- ජනවාරි - ජූලි තේ අපනයනය කිලෝ මිලියන 143.51ක්
- කිලෝ මිලියන 24.76 ක් සමගින් ජූලි මාසයේ වැඩිම තේ ආනයනය තුර්කියෙන්
ජූලි මාසයේදී මෙරට තේ අපනයනය කිලෝ මිලියන 20.41ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ ජූලි මාසයේදී වාර්තා කළ කිලෝ මිලියන 24.04 ක තේ අපනයනය හා සැසඳීමේදී කිලෝ මිලියන 3.63 ක අඩුවීමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes and Walker පවසයි.
ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ දත්ත යොදා ගනිමින් එම ආයතනය සකස් කළ නවතම වාර්තාවක එම කරුණු සඳහන්ව තිබේ.
ඒ අනුව ජූලි මාසයේදී ක්ෂණික තේ හැර අනෙක් සියලුම තේ වර්ග අපනයනය පහත වැටී තිබේ. මෙහිදී තේ තොග ලෙස අපනයනය කළ ප්‍රමාණය කිලෝ මිලියන 10.1 ක සිට 8.59ක් දක්වා කිලෝ මිලියන 1.57 කින්ද, තේ පැකට්ටු අපනයනය කිලෝ මිලියන 10.77 ක සිට 8.92ක් දක්වා සියයට 1.84 කින්ද, තේ බෑග් අපනයනය කිලෝ මිලියන 2.24 ක සිට 2.15ක් දක්වා කිලෝ 88,250 කින්ද හරිත තේ අපනයනය කිලෝ 563,704 ක සිට කිලෝ 390,725ක් දක්වා කිලෝ 172,979ක් දක්වාත් පහළ වැටී තිබේ.
කෙසේ වෙතත් ක්ෂණික තේ අපනයනය කිලෝ 297,989 ක සිට කිලෝ 349,656ක් දක්වා කිලෝ 51,667කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර වසරේ ජනවාරි සිට ජූලි දක්වා මුල් මාස හත තුළ තේ අපනයනය කිලෝ මිලියන 143.51ක් ලෙස සටහන්ව තිබේ. එය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ තේ කිලෝ මිලියන 150.85 හා සැසඳීමේදී කිලෝ මිලියන 7.34 ක අඩුවීමක් බව Forbes and Walker පවසයි.
මෙහිදී ක්ෂණික තේ හැර අනෙක් සියලුම තේ අපනයන පහත වැටීමක් සටහන් කර තිබේ. ඒ අනුව තේ තොග අපනයනය කිලෝ මිලියන 62.65ක සිට 59.92 ක් දක්වා කිලෝ මිලියන 2.72 කින්ද, තේ පැකට්ටු කිලෝ මිලියන 68.58 ක සිට 63.89ක් දක්වා කිලෝ මිලියන 4.69 කින්ද, තේ බෑග් කිලෝ මිලියන 14.79 ක සිට 14.59ක් දක්වා කිලෝ 199,838 කින්ද, හරිත තේ කිලෝ මිලියන 2.87 ක සිට 2.67 ක් දක්වා කිලෝ 200,233 කින්ද පහත වැටී තිබේ. කෙසේ වෙතත් ක්ෂණික තේ අපනයනය කිලෝ මිලියන 1.95 ක සිට 2.43ක් දක්වා කිලෝ 479,020 කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර ජූලි මාසයේදී වැඩිම තේ ආනයනය කළ රට ලෙස තුර්කිය සටහන් වන අතර, එරට සිදුකළ තේ ආනයනය කිලෝ මිලියන 24.76 කි. එය 2025 ජූලි මාසයේ සිදුකළ කිලෝ මිලියන 10.40 හා සැසඳීමේදී සියයට 138 ක වර්ධනයක් බව Forbes and Walker පවසයි. එසේම ඉරාකය කිලෝ මිලියන 14.42 ක් සමගින් දෙවැනි තැනද, කිලෝ මිලියන 13.35ක් සමගින් රුසියාව තෙවැනි තැනද පසුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd