- පහළ සහ මධ්‍යම අවදානම් කාණ්ඩය ඉල්ලුම් කළ මුදලින් සියයට 99.98ක් සාමාන්‍ය දින 29කදී ආපසු ගෙවයි
- ඉහළ අවදානම් කාණ්ඩය ඉල්ලුම් කළ මුදලින් සියයට 97ක් ආපසු ගෙවයි
- නිවැරදි තොරතුරු ඉදිරිපත් නොවීමෙන් ඉහළ අවදානම් කාණ්ඩයේ VAT ආපසු ගෙවීම්වල ප්‍රමාදයක්
- දින 45ක් තුළ ඉල්ලීම් 3,432 ක් සඳහා ආපසු ගෙවූ මුදල රුපියල් බිලියන 78.83 ක්
සරල කළ වැට් හෙවත් SVAT ක්‍රමය අහෝසි කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් හඳුන්වාදුන් අවදානම මත පදනම් වූ SVAT ආපසු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කෙරුණු පළමු මාස හත තුළ එහි සාර්ථක ප්‍රගතියක් අත් කරගෙන ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එහිදී විශේෂයෙන්ම පහළ සහ මධ්‍යම අවදානම් කාණ්ඩයේ ආපසු ගෙවීම් ඉහළ කාර්යක්ෂමතාවකින් නිකුත් කර ඇති අතර, ඉහළ අවදානම් කාණ්ඩයේදීද මූල්‍ය වටිනාකම් අනුව ඉහළ නිකුත් කිරීමේ කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙන බව එම අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.
2025 ඔක්තෝබර් 01 වැනිදා සිට සරල කරන ලද VAT අහෝසි කිරීමෙන් අනතුරුව, සුදුසුකම් ලත් තැනැත්තන් වෙත රජයේ ආදායම ආරක්ෂා කරමින් නියමිත කාලසීමාව තුළ VAT ආපසු ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අවදානම මත පදනම් වූ ආපසු ගෙවීමේ ක්‍රමය හඳුන්වාදුනි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ දත්ත යටතේ 2026.07.15 වන විට, 2025 ඔක්තෝබර් සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ නිවැරදි VAT වාර්තා සම්බන්ධයෙන් ලැබුණු පහළ සහ මධ්‍යම අවදානම් කාණ්ඩයෙය් ආපසු ගෙවීම් ඉල්ලීම් 2,179 න් 2,173 ක් සාමාන්‍ය දින 29ක් තුළ නිකුත් කර තිබේ. එය මූල්‍ය වටිනාකම අනුව ගත් විට, එම කාණ්ඩයේ ඉල්ලා සිටි මුළු ආපසු ගෙවීම් මුදල වූ රුපියල් බිලියන 22.15 න් සියයට 99.98ක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එසේම ඉහළ අවදානම් කාණ්ඩය යටතේ 2025 ඔක්තෝබර් සිට 2026 අප්‍රේල් දක්වා ඉදිරිපත් වූ නිවැරදි VAT ආපසු ගෙවීම් ඉල්ලීම් 1256 කින් 1093ක් නිකුත් කර ඇති අතර, එය ඉල්ලා සිටි මුළු ආපසු ගෙවීම් මුදල වූ රුපියල් බිලියන 61.9 න් රුපියල් බිලියන 60.3 ක් එනම් සියයට 97ක ප්‍රතිශතයකි.
කෙසේ වෙතත් මෙහිදී ඉහළ අවදානම් කාණ්ඩයේ VAT ආපසු ගෙවීම් ප්‍රමාද ඇති වී තිබෙන බවත්, ඒ සඳහා ප්‍රධානවම හේතු වී ඇත්තේ සත්‍යාපනයන සඳහා ඉල්ලා සිටින තොරතුරු සහ උපකාරක ලේඛන කාලෝචිතව ඉදිරිපත් නොකිරීම බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මීට අමතරව ඇතැම් VAT වාර්තාවල දෝෂ, දත්ත නොගැළපීම්, අසම්පූර්ණ තොරතුරු සහ වෙනත් විෂමතා හේතුවෙන් වැඩිදුර පැහැදිලි කිරිම් හා නිවැරදි කිරීම් අවශ්‍ය බවත් පැවසෙයි.
මෙම දත්ත අනුව අදාළ මාස හතක කාලය තුළ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්ව ඇති සියලුම VAT ආපසු ගෙවීම් ඉල්ලීම් දින 45ක් තුළ සම්පූර්ණ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්ව ඇතැයි පවසයි.
ඒ අනුව ලැබුණු ඉල්ලීම් ගණන 3,432 ක් වන අතර, ඒ හරහා නිකුත් කළ මුදලේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 78.83 ක් වන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
“මෙම ප්‍රතිඵල මගින් නිවැරදි සහ සම්පූර්ණ VAT වාර්තා ඉදිරිපත් කරන බදු ගෙවන්නන් සඳහා ආපසු ගෙවීම් කාර්යක්ෂමව හා නියමිත කාලසීමාව තුළ සිදු කිරීමේ දෙපාර්තමේන්තුව සතු හැකියාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු වී ඇති බව පෙන්නුම් කෙරේ.’’ යනුවෙන්ද එම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd