ෂණ ආයතනයක් ගොඩනැගීමේ දිගු කාලීන දැක්ම සමාගම අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. අඛණ්ඩව දෙවැනි වරටත් හිමි වූ Check Point සම්මානය Phoenix IT Lanka හි ස්ථාවර කාර්යසාධනය, පාරිභෝගික විශ්වාසය, තාක්ෂණ විශේෂඥතාව සහ ශක්තිමත් තාක්ෂණ හවුල්කාරිත්ව පිළිබිඹු කරන බව සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd