IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජනය සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කෙරේ

 

  • ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක්
  • මෙතෙක් සිදු කරන ලද විශාලතම පුද්ගලික ආයෝජනය. ආයෝජනය කළ මුදල ඩොලර් බිලියන 1.2 ක්
  • මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙන්ම ලෝකය තුළ ශ්‍රී ලංකාවේ නම තවදුරටත් විශිෂ්ටත්වයට පත් කිරීමට හේතුවනු ඇති
  • ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය එකට එක් කරන වැදගත් අවස්ථාවක්

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදි වූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීරණය වන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පෙරේදා (02) විවෘත කරනු ලැබීය.

සුඛෝපභෝගීබව හා දේශීය නිර්මාණකරනය එක් තැන්කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ අභිලාෂය, නිර්මාණශීලීත්වය හා ගෝලීය දැක්ම මනාව විදහා දක්වන්නක් විය.

මෙම අභිමානවත් සමාරම්භය සමග එක්වෙමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසා සිටියේ සිටි ඔෆ් ඩ්‍රීම්ස් ආරම්භය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කරන ලද විශාලතම පුද්ගලික ආයෝජනයද මෙය වන බව ඔහු පැවැසුවේය. මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙන්ම ලෝකය තුළ ශ්‍රී ලංකාවේ නම තවදුරටත් විශිෂ්ටත්වයට පත් කිරීමට හේතු වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ වගේම අනාගත පරම්පරාවන්ට ප්‍රයෝජන වන දිගු කාලීන ධනාත්මක වෙනසක් නිර්මාණය කරන නවීන හා ඉදිරි දැක්මක් සහිත ගමනාන්තයක් ලෙසද සිටි ඔෆ් ඩ්‍රීම්ස් පෙන්වා දිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ මහතා සඳහන් කර සිටියේ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා ජෝන් කීල්ස් සමූහය සමග එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන ආඩම්බර වන බවයි. මෙල්කෝහි ගෝලීය අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය එකට එක් කරන වැදගත් අවස්ථාවක් ලෙස සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා සඳහන් කළ හැකි බවද ඔහු පැවසුවේය.

ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ මෙල්කෝ රිසෝට්ස් ඇන්ඞ් එන්ටර්ටේන්මන්ට් හි ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ යන මහත්වරුන් සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් සමූහය සහ මෙල්කෝ රිසොර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම එක්ව ගෙන එන සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවාඩු නිකේතනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් යටතේ ඉදිවූවකි.

මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ශාලාවක්, නුවා සන්නාමය යටතේ එන සුඛෝපභෝගී හෝටලයක්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් සහ ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක් මෙන්ම සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලු‍ම දේ ඇතුළත්ය.

සිටි ඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතිය මෙරට පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජනයද වේ. සිටි ඔෆ් ඩ්‍රීම්ස්හි කාමර හා නිවාස 800 ක් තිබෙන අතර ඉන් 687 ක් සිනමන් ලයිෆ් සන්නාමය යටතේද, 113 ක් සුඛෝපභෝගී කාමර ලෙස නුවා සන්නාමය යටතේද ක්‍රියාත්මක වේ.



අදහස් (0)

පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජනය සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16951 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site