ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (13) දිනයේදීත් ඩොලර් 100 ඉක්මවීමක් සටහන් විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.6 ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බැරලයක මිල ඩොලර් 100ක් ලෙසින්ද පැවතුණි. ආසන්නතම මැදපෙරදිග යුද ගැටුම් තත්ත්වය මේ සඳහා බලපා තිබේ.