IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීමට එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගමෙන් ‘LB සන්මිත’

මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 50කට වඩා වැඩි දායකත්වයක් ලබා  දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර MSME මෙරට ආර්ථිකය නඟා සිටුවීමට දක්වන දායකත්වය අති විශාලය. මෙම ක්ෂේත්‍රයේ ලක්ෂ 45ක පමණ පිරිසක් සේවයේ නිරත වෙති. මෙම ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ජන ජීවිතවලට ධනාත්මක බලපෑමක් ඇති කරයි. ජාතික ආර්ථික දියුණුවට ද එය මනා පිටිවහලකි. 

දැනට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල යෙදී සිටින අයටත් ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන නවක ව්‍යවසායකයන්ටත් බලාපොරොත්තු ඉහළ නංවාගැනීමට හැක. ඒ  හොඳම මිතුරා ලෙස පහසු මෙන්ම සරල මූල්‍ය විසඳුම් ලබා දීමට ‘LB සන්මිත‘ තුළින් එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගම කටයුතු කිරීමත් සමගයි. මෙහිදි ශ්‍රී ලාංකික ව්‍යසායකයන් වෙනුවෙන්ම සැකසුණු සන්මිත ඉතුරුම් ගිණුම්, සන්මිත රන් ණය, සන්මිත ව්‍යපාරික ණය හා ඩිජිටල් මූල්‍ය සේවා, ප්‍රජාව සවිබල ගැන්වීමට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇත. 

සන්මිත ව්‍යාපාරික ණය ක්‍රමයේ සුවිශේෂි ලක්ෂණයක් වනුයේ ඇපකරයක් වෙනුවට ව්‍යවසායකයන්ගේ නිපුණතාව පදනම් කරගත් කෙටි කාලීන ණය මුදල් අනුමත කරගැනීමේ හැකියාවයි. එමගින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සලසා ගත හැකි අතර ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ඇතත් නැතත් මෙම ණය මුදල් අනුමත කරගත හැකි වීම විශේෂත්වයකි. ව්‍යපාර ලියාපදිංචියට අවශ්‍ය සහාය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ NEDA ලබාදේ. එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගම, ජාතික ණය සුරැකුම් ආයතනයේ NCGI සාමාජිකයකු නිසා මෙම ක්‍රියාවලි පහසුවනු ඇත.

ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය දැනුම හා මාර්ගෝපදේශය ද LB සන්මිත මගින් හඳුන්වා දී ඇත. එමගින් නව වෙළෙඳපොළකට ප්‍රවේශ වීමේ අවස්ථාව මෙන්ම උපායමාර්ගික අලෙවිකරණ ක්‍රමෝපාය තුළින් තම ව්‍යාපාර මෙහෙයුම් දියුණු මාවතක ගමන් කරවීමට දැනුම හා පුහුණුව සලසා දෙයි. අන්‍යෝන්‍ය අවබෝධයකින් පාර්ශ්වකරුවන් සමග දිගුකාලීන සබඳකම් ගොඩනගා ගැනීම LB සන්මිතේ එක් අරමුණකි. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස නිෂ්පාදන, කෘෂිකාර්මික, තාක්ෂණ, සංචාරක, අපනයන හා සේවා සඳහා LB සන්මිත මූල්‍ය පහසුකම් ලබාගත හැක.

LB සන්මිත හඳුන්වාදීමේ වැඩසටහනට සහභාගී වූ එල් බී ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා මෙසේ පැවසීය,:

‘‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීම කියන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ පියවරක්. ස්ථාවර, ශක්තිමත් මූල්‍ය සමාගමක් ලෙස අපේ බලාපොරොත්තුව මෙම ක්‍රියාවලිය වඩාත් සරල කරමින් නිපුණතාව මතම පදනම්ව ව්‍යවසායකයන්ට මූල්‍ය සවියක් ලබා දී මෙම ක්ෂේත්‍රය දියුණු කිරීමයි. එහි ප්‍රතිලාභ ලක්ෂ ගණනක් වූ ශ්‍රී ලාංකික පවුල්වලට ගලා යනු ඇත. ඒ වගේම සන්මිත කියන සංකල්පය තුළ ව්‍යවසායකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා දැනුම බෙදා දෙන යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි. එයින් ඔවුන්ට නිසි පුහුණුවකින් නිපුණතා සංවර්ධනයක් ද ලබා ගන්න පුලුවන්. එමෙන්ම මෙම ව්‍යවසායකයන් මූල්‍ය පද්ධතියට එකතු කරගැනීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර සඳහා මූල්‍ය පද්ධතියෙන් ලබාගත හැකි ප්‍රතිලාභ තවදුරටත් වැඩිවන අතර තැම්පතු පුරුද්ද ඇති කිරීමෙන් ඔවුන්ගේ පවුල්වල අනාගතය ද වඩාත් සුරක්ෂිත වනු ඇත.”

මූල්‍ය ක්ෂේත්‍රයට නව්‍යතා හඳුන්වා දීමේ ප්‍රමුඛයන් වන එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගම LB සන්මිත හඳුන්වා දීමෙන් ශ්‍රි ලාංකික ප්‍රජාව සවිබල ගැන්වීමටත් ජාතික ආර්ථිකයේ දියුණුවටත් දක්වන කැපවීම මනාව පිළිබිඹු කරයි.



අදහස් (0)

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීමට එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගමෙන් ‘LB සන්මිත’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site