භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම ආයෝජන සමාගමක් වන ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක ඛනිජ වැලි කැනීමේ, සැකසීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපෘතියක මුදල් ආයෝජනය කළ බව පවසයි.
එක්සත් රාජධානියේ ස්ථාපිත කැපිටල් මෙටල්ස් පීඑල්සි නම් සමාගමක් මගින් මෙම ව්‍යාපාතිය ක්‍රියාත්මක කරයි. එය ලන්ඩන් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමකි. මෙම ව්‍යාපෘතිය “ද තැප්‍රොබේන් මිනරල්ස් ප්‍රොජෙක්ට්’’ ලෙස නම් කර ඇති අතර, මෙය ගෝලීයව සිදු කෙරෙන ඉහළ මට්ටමේ ඛනිජ වැලි කැනීමේ තවත් එක් ව්‍යාපෘතියක් බවත් ඇම්බියොන් කැපිටල් සමාගම පවසයි.
එම සමාගම මේ සඳහා කර ඇති මූලික ආයෝජනය රුපියල් මිලියන 600 කි. ඉල්මනයිට්, රූටයිල්, සිර්කෝන් සහ ගාමෙට් යන කර්මාන්තමය ඛනිජ සම්පත් කැනීම මෙම ව්‍යාපෘතිය හරහා සිදු වෙයි.
සමාගම අනාවරණය කරන ආකාරයට මෙම ව්‍යාපෘතිය කැපිටල් මෙටල්ස් පීඑල්සී සමාගම මගින් මෙරට තුළ ස්ථාපිත කෙරුණු සමාගම් දෙකක් හරහා ක්‍රියාත්මක වන්නකි. ඉන් එක් සමාගමක් ඛනිජ වැලි ගවේෂණය සඳහා වන ගවේෂණ සහ කර්මාන්ත බලපත්‍රය හිමි සමාගම වන අතර, අනෙක ඛනිජ වැලි කැනීම සඳහා බලපත්‍රය හිමි සමාගමය.
ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරුණු සිය පූර්ණ හිමිකාරීත්වය සහිත Redgate lanka (Pvt) Ltd. නම් සමාගමක් හරහා කැපිටල් මෙටල්ස් පීඑල්සී සමාගම වෙත ඉහත සඳහන් සමාගම් දෙකෙහිම කොටස් හිමිකාරීත්වය හිමිය. මෙම Redgate lanka (Pvt) Ltd සමාගම මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යන සමාගමද වෙයි.
මෙහිදී ඇම්බියොන් කැපිටල් සමාගම මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යන අදාළ සමාගම වෙත සිදු කර ඇති ආයෝජනය රුපියල් මිලියන 600ක් බව පවසයි. එම ආයෝජනය ලබන ජූනි 04 වැනිදාට හෝ ඊට පෙර සිදු කිරීම සැලසුම වී තිබේ. අදාළ ආයෝජනය වෙනුවට කැපිටල් මෙටල්ස් සමාගම සිය කොටස් 59,701,000ක් ඇම්බියොන් කැපිටල් සමාගම වෙත නිකුත් කිරීමටද නියමිතව තිබේ. එය එම සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් සියයට 14.1 කි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇම්බියොන් කැපිටල් ඛනිජ වැලි ව්‍යාපෘතියක රු.මි. 600ක් ආයෝජනය කරයි