
මල්වත්ත පාර යනු පිටකොටුවේ වීදිවලින් එක්තරා ආරම්භයක් සනිටුහන් කරන වීදීයකි. සමහරු සිතන්නේ පිටකොටුවෙන් මල් මිලදී ගත හැක්කේ මල් වත්ත පාරෙන් කියාය. අද මල් නැතත් එදා මල්වත්තකින් මල්වත්ත පාර සුන්දර විය.
ඉංග්‍රීසින් රට පාලනය කරන සමයෙහි අලංකාර මල්ගොමුවලින් පිරි ප්‍රභූ නිවාස සංකීර්ණවලින් සමන්විතව තිබූ මේ මල්වත්ත පාරේ එදා තිබුණා යැයි කියූ කිසිදු සාක්ෂියක් අද දක්නට නැත. වර්තමානය වන විට මල්වත්ත පාරේ ඇසගැටෙන සුලබ දසුන වන්නේ නොයෙක් වර්ගයේ පාසල් බෑග්, ට්‍රැවලින් බෑග්, විවිධ වර්ගයේ සපත්තු හා නානා මාදිලියේ ඔරලෝසු වෙළෙඳසල්ය.
මේ ද්‍රව්‍යවලට මල්වත්ත පාර අද වෙන් වී ඇතත් කාලයක්ම පරපුරක් නැළවූ කැසට් පටයට ද මේ වීදිය නම් දැරූ වීදියකි. කලක් මේ වීදිය ගීත රසිකයන්ගේ කැසට් වීදිය විය. මේ දිනවල බිස්නස්වල තතු සෙවීමට් අප ළඟා වූයේ මල්වත්ත පාරේ පිහිටි යනුෂ්කා ට්‍රේඩ් සෙන්ටර් වෙතය. එහි හිමිකරු වූ ජීවරාජ් වීරයියා මහතා අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මේ බිස්නස් එක පටන් අරන් දැනට වසර 15 ක් වෙනවා. අපි ළඟ ඕනෑම මාදිලියක සපත්තු වර්ග තියනවා. ලංකාවේ නිෂ්පාදිත සපත්තු වගේම වෙනත් රටවලින් ආනයනය කරන ලද සපත්තු තියනවා. මේ දිනවල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් හොඳටම අඩුයි. ගිය අවුරුද්දට සාපේක්ෂව ගත්තාමත් මේ අවුරුද්දේ බිස්නස් අඩුයි. අවුරුද්දෙන් අවුරුද්ද බිස්නස් අඩු වෙනවා ඇරෙන්න බිස්නස්වල වැඩිවීමක් නෑ.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
ඇත්තටම බිස්නස් අඩු වෙන්න බලපාන හේතුවක් තමයි මිනිසුන්ට සල්ලි නෑ. පවතින ආර්ථික රටාව එක්ක හිතේ හැටියට වියදම් කරන්න බෑ. අත්‍යවශ්‍ය දේවල්වලට වියදම් කරලා තමයි අමතර වියදම් කරන්නේ. පිටකොටුව වුණාට සෙනග නෑ. වෙනදට මල්වත්ත පාර කියන්නේ සෙනග පිරුණු තැනක්. පාරිභෝගිකයන්ට දොස් කියන්න බෑ. මොකද මිනිස්සු අමරුවෙන් ජීවත් වෙන්නේ. සපත්තු මිල ගත්තාම මිලේ වැඩි වීමක් තියනවා. ඒකත් හේතු වෙනවා බිස්නස් අඩු වෙන්න. සේවක වැටුප් ගෙවලා අපිට ලාබ ලබන්න බෑ.
ශෂිකා අබේරත්න
ඡායාරූප: ඉසුරු පෙරේරා
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවුරුද්දෙන් අවුරුද්ද බිස්නස් අඩු වෙනවා - කොළඹ මල්වත්ත පාරේ යනුෂ්කා ට්‍රේඩ් සෙන්ටර් හිමිකරු ජීවරාජ් වීරයියා