- කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සීහි සියයට 71.18ක හිමිකමක් ඇත්තේ CT හෝල්ඩිංග්ස් වෙතයි
කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම අයත් CT හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ සියයට 10.05 ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමූහය කටයුතු කළ බව පවසයි. පසුගිය අගෝස්තු 24 සහ 25 දිනවලදී මෙම ගනුදෙනු සිදුව තිබේ.
ඒ අනුව කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමූහයට අයත් සමාගම් කිහිපයක් මෙලෙස CT හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් 20,248,698 ක් මිලදී ගෙන තිබේ. මෙහිදී කොටසක් රුපියල් 530.00-575.00ත් අතර මුදලකට එම ගනුදෙනු සිදුව තිබෙන බව සමාගම් දෙකම පසුගියදා අනාවරණය කළේය.
මේ යටතේ වැඩිමනක්ම අලෙවි කර ඇත්තේ CT හෝල්ඩිංග්ස් හි සභාපතිවරයා වන එල්.අාර්. පේජ් සහ උප සභාපති වී.අාර්. පේජ් යන මහත්වරුන් සතු වූ කොටස්ය. ඒ අතරින් වී.අාර්. පේජ් මහතා සතු වූ කොටස් 18,200,414 ක් අලෙවි කර තිබේ.
මෙම කොටස් මිලදී ගත් පාර්ශ්වයන් අතර සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී (කොටස් 3,334,511ක්) රබර් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් ලිමිටඩ් (3,442,517ක්), ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී (5,068,580ක්), සිලෝන් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී (3,334,510ක්), සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී (3,167,860ක්) සහ කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී (1,900,720ක්) යනාදිය පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd