( තිළිණි ද සිල්වා )
මේ වසරේ මුල් මාස තුනේදී පමණක් විදෙස් සංචාරකයින් 474 540ක් දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එය ඉකුත් වසරේ මුල් මාස තුනේ පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසැඳීමේදී සියයට 13.8 ක වර්ධනයක් යැයි එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා වල සඳහන් වේ.
මේ අතර පසුගිය මාර්තු මස මුලදී මහනුවර ප්‍රදේශයේ වාර්ගික ගැටුම් පැවතියද එම මාසය තුළඳී සංචාරකයින් 233,382ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී සියයට 24.1 ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තා වල සඳහන් වේ.
ජනවාරි මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් 238,924 ක්ද , පෙබරවාරී මාසය තුළ දි සංචාරකයින් 235,618 ක්ද හා මාර්තු මාසයේදී සංචාරකයින් 233,382 දෙනෙකුද වශයෙන් ගතවූ මාස තුනේදී විදේශිකයින් මෙරටට පැමිණ ඇතැයි සඳහන් වේ.
2018 වසර සඳහා සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ඉකුත් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වන අතර එම සංඛ්‍යාව 43,643 කි. මෙය ගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේ දී 40% ක තරම් විශාල වර්ධනයකි. මේ අතර චීන ජාතකයින් 24,819 ක් පැමිණ ඇති අතර එම පැමිණීම පසුගිය ජනවාරි මාසයේදී සියයට 22 කින් පහළ ගොස් ඇතැයි ද සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.
ජනවාරි මාසයේදී තෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ජර්මනියෙන් වන අතර එලෙස පැමිණි සංඛ්‍යාව 14,985 කි. එය 2017 ජනවාරි මාසයේදී පැමිණි ජර්මන් සංචාරකයින්ගේ සංඛ්‍යාවට වඩා සියයට 20 ක වැඩිවීමකි.මීට අමතරව ප්‍රංශ සංචාරකයින් 12,209 ක්ද ,රුසියානු සංචාරකයින් 11,634 ක්ද ,ඕස්ට්‍රේලියාවෙන් 9948 ක්ද , ඇමෙරිකාවෙන් 7277 ක්ද , යුක්රේනයෙන් 6544 ක්ද , මාලදිවයිනෙන් 6194 ක් ලෙසින් සංචාරකයින් ඉකුත් ජනවාරි මාසයේදී දිවයිනට පැමිණ තිබේ.
ඉකුත් පෙබරවාරි මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 36,000ක් පමණ වේ.ඉන්දීයානු සංචාරකයින් 32,000ක් ද බ්‍රිතාන්‍ය සංචාරකයින් 23,000ක් ද එම කාලය තුළ පැමිණ ඇත.
මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 30 ,583 ක් වේ.බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 30 ,366 ක්ද , ජර්මනියෙන් 24 ,423 ක්ද , චීනයෙන් 21,101 ක්ද , ප්‍රංශයෙන් 14,818 ක්ද , ඇමෙරිකාවෙන් 9701 ක්ද ,රුසියාවෙන් 9089 ක්ද ,ඕස්ට්‍රේලියාවෙන් 8932 ක්ද , මාලදිවයිනෙන් 7239 ක් සහ කැනඩාවෙන් 5113 ක් වශයෙන් සංචාරකයින් පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානුවන් සහ චීන්නු එන්නේ සංචාරය කරන්න නම් නොවෙයි... එක එක හොර බිස්නස්වලට, චීන්නු තමන්ගේ ඔරලෝසු රේඩියෝ වගේ දේවල් අරගෙන ගමක් ගමක් ගානේ ඇවිදිනවා විකුණා ගන්න. ඒ අතරේ සමහර ඉන්දියෝ හොරට - දවස් කුලියට ගොයම් කපනවා.
ඉන්දියන් සංචාරකයින් එන්නේ කුලියට වැඩ කරන්න හෝ බූතයා මැෂිමෙන් ගොයම් කපන්න..
යුරෝපයෙන් එන සංචාරකයා මුදල් රැගෙන සංචාරයට පමණක් පැමිණෙයි. නමුත් ආසියාතික සංචාරකයාගේ අරමුණ විවිධ වේ. මෙම සංචාරකයා ගුවන් තොටුපලේදේ ඔහුව පරීක්ෂා කිරීම එම නිලදාරීන්ගේ වගකීම වේ. මෙම සංචාරකයා අප රටේ ප්‍රචාරක නිලදාරියා වේ. නමුත් අවාසනාවකට පසුගිය කාලයේ පහරදීම්, හොරකම් , ලිංගික අතවර ,මැරීම් බහුලව අසන්නට ලැබුණි. ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගයක් වන මෙය ක්‍රමවත් ආකාරයකට පවත්වාගෙන යාම කාගේත් වගකීම වේ .
කව්ද මේ ඇත්ත කියල තියෙන වෙදගේ කමල් දෙන්නාට මෙච්චර dislike දැම්මේ ?
ජයා ඔබ හරි.. නමුත් බුද්ධිමතුන් ඇත්ත තේරුම් ගෙන තියෙනවා.
ලංකාවේ ඉමිග්‍රේෂන් එක ස්ට්‍රෝන්ග් නැත. සිංගප්පූරුව වැනි දියුණු රටවල විදේශිකයන් ඔවුන් ඉන්නා කාලය තුළ හොටල් බුක් කර පෙන්විය යුතුයි. ගාල්ලේ සමහර හෝටල් වල කොත්තු බාස්ලා පාකිස්තාන් අය වැඩ කරනවා.
සංචාරකයෙක්ගේ රට අනුව විතරක් හොරෙක් හෝ මිතුරෙක් කියලා කියන්න බෑ. ලංකාවෙත් සමහරු සංචාරක වීසා අරගෙන තායිලන්තයට, ඉන්දියාවට, චීනෙට ගිහිල්ලා මෙහෙ බිස්නස් කරන්න බඩු ගේනවා බදු නොගෙවා. එකම දේ ලංකාවටම සංචාරකයො එන්න මෙහේ මොනවද අමුතුවෙන් තියෙන්නේ? අන්න ඒ දේට විසඳුමක් හොයාගත්ත දවසට ඇත්තටම සංචාරක කර්මාන්තයෙන් සෑහෙන ලාභයක් ගන්න පුළුවන්.
සීගිරියේ ගල මතුපිට පානය කිරීමට පිරිසිදු වතුර ටිකක් නැත. වැසිකිළියක් නැත. පිටරැටියන්ගෙන් අයකරන මුදලට සරිලන පහසුකම් නැත. පහළ තියන කැන්ටිමේ කවුරුහරි පරීක්ෂා කළ යුතුය. කෞතුකාගාරයේ බිත්තියේ සවි කර ඇති වටිනා 1885 අවුරුද්දේ දී බෙල් මහතාගේ පින්තුරුවල පට්ටම් ගැලවී ඇත. මෙවැනි දේවල් හරියට නොකිරීම ලංකාවටම ලැජ්ජාවක්..
මෙම වර්ධනයට ප්‍රධානම හේතුව පෞද්ගලික අංශයෙන් සිදුකරන ප්‍රවර්ධන වැඩසටහන්. මෙරටේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයක් තියෙන්නේ නමට පමණි. මෙහි අලෙවිකරණ අංශයේ සිටින කිසිම කෙනෙකුට හරිහැටි කිසිම විදේශ භාෂාවක්වත් කතාකළ නොහැකි සහ හරි අවබෝදයක් නැති වීම මෙයට හේතුව බවයි වාර්තාවන්නේ.