IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩේවිඩ් පීරිස් නිෂ්පාදන සංකීර්ණය ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හිමිකර ගනී

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල සාර්ථකත්වයට උදාහරණ සපයමින්, Control Union ආයතනය පිරිනමන ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රදේශයේ පිහිටා ඇති එම සමාගමේ නිෂ්පාදනාගාර සංකීර්ණය වෙත නිල වශයෙන් පිරිනැමුණු අතර, එම සහතිකය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට ඩේවිඩ් පීරිස් සමූහයේ සාමාජික ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් පත් විය. 

Control Union ආයතනය විසින් ලබා දෙනුලබන මෙම සහතිකය ශ්‍රී ලංකාවේ සමාගමකට ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර, මෙම සහතිකයත් සමඟින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් සමාගමේ නිෂ්පාදන අංශය Control Union ආයතනයේ ශුද්ධ ශුන්‍ය බලශක්ති ප්‍රමිතිය යටතේ පිළිගැනීමට ලක් වූ මෙරට ප්‍රථම ආයතනය ලෙස ඉතිහාස ගත වේ. මෙම ජයග්‍රහණය, පාරිසරික වගකීම, බලශක්ති කාර්යක්ෂමතාව සහ නවෝත්පාදනය සඳහා ඩේවිඩ් පීරිස් සමූහයේ කැපවීමට සාක්ෂියකි.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් රන්න නිෂ්පාදන සංකීර්ණය තුළ, ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ක්‍රියාත්මක කරන ලද නවීන තාක්ෂණයෙන් සමන්විත සූර්ය බලශක්ති පද්ධතිය ස්ථාපනය කිරීම මගින් එම නිෂ්පාදනාගාර සංකීර්ණය ශුද්ධ ශුන්‍ය බලශක්ති කලාපයක් බවට පත් වී ඇති අතර, එය සියයට 100 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක වන කලාපයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙය සමාගමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට බෙහෙවින් බලපා ඇති බවද සඳහන් කළ යුතු කරුණකි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් විධායක අධ්‍යක්ෂ බණ්ඩාර හේරත් මහතා මෙසේ පැවසුවේය. “ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හිමි කර ගැනීම, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපය පුරා තිරසාර කාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අපගේ කැපවීම වගේම අප සමාගමේ විශේෂඥතාව සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය හා නවෝත්පාදනය කෙරෙහි අපගේ ඒකාබද්ධ ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරනවා.”‍



අදහස් (0)

ඩේවිඩ් පීරිස් නිෂ්පාදන සංකීර්ණය ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හිමිකර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site