‘නේචර් ප්ලස්’ යනු ආහාර ඇසුරුම් කරන පත්‍ර (ඇතිරිලි) නිෂ්පාදනය කරන, දිරා යන බෑග් ආනයනය කරන සහ ප්ලාස්ටික් ඇසුරුම්කරණයේ නිරත අනාගත දැක්මකින් සමන්විත සමාගමකි. මතු පරම්පරාවට මුහුණ දීමට සිදුවන පාරිසරික විපත් වළක්වා ගැනීමේ අරමුණින් සමාජ මෙහෙවරකට කැපවුණු ‘නේචර් ප්ලස්’ සමාගම දිරා නොයන පොලිතීන් බෑග් සම්බන්ධයෙන් සහ යළි යළි භාවිතා කළ හැකි බෑග් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරයි.
![]() |
| නේචර් ප්ලස් සභාපති මර්වින් ඩයස් |
“අනාගතයේදී සිදුවිය හැකි පාරිසරික උවදුරු වළක්වා ගැනීම සඳහා සුපිරි වෙළෙඳසැල් ඔවුන්ගේ පාරිභෝගිකයන්ට දිරා නොයන පොලිතීන් බෑග් ලබාදීම අවම කළ යුතුයි. සුපිරි වෙළෙඳසැල් මසකට දිරා නොයන පොලිතින් බෑග් මිලියන 40කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරනවා. ඉදිරියේදී සිදුවිය හැකි පාරිසරික හානි නැවැත්වීම සඳහා පාරිභෝගිකයන්ට පොලිතින් බෑග් ලබාදීම අවම කළ යුතුයි. කළ යුත්තේ යළි භාවිතා කළ හැකි බෑග් සඳහා යොමු වීමයි. මෙය කාලෝචිත අවශ්‍යතාවක්” යැයි ‘නේචර් ප්ලස්’ සමාගමේ සභාපති මර්වින් ඩයස් මහතා කියයි.
කපු පුළුන්වලින් නිෂ්පාදනය කරන සහ ඊට සමාන අනෙකුත් පරිසර හිතකාමී, නැවත භාවිත කළ හැකි බෑග් නිෂ්පාදනය දිරිගැන්වීමටත් සුපිරි වෙළෙඳසැල් තුළ එවැනි බෑග් භාවිතය දිරි ගැන්වීමට සහ ප්‍රවර්ධනය කිරීමටත් බලධාරීන් පියවර ගත යුතු යැයි ද මර්වින් ඩයස් මහතා පෙන්වා දෙයි.
“ඇතැම් අවස්ථාවලදී මුදල් ගෙවීම් කරන කවුන්ටර්වලින් අනවශ්‍ය විදියට පාරිභෝගිකයන් පොලිතින් බෑග් ලබා දෙනවා. දිරා නොයන පොලිතින් බෑග් භාවිතය අඩු කිරීමට පාරිභෝගිකයන් සිල්ලර බඩු දාගන්න එක බෑගයකුත් දත් බෙහෙත්, සබන් ආදී පිරිසුදු කරන දෑ දාගන්න වෙනත් බෑගයකුත් භාවිත කළ යුතුයැයි ඩයස් මහතා පෙන්වාදෙයි.
ඉතා විශාල වශයෙන් පොලිතින් බෑග් නිකුත් කරන ස්ථාන ලෙස සුපිරි වෙළෙඳසැල් හඳුනාගෙන ඇතැයි ද සභාපතිවරයා පවසයි. “අද වනවිට ලංකාවේ ප්‍රධාන රෙදිපිළි සාප්පු, හෝටල්කරුවන් සහ වෙළෙඳුන් නැවත නැවත භාවිත කළ හැකි බෑග් හඳුන්වා දී තිබෙනවා. එහෙත් ආහාර නිෂ්පාදකයන් තවමත් භාවිත කරන්නේ පොලිතින්. ආහාර, මස්, සොසේජස්, මස් නිෂ්පාදන, කුළු බඩු, සීනි, තේ කොළ, පරිප්පු යනාදිය ඇසුරුම් කිරීම සඳහා තවමත් යොදාගන්නේ දිරා නොයන බෑග්. ඒ නිසා ඔවුන් ද දිරි නොයන පරිසර හිතකාමී ඇසුරුම් භාවිත කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.”
කිසියම් සමාගම් හෝ ආයතනයක් හෝ පොලිතින් බෑග් භාවිතය අඩු කිරීමට සූදානම් නම් එසේ කරන්නේ කෙසේද දැනුවත් කිරීමටත් සහ ඊට සහයෝගය දැක්වීමටත් තමන් සූදානම් බව ද ඩයස් මහතා පවසයි. විදේශ රටවලදී ඔහු එවැනි ක්‍රියාකාරකම්වල නිරතව ඉතා හොඳ පළ පුරුද්දක් ලැබූ අයෙකු ද වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි චුටි කාලේ මේ ප්ලාස්ටික් " සිලි සිලි " බැග් තිබුණේ නැහැ. 1977 ජේ.ආර් මහත්මයා බලයට පත්වුණා වහාම වගේ තමයි සිලි සිලි බැග් වසංගතය පටන් ගත්තේ. ඒ දවස්වල බැග් එකක් ශත 50 යි. ඊට කලින් අපේ රටේ තිබුණේ බ්‍රවුන් පේපර් බැග්. තව තිබුණ සිමෙන්ති බැග් වලින් ඉවත් කරගත් කඩදාසි බැග්. සිනි , පරිප්පු එහෙම දෙන්නේ පරණ ප්‍රවෘත්ති පත්‍ර පත්තර වලින් හදාගත් " ගොටු" වලින්. කෙසේවෙතත් ප්‍රවෘත්ති පත්‍ර ආහාරයට ගන්න දේවල් එතීමට පාවිච්චි කිරීම ශරීරයට අහිත කරයි. පත්තර වල තියෙන අකුරු ප්‍රින්ට් කිරීමට යොදාගන්නා තීන්තවල සමහර බැර ලෝහ යොදා ගන්නවා.ඒවා අපේ ශරීරයට හොඳම නැහැ. අපේරට ප්ලාස්ටික් වලට හුරු වෙන්නට පටන්ගනිද්දී ..ජර්මනිය " going back to nature " කියලා ස්වභාවික දේවල් පාවිච්චි කරන්නට පටන් ගත්ත . ඒ කාලේ අපේ රටේ තිබුණා පන් වලින් හදන බැග් .නමුත් නාගරික අපි ඒවා පාවිච්චි කිරීම ලැජ්ජාවක් ලෙස සැලකුවා. අද බටහිර රටවල් වල සිලි සිලි බැග් 90% විතරම භාවිතය නවත්වලා නීතියෙන්ම.ඒ වෙනුවට කඩදාසි බැග් තිබෙනවා හැබැයි ශත කිහිපයන් ගෙවන්න ඕන. අද ඒ කාලේ අපි ලැජ්ජාවක් ලෙස සැලකු " පන් " බැග් බටහිර වැසියන් පාවිච්චි කරන්නේ මහත්වූ ආඩම්බරයෙන්.
අවම වශයෙන් විදුරු බෝතල් නැවත බාර ගන්නේ නැහැ. කීල්ස් කාගිල්ස් අර්පිචෝ. බෝතලයේ නැවත බරදීමේදී 10/-අධි වශයෙන් ලබාදෙනවා කියල ප්‍රින්ට් කරලා තියෙනවා. නමුත් අදාල වෙළදසල් වලින් එම බෝතල් බර ගන්නේ නැත්තේ අදාල ආයතන විසින් එසේ බෝතල් එකතු කල යුතු හෝ නැවත එකතු කිරීමේ කිරියාවක් නොකරන බවයි. 10/- සදහා මා විසින් අදාල ආයතන වලට කතා කර....... රජයේ බදුද ඇතුලත්ව 500/- පමණ මුදලක් වය කිරීමට සිදු වෙනවා. ඒ සදහා අදාල ආයතන ක්‍රියා කරනවානම් යහපත්