- 2026 ජූනි කාර්තුවේදී CSE හරහා ඉපැයූ මුදල රුපියල් බිලියන 168.4 ක්
- මේ අතරින් බැංකු ඉපැයූ මුදල රුපියල් බිලියන 62.4 ක්
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් 2026 ජූනි මාසයෙන් අවසන් වූ කාර්තුව තුළ එම වෙළෙඳපොළ හරහා වාර්තා කළ සමස්ත ඉපැයීම්වල වටිනාකම රුපියල් බිලියන 168.4 ක් ලෙස සටහන්ව තිබේ.
මෙය 2025 ජූනි මාසයෙන් අවසන් වූ කාර්තුව තුළ වාර්තා කළ රුපියල් බිලියන 153.5 ක ඉපැයීම් හා සැසඳීමේදී සියයට 9.7 ක වර්ධනයක් බව එම කාර්තුව සඳහා වන වෙළෙඳපොළ කාර්යසාධන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටස් තැරැව්කාර ආයතනයක් වන අල්මාස් ඉක්වටීස් ආයතනය පවසයි.
මෙහිදී සුපුරුදු ලෙස වැඩිම ඉපැයීමක් වාර්තා කළ අංශය ලෙස බැංකු සටහන්ව තිබේ. ඒ අනුව බැංකු රුපියල් බිලියන 62.4 ක් උපයා ගෙන ඇති අතර, එය පසුගිය කාර්තුවට සාපේක්ෂව සියයට 31.9 ක සහ පෙර වසරට සාපේක්ෂව සියයට 27ක වර්ධනයකි. එසේම මෙය සමස්ත ඉපැයීම් අතරින් සියයට 37 ක පංගුවකි.
එසේම ආහාර පාන වර්ග සහ දුම්කොළ අංශය රුපියල් බිලියන 34.8ක්ද, විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් රුපියල් බිලියන 24.5 ක්ද, දුරකතන සන්නිවේදන සේවා රුපියල් බිලියන 13.6 ක්ද, අමුද්‍රව්‍ය රුපියල් බිලියන 8.8ක්ද, ප්‍රාග්ධන භාණ්ඩ රුපියල් බිලියන 7.2ක්ද, ආහාර සහ සිල්ලර භාණ්ඩ රුපියල් බිලියන 4.6ක්ද, උපයෝගිතා රුපියල් බිලියන 4.6ක්ද, සිල්ලර අංශය රුපියල් බිලියන 4.5ක් සහ නිෂ්චල දේපළ කළමනාකරණය සහ සංවර්ධන අංශය රුපියල් බිලියන 4.4ක්ද ලෙස මෙම ඉපැයීම් වාර්තා කර තිබෙන බවත් අල්මාස් ඉක්වටීස් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd