- දැනටමත් රුපියල් මිලියන 22,425ක් වටිනා ව්‍යාපෘති 15,646ක් ආරම්භ කරලා
දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව මෙම “ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාත්මක කරයි. ඒ සඳහා 2026 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25,000කි. මේ වන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති 15,646ක් පමණ ආරම්භ කර ඇති අතර, එහි මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 22,425ක් බවත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd